(සටහන සහ ඡායාරූප - කරන්දෙණිය එම් .සුසිල් ප්‍රියන්ත )
කොවීඩ් -19 වසංගතය හේතුවෙන් සෞඛ්‍ය නීති පිළිපදිමින් පෙරහුරු මැතිවරණයක් අද (7 ) පෙරවරු 10 සිට දහවල් 12 දක්වා අතිරේක මැතිවරණ කොමසාරිස් රසික පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් අම්බලන්ගොඩ විලේගොඩ ධම්මයුක්තිකාරාම විහාරස්ථ ධර්ම ශාලාවේදි පැවැත්විණි.
ඡන්ද දායකයින් 200 දෙනෙකු පමණ මේ සඳහා සහභාගි කරගනිමින් සහ සෞඛ්‍ය නීති අනුගමනය කරමින් ඡන්ද මධ්‍යස්ථාන පවත්වාගෙන යාමේදී මතුවිය හැකි ගැටලු හඳුනා ගැනීම මේ වැඩපිළිවෙලේ ප්‍රධාන අරමුණ විය.
දුරස්ථභාවය පවත්වාගෙන යමින්, මුඛ ආවරණ හා විෂබීජහරණ දියර භාවිතා කරමින් ජාතික හැඳුනුම්පත් අතින් නොඅල්ලමින් යනාදී වූ සෞඛ්‍යාරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් මේ මැතිවරණ පෙරහුරුව පැවැත්විණි.









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විකාරයක්.
මේ වගේ වදවිඳල, කාටද බලය දෙන්නේ? පත්වෙන අයට දෙන්නේ මොකක්ද?
වැඩිපුර විකාර පෙන්වන්න ගියොත් ඡන්දය දාන්න ඡන්ද දායකයන් ඒවිදැයි සැකයක් ඇති වෙනවා. ඔච්චර බයනම් සුපර්මාකට් වලින් බඩු බාහිරාදිය ගෙනිහිල්ල කන්නේ බොන්නේ, ගමනාගමනය පරිහරණය කරන්නේ, රැකියා කරන්නේ කොහොමද?