ශ්‍රී ලංකාවාසී ජනතාවට සාමය සහ සතුට ප්‍රාර්ථනා කරමින් විශේෂ ආගමික පූජාවන් දෙකක් නවසීලන්තයේ හේස්ටිංග්ස් නුවර, තායි බෞද්ධ මධ්‍යස්ථානයේදීත්, නේපියර් නගරයේ ශා. මේරි දේවස්ථානයේදීත් අද (27 සෙනසුරාදා) පවත්වන ලදි. හේස්ටිංස් සහ ඒ අවට පදිංචි ශ්‍රී ලාංකික පවුල් විශාල ගණනක් සහ ඔවුන් හා සබැඳි විවිධ ජාතීන්ට අයත් හිතවත්හු රැසක්ද ඊට සහභාගී වී සිටියහ.

ඒ අතර හේස්ටිං හා නේපියර්හි වැඩබලන නගරාධිපති ෆායේ වයිට් සහ හේස්ටිං හි නියෝජ්‍ය නගරාධිපතිනි ටානියා කර් දෙදෙනා ද පැමිණ සිටියහ.

ඡායාරූප - ඉන්ද්‍රනාථ තේනුවර