
(නිමල කොඩිතුවක්කු)
බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහි විශ්වාසභංගය යෝජනාවට සහාය පළ කරමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පාර්ලිමේන්තුව ඉදිරිපිට අද විරෝධතාවක නිරත වූහ.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම විරෝධතාවය සදහා සිවිල් සංවිධාන නියෝජිතයන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
පැයකට ආසන්න කාලයක් මෙම විරෝධතාවයේ නිරත වූහ.
"තෙල් මිල අඩු කරනු, තෙල් අරමුදලට මොකද වුණේ, තෙල් සහනය කෝ, දැන් සැපද, රට අවුලෙන් පවුල සැපෙන්, පොහොරත් නෑ හාලුත් නෑ, ස තමයි හොදටම කළේ"ආදී විරෝධතා පුවරු එහිදී ප්‍රදර්ශනය කර තිබිණි. පිරිස විරෝධතාවයෙන් අනතුරුව පාර්ලිමේන්තු වටරවුමේ සිට පාර්ලිමේන්තු පිවිසුම දක්වා විරෝධතා පා ගමනේ නිරත වූහ.
(ඡායාරූප: ශාන්ත රත්නායක)










COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යකාගේ හැටියට විමානේ කිව්වා වගේම ආණ්ඩුවටම ගැලපෙන විපක්ෂය...
මේවා නිකන් මාධ්‍ය සංදර්ශන විතරයි. ඔය ඔක්කොම එකයි. අපි තමයි හැමදාම රැවටුණේ... මේගොල්ලෝ ආණ්ඩු කරනකොට ඔය ඔක්කොම හොඳයි. අපේ රටේ තියෙන්නේ කාලකණ්ණි දේශපාලනයක්... රට ගැන කැක්කුමක් ඔය කාටවත් නැහැ හලෝ...
මොනවද මේ මිනිසුන් කරන්නේ? කොරෝනා වසංගතයෙන් රටට කොච්චර ප්‍රශ්න ඇවිත්ද? ඒ සියල්ල විසඳාගන්න සාමූහිකව කටයුතු කරනවා මිසක, කිසිම වැඩකට නැති දෙයක් ඇදගෙන විකාර කරලා හරියනවද? ඔවුන්ගේ බුද්ධි මට්ටම තමයි පෙන්වන්නේ...
කිසි වැඩකට නැති වැඩ, ඔව පාලකය ගනන් ගන්නෙ නැහැ, දැනෙන්න දෙයක් කරන්න
සාපේක්ෂව බැලුවොත් පසුගිය ආණ්ඩුවට වඩා මේ ආණ්ඩුවෙන් දැඩි පීඩනයක් ජනතාව වෙත එල්ලකර තිබෙනවා.
සජබ විස්වාස බන්ගෙට සපෝට් නොකලානම් තමයි පුදුමේ. අපි මේ සපෝට් එකට පුදුම වෙන්නේ නැහැ?