(රෝවන් පෙරේරා)
වැසි ඉල්ලා දෙවියන් යදින තබ්බෝව ගොවි ජනතාව තබ්බෝව ජලාශයේ පිරිත් කියමින් අද (25) රැය පහන් කලේ තබ්බෝව වැව් තාවල්ලේය.
වසර දෙකක පමණ කාලයක සිට පවතින අධික නියඟය සහිත කාලගුණය හේතුවෙන් තබ්බෝව ජලාශය ඇතුළු වැව් අමුණු රැසක් සිඳීයාමෙන් ගොවිජනතාව දැඩි අපහසුතාවයකට පත්වී සිටින බව ගොවින් පවසයි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යාඥා.. කියලා ලෙඩ සුව කරන එකට බනින, හිනාවෙන බෞද්ධයෝ කොහොමද පිරිත් කියලා වැසි වස්සවන්නේ?
අනේ මෙහෙම මෝඩ රැළක්....
ශබ්ද විකාශන යන්ත්‍ර එහෙම සවිකරලා තියෙන නිසා මෙවර නම් ශුවර් එමටම දෙවියන්ට ඇහෙයි. අවුරුදු 2ක් ගෙදර මුමුණ මුමුණ හිටිය එකේ තව කලින්නේ ඕක කරන්න තිබුණේ. තව ටිකක් කැලේ එළිපෙහෙලි කරලා ගත්තා නම් තමා දෙවියන්ට හොඳට පේන්නත් එක්කම වටින්නේ. කැලේ හින්දා උන්නාන්සේලාට හරියට දුක පේන්නේ නැති වෙන්නත් පුළුවන්. බදියුදීන් මැතිතුමා ඒකනේ කරන්නේ. එතුමගේ දෙවියන්ට පෙනෙන්න කැලේ ඔක්කොම කපනවා.
ගොඩක් අය ඩිස්ලයික් දාලා තියෙනවා. තර්කානුකුල කියමනට ලැජ්ජා හිතිලා වෙන්න ඇති...
මේ අපේ රටේ මිණිවන් ගුණවත් ගොවි ජනයායි. මේ ඔවුන්ගේ සංස්කෘතියයි. වැසි ඉල්ලා කල බෞද්ධ පුද පුජා නිසා වැසි ලැබුණු බවට ඇති ඓතිහාසික විශ්වාස නිසා මොවුන් පාරම්පරික මේ දේවල් කරනවා. දෙවියන්ට යාඥා කිරීම සහ මෙය අතර සමානකමක් නැහැ. යටත් විජිත කුමන්ත්‍රණ සහ අහිංසක සම්ප්‍රදායන් සමාන වෙන්නේ නැහැ. ගොවි ජනයා පාගා සූරාකන ආණ්ඩු මොවුනට වතුර දිය යුතුයි. රටට හාල් දීමට නම්... සියල්ල යාන්ත්‍රිකව බලන්න එපා. ලෝකයේ සාමාන්‍ය ඇසට තේරුම් ගත නොහැකි බොහෝ දේවල් තියෙනවා.
අපේ පිරිත් පොතේ තියෙන වැසි පිරිත නියම පුද පිළිවෙත් ඇතිව පිරිසිදු පුද්ගලයින් විසින් සජ්ජායනා කරද්දී නියඟය නිමාවී වැසි ලැබුන අවස්ථා ඉතිහාසයේ ඇති බව නියම බෞද්ධයෝ දනිති, අද ඔය විදිහට කරන්නන් වාලේ කලාට කිසි දෙයක් සිදු නොවේ/ එයින් වෙන්නේ අපේම ආගම අවඥාවට ලක් වෙන එක විතරයි. ඇත්ත, ඕව ඔහොම කලාට වැසි ලැබෙන්නේ නැහැ.
දැදුරු ඔය ජලාශයෙන් තබ්බෝව ජලාශයට වතුර එවන්න පුළුවන් නේද?
හරියට මොලේ පාවිච්චි කරලා කතිරේ ගැහුවා නම් කිසි ප්‍රශ්නයක් නැහැ. පිරිත් කියන එක හොඳයි. නමුත් පිරිත් කියන්න ඕනෑ වැසි වහින්න කියලා නෙමෙයි. අවුරුදු 70ක් රට විනාශ කරපු දුෂ්ඨ පාලකයින්ගෙන් මිදෙන්න රටේ ජනතාවට නුවණ, ශක්තිය පහළ වෙන්න ඕනෑ කියලා. මධ්‍යම කඳුකරයෙන් පටන්ගෙන හතර වටේටම ගංගා, ඇලදොළ ගලන රටේ, අවුරුද්දට දෙවරක් සක්‍රීයව මෝසම් වැහි වැටෙන රටේ, ඒ අතරතුර සංවහන වර්ෂාව වැටෙන රටේ, වැව් අමුණු තිස්දාහකට වැඩි රටේ මිනිස්සු, සත්තු නියඟයෙන් දුක්විඳිනවා අහන්න දකින්නත් පව්....