
(ළහිරු හර්ෂණ)
කොල්ලුපිටිය වාලුකාරාම විහාරස්ථානයේ වාර්ෂික ඇසළ මහා පෙරහර අද (27) රාත්‍රියේ උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. මෙහිදී කන්දෙවිහාරයේ මුතුරාජා හස්ති රාජයා මත සධාතුක කරඬුව තැන්පත් කිරීම සිදුවූයේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි.
56 වන වරටත් සංවිධානය කර තිබූ මෙම ඇසළ මහා පෙරහර විහාරාධිපති මහරගම නන්ද ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් සංවිධානය කර තිබිණි. මේ අවස්ථාවට වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ යන මහත්වරු ඇතුළු දෙස් විදෙස් සැදැහැවත්හු විශාල පිරිසක්ද එක්ව සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සධාතුක කරඬුව අල්ලන් ඉන්න හැටි... බලෙන් එක්කගෙන ආවා වගේ..
අගමැතිතුමා මොකද ඕවාට සහභාගි වන්නේ? පසු ගිය දවස් වල කුලප්පු උන අලියට උල් වලින් අනපු තැන් වල ලේ පෙරෙනවා දැක්කද?
නිකන් බොරු රඟපෑම්... ඇති බෞද්ධකමක් නැහැ. අන්න රේගුවේ ලොක්කෝ දෙන්නෙක් හිරේ... වරද සඳගිරි සෑය හදන්න රත්තරන් දීපු එක මේක අරාබියද?