IMG-LOGO

ශ්‍රී ලංකා නාවික හමුදාවට තවත් අධිතාක්ෂණික නෞකාවක්

අමල් වික්‍රමරත්න

ඉන්දියාවේ ගෝව නැව් තටාංකාංගණයේ  ශ්‍රී ලංකා නාවික හමුදාව වෙනුවෙන් නිෂ්පාදනය කරන ලද දෙවන අධිතාක්ෂණික ගැඹුරු මුහුදු නිරික්ෂණ නෞකාව නිල වශයෙන් භාර දීම එම නැව් තටාංකාංගණයේ දී සිදු කෙරිණි.

මෙම සුවිශේෂි අවස්ථාවේදී ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්  චිත්‍රාංගනී වාගිෂ්වර සහ ගෝව නැව් තටාංකාංගණයේ සභාපති සහ කළමණාකාර අධ්‍යක්ෂ රියර් අද්මි‍රාල් (විශ්‍රාමික) ශේකර් මිතල් මහතා විසින් ශ්‍රී ලංකා නාවික හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් නීල් රොසයිරෝ මහතා වෙත නිල වශයෙන් නෞකාව භාර දෙන ලදී.

මෙම අධිතාක්ෂණික නෞකාව නිෂ්පාදනය කිරීමේ කටයුතු 2014 වසරේදි ගෝව නැව් තටාකාංගණයේදී ආරම්භ කරන ලද අතර, එමඟින් ශ්‍රී ලංකා මුහුදු සීමාව තුළ මුර සංචාර සිදු කිරීම, සෝදිසි මෙහෙයුම්, මානුෂිය සහන සහ ආපදා ප්‍රතිචාර මෙහෙයුම්, සමුද්‍ර දුෂණ වැලැක්වීමේ මෙහෙයුම් සිදු කිරීමට නියමිතව ඇත.


 



අදහස් (10)

ශ්‍රී ලංකා නාවික හමුදාවට තවත් අධිතාක්ෂණික නෞකාවක්

maaraya Friday, 23 March 2018 03:48 PM

ජී.පී.එස් ට්‍රැකින්... සවුන්ඩ් රේකොඩින්, ස්පයි, මේ ඔක්කොම ෆික්ස් කරලා ඇත්තේ. අපේ අයත් ඉතින් උඩදාළා ගන්නේ. චීන්නු දුන්නු ඇමතිලාට ලැප්, කට්ටිය මේල් ගහනවා ඇති ඔක්කොම ට්‍රැක් වෙනවා ඇති අගේට...

:       4       187

upaliSaturday, 24 March 2018 05:10 AM

ඇත්ත තමයි. සහතිකමයි. ඔන්න පැණි බොනවාලු..

:       0       14

appuhamy Friday, 23 March 2018 09:36 PM

ඉන්දියාවට ජයවේවා !!! ජය හේ! ජය හේ!! ජය හේ!!! ශ්‍රී ලංකා.

:       0       1

lal Saturday, 24 March 2018 02:00 AM

මිලදී ගත්තාද? ඉන්දියානු ත්‍යාගයක්ද?

:       0       0

janatha anura Saturday, 24 March 2018 03:29 AM

මාරයා එහෙම නම් තමුන්ගේ නිෂ්පාදනයක් කරන්න වේවි... නමුත් අහල තියෙන විදියට නම් මේ රටේ මිනිස්සු අැල්පෙනෙත්තත් පිට රටින් ගේනවලු, කකුලෙන් අදිනවලු, අනුන් හදන ඒවායේ වැරදි විතරක් කතා කරන්න හපනුන්ලු

:       0       113

sampath Saturday, 24 March 2018 05:38 AM

මේක කොළඹ ඩොක් යාර්ඩ් එකේ හදන්න බැරිද? අනෙක් ඩොක් යාර්ඩ් එකේ ජපන් තාක්ෂණය යොදා ගෙන නැව් හදන්නේ... එයාලා තමයි වේග ප්‍රහාරක යාත්‍රාව හැදුවෙත්... අලියා බෝට්ටු කියන ටුග් බෝට්ටුව හැදුවෙත්..

:       1       132

casmir Saturday, 24 March 2018 07:56 AM

ලැබෙන කොමිස් වැඩිනම් අපේ මිනිස්සු ඔය කිසිම දෙයක් ගැන හිතන්නේ නැ.. වැඩියෙන්ම රට විකුණන්නේ ලංකාවේ විශ්ව විද්‍යාලවලින් නිදහස් අධ්‍යාපනය ලබලා ආණ්ඩුවේ තනතුරු වල ඉන්න කට්ටිය... හැබැයි වැඩියෙන්ම කන්නේ දේශපාලකයින් ... අපරාදේ රට ඉවරියි.. රට විකුණලා හරි කමක් නැහැ. හම්බ කරගෙන වෙන රටකට ගිහින් ලොකු කතා කියනවා ..

:       0       108

imesh Saturday, 24 March 2018 07:37 AM

නිකන් ද මේවා දෙන්නේ? සල්ලි වලට ගත්තම මෙච්චර නටන්න ඕනෑද?

:       0       9

tikiri Sunday, 25 March 2018 11:11 AM

අද යුද්ධයකුත් ලංකාවේ නැතිව මේවා මොකටද? අවුරුදු 40ක් පරණ නැව්වලින් කිලෝමීටර දහස් ගණන් ගිහින් කොටි නැව් විනාශ කළ අපේ නාවික හමුදාවට එදා වත් මේවා අවශ්‍ය වුනේ නැහැ...

:       0       6

Bamunuarachchi Wednesday, 28 March 2018 01:06 AM

ඉන්දියාවෙන් අධි තාක්ෂණ නැවක්? එතකොට ඇමරිකන්, ජර්මන්, රුසියානු නැව්? ලෝකෙට බුද්දාගම හැරෙන්නට වටිනා කිසිම දෙයක් ඉන්දියාවෙන් ලැබුනේ නැත.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 332 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 503 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 200 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site