IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


වලයාකාර සූර්යග්‍රහණය ලංකාවට පෙනුණු හැටි

(ඩයනා උදයංගනී)

වලයාකාර සූර්යග්‍රහණයක් අද  (21) සිදුවූ අතර එය අර්ධ සූර්යග්‍රහණයක් ලෙසින් දැකගැනීමේ අවස්ථාව ශ්‍රී ලංකාවාසීන්ට ද උදාවිය.

මෙම වලයාකාර සූර්යග්‍රහණය කොළඹ ප්‍රදේශයට උදෑසන 10.30 පමණ සිට පස්වරු 1.30 පමණ දක්වා දිස්වූ අතර අර්ධ සූර්යග්‍රහණයේ උපරිම අවස්ථාව දිස්වූයේ උදෑසන 11.51 ට පමණය.

මෙම සූර්යග්‍රහණයේ වලාකාර අවස්ථාව මෙන්ම අර්ධ සූර්යග්‍රහණ අවස්ථාව ද කොන්ගෝ රාජ්‍ය ආදී අප්‍රිකා රටවල් කිහිපයකටත් සෞදි අරාබිය, යේමනය හා ඕමානය ආදී මැදපෙරදිග රටවල් කිහිපයකටත් පාකිස්තානය, ඉන්දියාව, චීනය ආදී රටවල්වලටත් දිස්වූ අතර ශ්‍රී ලංකාවට මෙන්ම ඉතාලිය, තුර්කිය, ජපානය, කොරියාව, සිංගපුරුව, මැලේසියාව හා ඔස්ටේ්‍රලියාව ආදී රටවලට දිස්වූයේ අර්ධ සූර්යග්‍රහණ අවස්ථාව පමණක් බව නවීන තාක්‍ෂණය පිළිබඳ ආතර් සී ක්ලාක් ආයතනය සඳහන් කරයි.

ඡායාරූප - ළහිරු හර්ෂණ

 

 



අදහස් (2)

වලයාකාර සූර්යග්‍රහණය ලංකාවට පෙනුණු හැටි

විජිත් Monday, 22 June 2020 08:57 AM

සූර්යග්‍රහණය ගැන ඔබ දන්නා නිසා මම හිරු ගැන ටිකක් කියන්නම්... හිරු අපේ ග්‍රහමණ්ඩලයේ තාරුකාව. අපේ ලෝකයේ සිට කිලෝමීටර් 149 597 870ක් දුරින් ( මේ දුරට අපි කියනවා astronomical unit 1 කියලා. මේ ඒකකය AU ලෙස හඳුන්වන අතර උදා. බ්‍රහස්පතිගේ සිට හිරුට දුර AU 5.2 යි ) තිබෙන හිරු ඇත්තටම ගිනිගෙන දැවෙන විශාල ප්ලාස්මා බෝලයක්. හිරුගේ මේ ගිනිගෙන දැවෙන ක්‍රියාවලිය අපි "න්‍යෂ්ටික විලයනය " හෙවත් nuclear fusion - ලෙස හඳුන්වනවා. මෙහිදී ශක්තිය සපයන ඉන්ධන ලෙස හයිඩ්‍රජන් වල සමස්ථානික (ප්‍රෝටියම්,ඩියුටිරියම් සහ ට්‍රිටියම් ) ක්‍රියා කරනවා. මෙහිදී සිදුවන්නේ ජලකර බෝම්බයක ශක්තිය නිපදවන ක්‍රමයමයි. මේ ප්‍රතික්‍රියාවට අවශ්‍ය අධික තාපය හිරුගේ මධ්‍යයේ ඇති අයනිකරණය වුණු වායුන් සහ ප්ලාස්මාවලින් ලැබෙන අතර හයිඩ්‍රජන් සමස්ථානික න්‍යෂ්ටින් 2 ක් එක්වී හීලියම් සාදයි. මේ න්‍යෂ්ටික ප්‍රතික්‍රියා නිසා හිරු මධ්‍යයේ ඇති උෂ්ණත්වය කෙල්වින් අංශක මිලියන 15ක් පමණ වේ. ඔයගොල්ලෝ දන්නවද හයිඩ්‍රජන් ටොන් මිලියන් 620ක් තත්පරයකදී හීලියම් ටොන් මිලියන 606ක් බවට පරිවර්තනය වෙන මේ ක්‍රියාවලියේදී අති විශාල තාපයක් පිටකරනවා.

:       2       123

පූජා Monday, 22 June 2020 10:47 AM

මුලු ලෝකයම අඳුරෙන් මුදවා, ආලෝකයෙන් බබලවන හිරුත්, සඳුගෙන් පීඩාවට පත් වෙන හැටි..

:       0       122

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 261 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 182 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 989 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site