







(එච්.චන්දන)
පෝතක, කනිෂ්ඨ, ජ්‍යෙෂ්ඨ බාලදක්ෂ හා බාලදක්ෂිකාවන්, මානව බාලදක්ෂයින් පුහුණු කිරීම හා බාලදක්ෂ ව්‍යාපාරයේ සියලු ක්‍රියාකාරකම් එකම ස්ථානයකදී කිරීමේ අරමුණින්, හලාවත - මනක්කුලම ගිල්වෙල් උද්‍යානයේදී දිවයිනේ ප්‍රථම බාලදක්ෂ පාසල විවෘත කර තිබේ.
ලෝකයේ විවිධ රටවල ස්ථාපනය කර ඇති summer Camp අකාරයට මෙහි පුහුණු කිරීමට බලාපොරොත්තු වන බව මෙම බාලදක්ෂ පුහුණු පාසලේ නිර්මාර්තෘ හලාවත දිසාවේ හිටපු දිසා කොමසාරිස් අචාර්ය චම්පික රෝෂන් ලෝ මහතා සඳහන් කරයි.
බාලදක්ෂ ව්‍යාපාරයට විශාල සේවාවක් කළ හලාවත දිසාවේ හිටපු කීර්තිමත් දිසා කොමසාරිස්වරයකු වූ දිවංගත ආචාර්ය එස්.රාජගුරු මහතා නමින් මෙම ස්ථානය නම් කර ඇත.
බාලදක්ෂ පාසලට පැමිණි සියලු දරුවන් හලාවත දිසා බාලදක්ෂ කොමසාරිස් නලින් රවීන්ද්‍ර මහතා ඇතුළු පිරිස විසින් පිළිගන්නා ලදී. බාලදක්ෂ පාසල ආරම්භ කිරීමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා වූ මූලස්ථාන කොමසාරිස් හා නුවරඑළිය වැඩ බලන දිසා කොමසාරිස් දීපාල් ගුණවර්ධන හා ජ්‍යෙෂ්ඨ පුහුණු නායක සනත් රෝහණ මහතා අතුළු පිරිස යෂ්ටි ආචාරයෙන් බාලදක්ෂියන් හා බාලදක්ෂිකාවන් විසින් පිළිගන්නා ලදී.
සමස්ත ලංකා මානව හිමිකම් සම්මේලනය මගින් මෙම ප්‍රඡා සත්කාරයක් ලෙස බාලදක්ෂ පාසලේ කටයතු සදහා අනුග්‍රහය ලබා දෙයි.
2025 දෙසැම්බර් මස 18
273
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
184
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
991
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ශ්‍රී ලංකාවේ ප්‍රථම බාලදක්ෂ පාසල විවෘත කරයි
විජිත් Monday, 06 July 2020 11:03 AM
අගනා අදහසක් ක්‍රියාවට නැංවීමක්. මේ අප සිටින්නේ බාල දක්ෂ ක්‍රියාකාරකම් වෙනදාටත් වඩා බෙහෙවින් අවශ්‍යව ඇති යුගයකයි. ආරම්භයේදී පටන්ම බාලදක්ෂයා විනය ගරුක, ඒ වගේම ඕනෑම අවදානම් අවස්ථාවකදී ඊට මුහුණදීමට පෙරමුණ ගැනීමට පුහුණු කරනවා. පිහිටක් අවශ්‍ය කෙනෙකුට පිහිටක් වීම ඔහුගේ මුලික ඉගැන්වීමක්. එහිදී ජාති, ආගම් කුලමල වැනි නොවටිනා නිස්සාර "බමුණු මත " ඔහු බැහැර කරයි.. එදා මම චූටි කාලේ මම හොඳින්ම දන්නා බාල දක්ෂ මිතුරන් කිහිප දෙනෙක් ගැන අදටත් මට අසන්නට ලැබෙන්නේ ඉතාමත්ම සතුටුදායක පුවත්ය. මගේ මේ ආචාරය ඔවුන්ටයි. යම් ලෙසකින් පාසලේ සිසු සිසුවියන් සියලු දෙනාවම බාලදක්ෂයින් ලෙස හැඩගැස්සවීමට හැකිනම් අපේ රටේ අනාගතය ඉදිරියේදී ඉතාමත්ම සුබවාදී වේවි. බාලදක්ෂ ක්‍රියාකාරකම්වලදී.. සමාජයේදී අපට හමුවෙන සියලුම අභියෝගයන්ට මුහුණ දෙන අාකාරය ප්‍රායෝගිකවම පහදා දෙනවා. වරක් මහාචාර්ය රාජ් සෝමදේව මහතා කීවා " දැන් කාලේ තරුණයෙකුට හදිස්සියකදී ගසකට නගින්න දන්නේ නැහැ... ගැටයක් ගසාගන්න දන්නේ නැහැ..."කියලා. ඔවුන් බාලදක්ෂයන් වී සිටියානම් මේ සියලු දැනුම් සම්භාරයන්ගෙන් ඔවුන් පොහොසත් බව ප්‍රායෝගිකවම විදහා දැක්වීමට හැකියාව තිබුණා.
එන්.එන්.අබේසුන්දර Wednesday, 06 October 2021 11:44 PM
ඇත්තටම ඉතා ම වටිනා අදහසක්.....හොඳ ආරම්භයක්......නමුත් මම දකින විදියට බාලදක්ෂ කියන දේ බොහෝ දුරට ව්‍යාප්ත වෙලා තිබෙන්නෙ බොහෝ වශයෙන් නාගරික පාසල් වල.....නමුත් මම හිතනවා එය නගරෙට විතරක් සීමා නොවී ග්‍රාමීය මට්ටමෙනුත් ග්‍රාමීය පාසල් වලත් ආරම්භ කරලා ඒවායේ ඉගෙනුම ලබන සිසු සිසුවියන්ටත් අත්දැකීම් ලබා දෙන්න කටයුතු කරනවානම් ගොඩාක් හොඳයි කියලා.....
chamod raveen Wednesday, 06 October 2021 11:54 PM
හොඳ වැඩක් .බාලදක්ෂ ළමයෙක්ගේ ලොකු විනයක් තියනවා .ඒගොල්ලොන්ගේ ආකල්ප ගොඩක් හදනවා මේ කඳවුරු ජීවිතය තුලින් .ලංකාවේ මිනිස්සුන්ගේ නැතිම දෙයක් .ලංකාවේ හැම පාසලක්ම වගේ මේකට ජොයින් කරගෙන කරන්න පුලුවන්නම් ලොකු දෙයක්