(උපුල් තම්මිට )
සංඝමිත්තා තෙරණින් වහන්සේ ශ්‍රී මහා බෝධින් වහන්සේගේ දක්ෂිණ ශාඛාවක් රැගෙන ශ්‍රී ලංකාවට වැඩම කිරීම හා ලංකාවේ භික්ෂූණී ශාසනය ආරම්භ වූ උදුවප් පුන් පොහොය යෙදෙන අද අනුරාධපුර ජයශ්‍රී මහා බෝධිය අභියස විශේෂ පිංකම් රැසක් පැවැත්විණි.
දින කිහිපයක සිට අනුරාධපුරයට පැවති අධික වර්ෂාවද නොතකා උවැසි උවැසියෝ විශාල පිරිසක් ජය ශ්‍රීමහා බෝධින් වහන්සේ අභියස පෙහෙවස් සමාදන්ව සිටියහ.
අද අලුයම් කාලයේ ජයශ්‍රීමා බෝසමිදුන් වෙනුවෙන් පැවති විශේෂ කිරිපිඩු දානයෙන් අනතුරුව පැමිණ සිටි උවැසි උවැසියෝ පෙහෙවස් සමාදන් වූහ.
අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස නායක හිමියන්ගේ අනුශාසකත්වයෙන් විශේෂ ආගමික වැඩසටහන් රැසක් අද දවස පුරාවට පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර බැතිමතුන්ගේ පහසුව තකා දන්සැල් රැසක්ද සංවිධානය කර තිබේ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ භික්ෂුණීන් වහන්සේලාට සමතැනක් නැහැනේ... දැන් පහුගිය දවස්වල වේදිකාවල නැගලා දෙපැත්තටම කතාකළ භික්ෂූන් වහන්සේලා එකට එකතුවෙලා භික්ෂූනී ශාසනයට සමතැනක් දෙන්න සාකච්ඡාවක් කරන්න පුළුවන්. නැතිනම් දණහිස් ගෙවෙනකම් වැඳ වැඳ හිටියට මනුෂ්‍යත්වයට කිසිම වැඩක් වෙන්නේ නැනේ...
ලංකාවේ භික්ශුනී වහන්සේලා නෑ. ඉන්නේ දස සිල් මාතාවන්. භික්ශුනී උපසම්පදාවට උපසම්පදාව ලත් භික්ශුනී අවශ්‍යයි. නමුත් භික්ශුනී සාසනය මා දන්නා තරමින් ලෝකේ කොහේවත් දැන් නෑ..
මට පේන විදිහට දහමට ලැදි කාන්තාවන් පමණයි.