(රංජිත් රාජපක්ෂ)
හැටන් සිංගිමලේ රක්ෂිතයේ නැගෙනහිර මයිමේ කදු මුදුනේ හටගත් ගින්න පාලනය කිරීමට ගුවන් හමුදාවේ බෙල් 212 හෙලිකොප්ටර් යානයේ සහය ලබාගෙන තිබේ.
අද පස්වරුවේ රක්ෂිතයේ කඳු මුදුනේ ගින්නක් හටගෙන තිබු අතර, ගින්න පැතිර ගිය ස්ථානයට කිසිවෙකුටත් ළගාවීමට නොහැකි නිසා ගින්න පාලනය කිරීමට ගුවන් හමුදාවේ සහය ලබා ගත් බව පොලීසය කියයි.
ගුවන් හමුදා හෙලිකොප්ටර් යානය කාසල්රි ජලාශයෙන් සිව්වතාවක් ජලය රැගෙනවිත් සිංගිමලේ කදු මුදුණට ඉහළ ගුවනේ සිට ගින්න පැතිර යන ස්ථානයට ජලය ඉස පැතිර යමින් තිබු ගින්න පාලනය කිරීමට සමත් විය.
ගින්නෙන් එම රක්ෂිතයේ අක්කර 10 ක පමණ කොටසක් ගිනිගෙන විනාශ වී තිබුණි.
තවදුරටත් මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට පවතින වියළි කාලගුණයත් සමග රක්ෂිත වලට ගිනි තැබිම් බහුල වී ඇති බව පරිසර සංවිධාන පෙන්වා දෙයි.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවසර...!! කෝ අපේ මහා සඟරුවන වැසිපිරිත් කිව්වා නම් හොඳයි නේද, දේශපාලුවන්ට කඩේ ගිහිල්ලා දැන් ඒවත් අමතකද?
ගස්වලට, ඉඩම්වලට ආසා අයගේ ලැව් ගින්නක් වෙන්න ඇති... ඉබේම ගිණි ගත්තා. මට ප්‍රශ්නේ ආණ්ඩුව විසිරෙව්වාට පස්සේ ඕක කරන්න බලවත් වුණේ කව්ද කියලයි.