(ජයන්ත නානායක්කාර, සනත් ගමගේ)
20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයකින් සහ ජනමත විචාරණයකින් සම්මත කර ගත යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය දන්වා ඇතැයි කතානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවට දැනුම්දීමත් සමඟ ඇඹිලිපිටිය,හම්බන්තොට හා අම්බලන්තොට යන ස්ථාන තුනේ දී ඒකාබද්ධ විපක්ෂයට සහය දක්වන පිරිස් අද (19) රතිඤ්ඤා දල්වමින් ප්‍රීති ඝෝෂා පැවැත්වුහ.



(ඡායාරූප - ජයන්ත නානයක්කාර)


(ඡායාරූප - සනත් ගමගේ)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මේ අය දන්න 20 ව්‍යවස්ථාව.. පාර්ලිමේන්තුවෙ ඉන්න අයටත් ඒක තේරෙන්නෙ නෑ. මේ අය දන්නවා වගේ ගිනි පුපුරවනවා.. පැත්තම ඉවරයි.. කොල කෑලි හෑම තැනම. ඕක අතුගාන්නෙ කව්ද?
අද හැම දෙයක්ම නිත්‍යානුකුලව කෙරෙද්දී සතුටු වෙන්න.
නොදුටු අයට සුප්‍රකට ලාම්පු කලගෙඩි සෙල්ලම බලාගතහැකියි.
මේ හතර පස් දෙනාටම කියන්න ඕනේ මහා පාර හැඩිකරපුවා අතුගාල පිරිසිදු කරන්න කියා, නැතිනම් මේ අයට දඩුවම් කරන්න ඕනේ.
මේ පළාත්වල සිංහල දමිල අලුත් අවුරුදු උත්සව නැතිවත් රතිඤ්ඤා දැල්වීමට තරම් සතුටක් ඇති උනේ මන්ද කියා තේරුම් ගැනීමට අපහසුයි. පළාතේ කඩ හිමියන්ට නම් අවුරුද්ද ලැබුවා වගේ මාර සතුටක් ලැබෙන්න ඇති, පහුගිය අවුරුද්දේ පරණ රතිඤ්ඤා ස්ටොක් විකුණා ගන්ට ලැබීම ගැන ! ගරු කතානායක කරු ජයසූරිය මහතා ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු පාර්ලිමේන්තුවට දැනුම් දෙන හැම අවස්ථාවකදීම මේ විදියේ ආචාර වෙඩි මුර පවත්වන එක හොඳයි. වැරදිලාවත් රතිඤ්ඤා වැලක් අතේ පත්තුවෙලා කවුරුහරි රෝහල් ගත කරන්න උනා නම් දොස්තරලා වැඩ වර්ජනය නොකරන රෝහල් ඔය පළාත්වල තිබුනද කියා කලින් සොයා බැලුවද ?
අර ලෝවැඩ සඟරාවේ කකුළුවා දිය හැලියේ නටනෙක මතක් වෙනවා මෙව්වා දැක්කහම. ඔය රතිඤ්ඤා පත්තු කලාට ජනමත විචාරණයක් කියන්නේ ලාම්පු කලගෙඩි කෙළියක්නේ? පොඩි ජිල්මටෙකක් දැම්මම එක දිනුම්. ඊළඟට එන්නේ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ගන්න එක. ඒකටනේ අර බොත්තම් ඔබන මැසිම සවිකළේ? දුර ඉඳන් ඉන්ටෙර්නෙට් එකෙනුත් ඕනනම් ජිල්මාට් දාන්න පුළුවනි. පනින්න තියෙන හැමතැනම උගුලක් අටවල තියෙන්නේ. මෙදාපාර වරදින්නේ නැහැ. ඕනෑම උනොත් එකාට කෝටිය ගානේ බෙදන්න සල්ලිත් සුදානම් කරගත්තනෙ.
රතිඤ්ඤා දල්වමින් ප්‍රීති ඝෝෂා කරන මෙම මිනිසුන්ගෙන් ඇසුවොත් 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ මොනවද තියෙන්නේ කියල, කීයෙන් කීදෙනාටද එකට උත්තරක් දෙන්න පුළුවන් ...
ශිරන්තිගේ නඩුවේ තීන්දුව දෙන දවසටත් මේ අය රතිඤ්ඤා පත්තු කරයිද?