(ඞී.කේ.රත්න )
බණ්ඩාරවෙල ප‍්‍රදේශයට මේ දිනවලදී ඇදහැලෙන වර්ෂාවත් සමඟ ඇල්ල ‘රාවණා ඇල්ල‘ ජල පහර සැඩ වී තිබීම නිසා දැඩි අනතුරුදායක තත්ත්වයක් මතුවී ඇතැයි ඇල්ල පොලීසිය පවසයි.
මේ වන විට රාවණාඇල්ල දිය ඇල්ලේ ජලය විශාල ලෙස ගලා යන අතර බණ්ඩාරවෙල ඉහල ප‍්‍රදේශයට වර්ෂාව ලැබීමත් සමඟ ඇල්ල ප‍්‍රදේශයට වර්ෂාව නොලැබුණද රාවණා ඇල්ලේ ජලය විශාල ලෙස වැඩිවීමෙන් මෙම තත්ත්වය ඇතිවී තිබේ.
ඇල්ලේ දියනෑම සඳහා දෙස් විදෙස් සංචාරකයින් විශාල ප‍්‍රමාණයක් දිනපතාම පැමිණෙන අතර ඇල්ලේ සැඩ පහර වැඩිවීමෙන් දැඩි ජීවිත අවදානමක්ද මතුවී තිබේ.
මෙම තත්ත්වය නිසා මේ දිනවලදී ඇල්ල රාවණාඇල්ල දිය ඇල්ලට බැස දියනෑමෙන් වැළකී සිටින්නැයි ඇල්ල පොලීසිය සංචාරක පිරිස්වලින් ඉල්ලා සිටිති.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලක් මාතාවගේ ගෙල බැඳී එක රන්පටක් මේ... මොන තරම් සුන්දරද? දැන් නම් තරහ ගිහින් වගෙයි තමා...
හැලෙන්න ඇල්ලේ හැලෙන්න ... අකාරුණික මිනිසුන් තරම් ඔබ දරුණු නැත ..
අපේ මිනිස්සු කොච්චර කිව්වත් අහන්නේ නැහැ. වතුර දැක්කොත් පනින්නමයි හදන්නේ... බරපතලකම වැටහෙන්නෙ ලොකු අනතුරක් වුණාට පස්සේ. ඒක නිසා නිලධාරින් මේවා ගැන සොයා බලා දැඩි තීරණ ගත යුතුයි නේද? නැත්තං අපරාදෙ, ජීවිත හානි.
මේ වතුර කහ පාටයි. ඒ කියන්නේ සෝදාපාළුව ඇල්ලේ උඩ ප්‍රදේශයට ඇති බවයි. සෝදා පාළුව වළක්වන ප්‍රොජෙක්ට් පටන් ගමු උඩ ප්‍රදේශයේ. ඇල්ලේ කහ පාට ගතිය ටිකෙන් ටික ඉවර කරමු. ගොවියන්ගේ ඉඩම් වල, තේ වතුවල පසත් ආරක්ෂා වෙනවා, ඇල්ලත් ලස්සන වෙනවා. මේක කරන්න කවුද පටන්ගන්නේ? කවුද සහයෝගය දෙන්නේ?