(උපුල් තම්මිට )
සංඝමිත්තා තෙරණින් වහන්සේ ශ්‍රී මහා බෝධින් වහන්සේගේ දක්ෂිණ ශාඛාවක් රැගෙන ශ්‍රී ලංකාවට වැඩම කිරීම හා ලංකාවේ භික්ෂූණී ශාසනය ආරම්භ වූ උදුවප් පුන් පොහොය යෙදෙන අද අනුරාධපුර ජයශ්‍රී මහා බෝධිය අභියස විශේෂ පිංකම් රැසක් පැවැත්විණි.
දින කිහිපයක සිට අනුරාධපුරයට පැවති අධික වර්ෂාවද නොතකා උවැසි උවැසියෝ විශාල පිරිසක් ජය ශ්‍රීමහා බෝධින් වහන්සේ අභියස පෙහෙවස් සමාදන්ව සිටියහ.
අද අලුයම් කාලයේ ජයශ්‍රීමා බෝසමිදුන් වෙනුවෙන් පැවති විශේෂ කිරිපිඩු දානයෙන් අනතුරුව පැමිණ සිටි උවැසි උවැසියෝ පෙහෙවස් සමාදන් වූහ.
අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස නායක හිමියන්ගේ අනුශාසකත්වයෙන් විශේෂ ආගමික වැඩසටහන් රැසක් අද දවස පුරාවට පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර බැතිමතුන්ගේ පහසුව තකා දන්සැල් රැසක්ද සංවිධානය කර තිබේ.




2025 දෙසැම්බර් මස 18
208
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
167
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
967
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ශ්‍රී ලංකාවේ භික්ෂූණී ශාසනයේ ආරම්භය සමරා පිංකම්
vidya Thursday, 12 December 2019 12:36 AM
ලංකාවේ භික්ෂුණීන් වහන්සේලාට සමතැනක් නැහැනේ... දැන් පහුගිය දවස්වල වේදිකාවල නැගලා දෙපැත්තටම කතාකළ භික්ෂූන් වහන්සේලා එකට එකතුවෙලා භික්ෂූනී ශාසනයට සමතැනක් දෙන්න සාකච්ඡාවක් කරන්න පුළුවන්. නැතිනම් දණහිස් ගෙවෙනකම් වැඳ වැඳ හිටියට මනුෂ්‍යත්වයට කිසිම වැඩක් වෙන්නේ නැනේ...
ශාන් Thursday, 12 December 2019 08:51 PM
ලංකාවේ භික්ශුනී වහන්සේලා නෑ. ඉන්නේ දස සිල් මාතාවන්. භික්ශුනී උපසම්පදාවට උපසම්පදාව ලත් භික්ශුනී අවශ්‍යයි. නමුත් භික්ශුනී සාසනය මා දන්නා තරමින් ලෝකේ කොහේවත් දැන් නෑ..
Nelum Friday, 13 December 2019 08:03 AM
මට පේන විදිහට දහමට ලැදි කාන්තාවන් පමණයි.