

(ඡායාරූප - ගාමිණී බණ්ඩාර)




(ඡායාරූප - රංජිත් රාජපක්ෂ)
(රංජිත් රාජපක්ෂ සහ ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)
ශ්‍රී පාද රක්ෂිතයේ සැරිසැරූ කළු කොටියෙකු(පැන්තරාස් පාදුස්) අද (26) මන්දකට හසු වී ඇති බව නල්ලතන්නිය වනජීවී කාර්යාලයේ වන සත්ව අඩවි ආරක්ෂක ප්‍රභාෂ් කරුණාතිලක මහතා පැවසීය.
නල්ලතන්නිය පොලිස් වසමට අයත් ලක්ෂපාන වතුයායේ වාලමලෙයි කොටසේ වතු කොවිල අසළ එළවළු වගා භූමියක කිසියම් පිරිසක් විසින් වන සතුන් දඩයම් කිරීම සඳහා අටවන ලද මන්දකට කළු කොටියා හසුවී සිටියේය.
දිගින් අඩි 6 ක් සහ උස අඩි 4 ක් පමණ වන, අවුරුදු 8 ක් පමණ වයසැති කළු කොටියා හොදින් වැඩුණු කොටියෙකු බව වනජීවි නිලධාරීහු කියාසිටියහ.
කොටියෙකු කෑ ගසන ශබ්දය ඇසී වතු කම්කරුවන් ඒ පිළිබඳව නල්ලතන්නිය වනජීවී කාර්යාලයේ නිලධාරීන්ට කළ දැනුම්දීමකට අනුව, ඔවුහු එහි පැමිණ සොයාබැලූහ. වනජීවි නිර්වින්දන පශු වෛද්‍යවරයාගේ සහය ඇතිව මන්දට හසු වී සිටින කළු කොටියා මුදා ගැනීමට හැකි වූ බව ප්‍රභාෂ් කරුණාතිලක මහතා කියා සිටියේය.
ජාන විකෘතියක් මත හැදුණු පන්තරා පාදුස් වාර්ගයේ කළු කොටින් 1% ක් පමණ ශ්‍රී ලංකාවේ රක්ෂිතවල ජීවත් වන බවත් , ශ්‍රී පාද රක්ෂිතය ආශ්‍රිතව කළු කොටින් ඉතාමත් සුළු ප්‍රමාණයක් සිටින බවත් , මෙම සත්වයින් වඳවීමේ තර්ජනයට ලක්ව සිටින ඉතා දුර්ලභ වර්ගයේ සත්වයෙකු බවත් කරුණාතිලක මහතා වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ කොහොම හරි මේ සතාගේ ජීවිතය බේරගන්න..
කඩිනමින් මෙම සතුන් සංරක්ෂණය කිරීමට පියවර ගන්න.
හැමමාසෙම වගේ මේවගේ කොටියකු මන්දකට අසුවී බොහෝ විට මියයනවා.. එ්ත් අපේ පොලිසිය, වනජීවි එකට කිසිම හැකියාවක්, වුවමනාවක් නැහැ... මේවා අටවන මස් වැද්දන්ව අල්ලන්න... එම ගමේ ඔක්කොම දන්නවා ඇති මේ විදිහට උගුල් අටවන්නේ කවුද කියලා...
දැන් එතකොට ලෝකෙම ඉන්න පැන්තර්ලා ජාන විකෘති වෙලා බිහිවුණු සත්තුද?
(2 කොටස) මේ සත්වයා සාමාන්‍ය කොටි දෙනක හා එක්වී පැටවුන් ලබනවා වගේම ඒ පැටවුන් අතරෙන් සමහරවිට එක පැටියෙක්වත් පියාගේ සමේ පැහැය ලබාගන්නත් සම්භාවිතාවයක් තියෙනවා. ඔබ දන්නවා අපේ සමේ පවා කළු පැහැය ලබාදෙන මෙලනින් වර්ණකය තියෙනවා කියලා. ඒ මෙලනින් වර්ණකය පාලනය කරන 'ජානයේ" විකෘතිතාවයක් ඇතිවී මෙලනින් වැඩිපුර ඇතිවීමෙන් තමයි මෙයාගේ මේ "බුල් සුට්" එක කලුපාට වෙලා තියෙන්නේ... පරිසරය අනුවත් කොටින්ගේ සමේ පැහැයේ සුළු වෙනස්කම් ඇතිවෙන්න පුළුවනි. වියලි දේශගුණික තත්වයන් ඇති ප්‍රදේශවල ජීවත්වන කොටින් කහ පැහැයක් ගන්න අතර තෙත් හෝ අතරමැදි ප්‍රදේශවල ජීවත්වන මේ සත්වයින්ගේ පැහැය මදක් අඳුරු ස්වභාවයක් ගනී. කෙසේවෙතත් අද 'මන්දකට ' හසුවී දිවි බේරාගත් කළු කොටියා ඉතාමත්ම වාසනාවන්තයෙක්.... සොභාව ධර්මයේ දායාදයන් රැසකගෙන් පිරුණු මේ වාසනාවන්ත රට " අනවශ්‍ය කාර්මීකරණය ", නූගත් දේශපාලුවන්ගේ ක්‍රියාකාරකම්, කැලෑ පාලුවන්, දඩයම්කරුවන්... වැනි සමාජ විරෝධී හේතුන් නිසා ටිකෙන් ටික අපට අහිමිවී යනවා... සොබාදහමේ අනතුරු ඇඟවීමක් ලෙස අපව ලොක් ඩවුන් කළ "කොරෝනා" වයිරසය අපට කියාදුන්නේ කුමක්ද..? පරිසරයට ආදරය කරන්න, පරිසරය ඔබව ආදරයෙන් රැකගනීවි..
හුස්ම උඩට අල්ලාගෙන මේ ප්‍රවෘත්තිය කියැව්වේ. අන්තිමට දැක්කා මේ සතාව මන්දෙන් නිදහස් කර ගත්තා කියලා. බ්ලැක් පැන්තර් කියන්නේ අතිදුර්ලභ දිවියන් වර්ගයක්. වෙනරටක නම් මේ සතුන් වෙනුවෙන්ම වෙනම කණ්ඩායමක් දානවා ආරක්ෂාවට. ඔවුන් ගැවසෙන ස්ථාන ආරක්ෂක කලාප හැටියට නම් කරනවා. මේ අහුවෙලා තියෙන තැන දැක්කාම පේනවා මේ කළු දිවියාගේ ආරක්ෂාවට ලොකු තර්ජනයක් තියෙනවා කියලා...
(1 කොටස) සොබා දහමේ සුන්දරම නිර්මාණයක් වන මේ කළු කොටින් ගැන ස්පිට්ල් දොස්තර මහත්මයාගේ "සුදු ගෝනා "කෘතියෙත් සඳහන් වෙනවා.ඒ වගේම ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා සතුව තිබු විශේෂිතවූ සත්ව උද්‍යානයකත් කළු කොටින් සිටිබව කියනවා. කාලයකට ඉහතදී මන්දකට හසුවී (මගේ මතකයේ හැටියට දෙනියාය පැත්තේ) මිය ගොස් සිටි කළු කොටියා සංරක්ෂණය (taxidermy) කර වනජීවී කෞතුකාගාරයක (ගිරිතලේ) තැන්පත් කර තියෙනවා. ඒ එසේවුණත් පසුගිය වසරේ අග හෝ මේ වසරේ මුලදී වනජීවී විද්‍යාඥයෙකු වන දොස්තර අබේවර්ධන මහතාගේ කණ්ඩායම සවිකළ trap camera හෙවත් දුරස්ථව ක්‍රියාකරන චලන කැමරාවක සටහන් වී තිබුණා.. හොඳින් වැඩුණු කළු කොටියෙක්ගේ සජීවී දර්ශනයක්... මෙයාගේ සම අපට ඈතට කළුම පාටින් පෙනුනත් ඉතා සමීපව පරික්ෂා කිරීමේදී පෙනියනවා කළු පසුබිමේ කහ-කළු පුල්ලි රටාවක් මෙයාගේ චර්මය පුරාම පැතිරිලා තියෙන හැටි. මේ සාමාන්‍ය කොටියෙක් (උප විශේෂයක්වත් නොවෙයි). නමුත් එයාගේ සමේ වර්ණක වලට බලපාන 'ජානයක' විකෘතියක් නිසා එයා සුවිශේෂී කෙනෙක් වුණා. නමුත් අනිකුත් සාමාන්‍ය කොටින් සමග මෙයා ඉතාමත්ම සාමකාමිව හැසිරෙනවලු.
මට නම් මෙයාව දැක්ක ගමන් මතක් උනේ ,The Jungle Book එකේ බගීරා ( black panther ) කියන චරිතයයි.
වනජීවී නිලධාරීන් මෙයාව බේරාගෙන ප්‍රතිකාර කර නැවතත් වනයට මුදා හැරිය බව මෙහිම වෙනත් තැනක පලවී තිබුණා. හරිම සතුටුයි එයාගේ පණ බේරා සුපුරුදු පරිසරයට එයාව මුදා හැරීම ගැන....
වනජීවියේ හොඳවැඩක්... බොහොම ස්තුතියි...!!!
මේවට වග කියන්න ඕනෑ ලංකාවේ නූගත් දේශපාලකයන් සහ ඔවුන් පත් කරගන්න නූගත් මිනිසුන්. විශේෂයෙන් උගත් යයි සිතාඉන්නා නූගතුන්. පොලිසිය දඩයක්කාරයන් අල්ලන්න ඕනෑද? මිනිස්සු දැනුවත් කරන්නේ කොහොමද? මිනිස්සු කැලෑවල ගෙවල්/ වගාකරන එක නවත්වනවද? මිනිස්සුනට ජීවත්වෙන අාදායම් මාර්ග සකස් කරන ප්‍රතිපතති හදන්න තමයි දේශපාලකයන් ඕනෑ... ලංකාවේ ඉන්නා 5පාස් නැති දේශපාලුවන්ට ඕවා තේරේවිද?
විජිත් මහත්මාණෙනි, ඔබතුමාගේ අදහස් ඉතාමත් විශිෂ්ටයි. දඩමස් සොයා යන්නන්ගෙන් පරිසරයට සිදුවන එක විනාශයක් තමයි මේ. ගස් කැපීම ,ගල් කැඩීම, බොරළු කැපීම, වැලිගොඩ ඇදීම ප්‍රවාහනය, මේවා තමයි අප රටට, කොරෝනා වගේ වයිරස් ගෙනෙන්න එක හේතුවක්. මේ අහිංසක කොටියා පාර්ලිමේන්තුවට ගෙනත් බැස්සුවා නම් දඩමස් හොයන මැති ඇමතිවරු ගණන අඩුවෙන්න තිබුණා...
මේ සතා මේවගේ මිනිස්සු ඉන්න ස්ථානයකට සුදුසු නෑ. යාල විල්පත්තු වගේ ලොකු කැලයකට දැම්ම නම් හොඳයි.. ටිකකලක් යනකොට රස්නෙට හුරුවෙයි. එතකොට ඒ තැන්වලත් පැන්තර්ලා බලන්න පුළුවන්....
ඇත්තටම ඊයේ රෑ මේ ප්‍රවෘත්තිය බලනකොට හුස්ම හිර වුණා වගේ තමයි දැනුනේ.. අන්තිමේ එයාව බේරා ගත්තා කියලා දැක්කම තමයි හිතට සතුටක් දැනුනේ... අනේ මේ ගොල්ලන්ව පරිස්සම් කරන්න.. මිනිස්සු වගේ නෙමෙයි. මේගොල්ලෝ පරිසරයට හානි කරන්නේ නෑ.. අනිත් එක පරිසරය අයිති මෙයාලාට... අසික්කිත මිනිස්සුන්ට නෙමෙයි.
මන්දවල් එපා. මෑත කාලයේ ගොඩක් මැරුණා. කූඩුවකට අල්ලාගන්න.
වතු ජනාවාස අඩු කරන්න ඕනෑ මේ ප්‍රදේශවල...
"කළු කොටියා මුදා ගැනීමට හැකි වූ බව ප්‍රභාෂ් කරුණාතිලක මහතා කියා සිටියේය." තැනට එනකන් කියෙව්වේ හරිම චකිතයකින්. දැන්වත් මෙයාලව රැක ගන්න පියවර ගන්න.
සතෙක් අල්ලගන්න බැරි වනජීවී එවුන් ඉන්නේ. උගේ මුණ රෙද්දකින් ඔතලයි කුඩුවට දැම්මේ.