



(අනුරාධපුර දයාරත්න ඇඹෝගම)
වහාම මහ මැතිවරණයක් පවත්වන ලෙස ඉල්ලා පොහොට්ටුවේ ආධාර කරැවන් පිරිසක් අද(17) අනුරාධපුර නව නගරයේ බස් නැවතුම්පල ඉදිරිපිට උද්ඝෝෂණයක නිරතවිය.
අනුරාධපුර මහජන පොල ඉදිරිපිට අංක 02 ප්‍රජා ශාලාවට එක්රැස් වුන උද්ඝෝෂකයන් අනුරාධපුර නව නගරයේ බස් නැවතුම්පල දක්වා පැමින වහාම මැතිවරණයක් පවත්වන ලෙසට උද්ඝෝෂණයේ නිරතවිය.
මෙහිදි උද්ඝෝෂකයන් විසින් කතානායක කරැ ජයසුරිය මහතාගේ අනුරැවකට ගිණි තබා කතානායකවරයාට සිය විරෝධය පලකර සිටියේය.මෙහිදි උද්ඝෝෂකයන් අමතමින් අදහස් දැක්වු උතුරැ මැද පළාත් සභාවේ හිටපු අමාත්‍යවරරෙයකු වන එච්.බි.සේමසිංහ මහතා සදහන් කලේ පාර්ලිමේන්තුවේ පවතින වත්මන් අර්බුදය මැඩ පැවැත්විම සදහා කඩිනමින් මහ මැතිවරණයක් පවත්වා නව පාර්ලිමේන්තුවක් පිහිටවිය යුතු බවය.
මෙම අවස්ථාවට අනුරාධපුර මහා නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති බුද්ධික ප්‍රේමදාස මහතා ඇතුළු නාගරික මන්ත්‍රිවරු පොහොට්ටුවේ ආධාර කරුවෝ රැසක් එක්ව සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කතානායක වී.ජ.මු. ලොකුබණ්ඩාර වගේ එජාපයෙන් ඇවිල්ලා මහින්දට කඩේ ගියොත් හොඳද?
පාර්ලිමේන්තුවේදී පොලිසියට පුටු පහර දුන්න මැරයින්ට ඡන්ද කොල්ල කාලා ඡන්දෙ දිනන එක කජ්ජක්ද?
මැරයො කවුද කියන එක මුලු රටත් ලෝකයත් දන්නව කියන එක මෙි වහල්ලුත් දන්නව වහල්ලුන්ගෙත් වහල්ලු නොදන්නේ එවුන්ගේ තිබෙන වෛරීත්වයයි.
මැතිවරණ 3ම එකවර තියන්න...
ඡායාරූපයේ සිටින අයගේ මුහුණු දෙස බැලුවම මොවුන් සියල්ලම පාතාලයේ ක්‍රියාකාරීන්ද කියලා හිතෙනවා. මොවුන් මල්කැකුලො නම් වෙන්න බැහැ කැකුලු මෙහෙමනම් මල් පිපුනම කොහොම වේද
ගහපු පුටුව සභාගැබේ තිබුණු එකක් අනින්න ගෙනාපු පිහිය නම් ගෙදර ඉඳන්ම වැඩේට හිතාගෙනම ගෙනාව එකක්. එහෙම නේද නුවන්? මොකද අදහස..?
මේ ගොල්ලන්ගෙන් ඡන්දෙට යන සම්පූර්ණ වියදම පියවා ගන්නවා නම් අපිත් කැමතියි...
අපි හැමෝම එකතුවෙලා පක්ෂ පාට නොහිතා රට ගැන හිතලා උගත් බුද්ධිමත් පිරිසක් යවමු. අපි තවත් ඉන්න අයම යැව්වොත් උත්තරය 0 මයි........