(සිතුම් චතුරංග)
වවුනියාව තාණ්ඩිකුලම ප‍්‍රමණ්ඩු විද්‍යාලයේ ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා අත්තිවාරම කපමින් සිටියදී පුපුරණද්‍රව්‍ය කැබලි තොගයක් හමුවී ඇතැයි වවුනියාව පොලිසිය පවසයි.
නව ගොඩනැගිල්ල සඳහා විද්‍යාල භූමියේ අත්තිවාරම කපමින් සිටියදී පුපුරණ ද්‍රව්‍ය කොටස් හමුවූ බවට පොලිස් හදිසි දුරකථන අංක වෙත ලැබුණ පැමිණිල්ලක් මත පොලිසිය සිදුකළ සෝදිසියකදී අධික ලෙස දිරාපත්වූ පුපුරණ ද්‍රව්‍ය හමුවී ඇත.
සොයාගත් පුපුරණ ද්‍රව්‍ය කොටස් විනාශ කිරීම සඳහා වවුනියාව පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් වෙත භාරදුන් බවද පොලිසිය පැවසීය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොටි, පාසල් යුධ භුමි ලෙස පාවිච්චි කලබවට හොඳ සාක්ෂියක්.
මේ තියෙන්නේ එල්ටිටිඊ පාසල් වල යුද ගබඩා කල බවට සාක්ෂි
ඔය පාසලේ අත්තිවාරම දාන ලේසි වෙන්න ගෙනාපු ඒවා. මුකුත් කියන්න එපා. සහජීවනේ බිඳිලා ජාතීන් අතර ප්‍රශ්න ඇතිවෙයි. ඔන්න ඕව අයේ වල දාන්න