(එච්.චන්දන)
විල්පත්තු වනයට ඉකුත් දිනවල වර්ෂාව නොලැබීමෙන් එහි ඇති විල්ලු සියල්ල නිසි පරිදි ජලයෙන් පිරී නොගිය බව වනජීවී නිලධරයෝ පවසති.
විල්පත්තු මායිමෙන් ගලා බසින කලා ඔයේ ජලකද මහ මුහුදටත්, රට වටේට වර්ෂාව ලැබී ගංවතුර තත්ත්වයක් උදාවූ නමුත් මෙහි ඇති විල්ලු වලට ජලය නොලැබී ඇති බව දැකගත හැකි විය.
කොක්කාරි විල්ලුව , මහාපැලැස්ස , කාලිවිල්ලුව ,මරෙයිවිල්ලුව, මයිල විල්ලුව,පෙරියනාගවිල්ලුව, පෙරිය උප්පු විල්ලුව, සින්න උප්පු විල්ලුව, කුරුකු පණ්ඩි විල්ලුව, දෙමළ විල්ලුව, කුඩා පතැස්ස විල්ලුව, ලුණුවිල විල්ලුව, සින්න නාග විල්ලුව ඇතුළු විල්පත්තු වනාන්තරය තුළ හඳුනා ගත් විල්ලු 42 ක් තිබේ.
විල්ලු වලට ජලය නොලැබීමෙන් ඉදිරි අගෝස්තු, සැප්තැම්බර් වියලි කාලගුණ අවස්ථාවේ වන විට සතුන්ට දැඩි අපහසුතාවන්වලට පත්විය හැකි බව විල්පත්තු උද්‍යාන බාර නිලධාරි චමත් ලක්ෂ්මන් මහතා සඳහන් කළේය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විල්පත්තු වනාන්තරය අද වනාන්තරයක් නෙවෙයි... පිට්ටනියක් වෙමින් තියෙන්නේ.. වැස්ස තියේවිද මේ කාලකන්නි කරලා තියෙන වන විනාශය නිසා... මේ අයට නිසි දඬුවමක්, පාලනයක් කරන්න කොන්දක් තියෙන නායකයෙක් නැති එක නිසා තමයි... මේ සේරම උඩ ඉන්න දෙවියෝ බලාගනීවි...
සිංහරාජය ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත් කරනවා - ඉහත සඳහන් නිව්ස් එක සඳහා ප්‍රවෘත්තියක් පලකරන්නේද? පලකරනවා නම් මැනවි...