
(පද්මා කුමාරී කංකානම්ගේ)
වසර 30 කට පසු කල්පිටිය අධ්‍යාපන කොට්ඨාසයේ පනයඩිය රෝමානු කතෝලික විදුහලේ ඉදිකළ නව පාසල් ගොඩනැගිල්ල අද (16) සිසු අයිතියට පත්කෙරිණි.
නොරොච්චෝල ලක් විජය බලාගාරයේ අනුග්‍රහයෙන් ඉදිකළ මෙම නව ගොඩනැගිල්ල සඳහා රුපියල් ලක්ෂ 44 ක මුදලක් වැය වී තිබේ.
ලංකා විදුලි බල මණ්ඩලයේ ජනතා අංශයේ අතිරේක සාමාන්‍යාධිකාරී එච්.එම්.ඒ. හේරත් සහ ලක් විජය බලාගාරයේ බලස්ථාන කළමණාකාර ඉන්ද්‍රසිරි ගාල්ලගේ යන නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම උත්සවය සඳහා කල්පිටිය කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂිකා දීප්ති ප්‍රනාන්දු මහත්මිය ඇතුළු පිරිසක් සහභාගි වූහ.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තුන්ලෝකෙම පාසැල්වලට ලැප්ටොප් දුන්නා අපි... තුන්ලෝකෙම ළඟම පාසැල හොඳම පාසැල කෙරුවා අපි... එනමුත් අවුරුදු 30කට පසුවයි ගොඩනැගිල්ල දුන්නේ අපි... මොන කටින්න කිව්වේ පච මිනිසුන්ට අපි...
රක්ෂිත ඉඩම් එළිකරලා පිට්ටනි හදන්න. කඩොලාන එළිකරලා ඉස්සන් කොටු දාන්න තිබුණු උනන්දුව මේවාට තියෙන්න නැතුව ඇති. අනිත් එක මේ ඔක්කොම ඉගෙනගෙන දැනුවත් වුණාම ඔවුන් කොහොමද මොවුන්ව බූරුවන්ගේ ගාණට දාලා තමන්ගෙ වැඩ කරගන්නේ...