IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


සෞඛ්‍ය නීති කැඩූ දඹුල්ල ආර්ථිකයේ කඩ පහක් වහයි

(කාංචන කුමාර ආරියදාස)

දඹුල්ල විශේෂිත ආර්ථික  මධ්‍යස්ථානය දැඩි සෞඛ්‍යය කොන්දේසි මත විවෘත කොට පැයක්  ගතවීමටත් මත්තෙන්  සෞඛ්‍යය නීති කඩකළ වෙළඳසැල් පහක් වසා දැමීමට නාගරික සෞඛ්‍ය ඒකකය විසින්  පියවර ගනු ලැබීය.

එළවළු ගොවීන්ගේ නිෂ්පාදන අලෙවි කර ගැනීම සහ ජනතාවට අවැසි එළවළු ලබා  ගැනීම සඳහා රජය දැඩි කොන්දේසි මාලාවක් ඔස්සේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය අද අලුයම පහට විවෘත කරනු ලැබීය

ආර්ථික මධ්‍යස්ථානයට මෙදින අළුයම් කාලයේ එළවළු ගොවීන් විසින් තම අස්වැන්න රැගෙන විත් තිබුණු අතර දැඩි සෞඛ්‍යය නීති යටතේ මෙම පිරිස් ආර්ථික මධ්‍යස්ථානයට ඇතුළු කර ගැනීම්ට පියවර ගනු ලැබීයය.

ඒ අනුව එක වෙළඳසසැලකට සේවකයන් හතර දෙනා බැගින් පි.සි.ආර්   පරීක්ෂණ සිදු කොට නිරෝගී පුද්ගලයන් පමණක් ඇතුළත් කර ගැනීම සිදු කළේය.

එම අවස්ථාවේදී ද බොහෝ සේවකයන් එක්රැස් වනවාත් සමඟ පොලිසිය පැමිණ එම පිරිස් මීටර් දෙකක දුර පරිමාවෙන් තබා ගන්නා ලෙස අවවාද කිරීමට සෞඛ්‍ය අංශ පියරගත්තේය.



අදහස් (0)

සෞඛ්‍ය නීති කැඩූ දඹුල්ල ආර්ථිකයේ කඩ පහක් වහයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 542 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 274 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site