(කාංචන කුමාර ආරියදාස)
සීගිරිය නැරඹීමට එන දෙස් විදෙස් සංචාරකයන්ට එල්ල වන බඹර ප්‍රහාර වලින් ආරක්ෂා කිරීම සඳහා නව ක්‍රමවේදයක් හඳුන්වාදීමට මධ්‍යම සංස්කෘතික අරමුදල හා පරිසර අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
ඒ අනුව සිංහ පාදය ආසන්නයේ යකඩ බට සිටුවා කොහු ලණු වලින් සැකසූ දිගැති ලණු වලින් සැකසුණු දිග පැදුරක් වැනි දෙයක් එල්ලා ඇති ආකාරය දැක ගැනීමට හැකි විය.
මෙම බඹර ආවරණය ඉදිකිරීම් කටයුතු 27 වැනි දා අවසන් වූ බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ සීගිරි ව්‍යාපෘතියේ නිලධාරීහු පවසති. පසුගිය කාලයේ දිගින් දිගටම දෙස් විදෙස් සංචාරකයන්ට සීගිරිය සිංහ පාදය ආසන්නයේදී බඹර ප්‍රහාර වලට ලක්වන්නට සිදු විය.
පරිසර අමාත්‍යාංශයේ නියමු ව්‍යාපෘතියක් ලෙස බඹර කලාප සහ සංචාරක කලාප වෙන් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කළ බවත් මෙම ලණු පැදුරු දිගේ බොකල වැල් සිටුවා බඹර කලාපයක් සහ සංචාරක කලාපයක් වෙන් කරන බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන මහතා පැවසීය.
බොකල නැමති වැල් මේ සඳහා උපයෝගී කර ගැනීමට පරිසර පරීක්ෂණ කණ්ඩායමක් ඉදිරිපත් වී සිටින බවත් හෙතෙම සඳහන් කළේය.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකත් තව පිස්සු වැඩක් වගෙයි පෙනෙන්නේ.
කුකුළු දැල් වැනි දැලකින් ගමන් මග ආවරණය කරන්න . අව්වත් අඩු වෙනවා .
අනේ මෙහෙමත් ගොන් වැඩ. පය බරවාවට පිටකර බෙහෙත් බැන්දාසේ. සීගිරියේ තියෙන ලස්සන නැතිවෙනවා ඔය කරපු වැඩෙන්. කම්බි බට දාලා කොච්චර කැතද? වෙන කරන්න දෙයක් තිබ්බේම නැද්ද?