IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


වැලි පිරවීම අවසන් කළ නෞකාව වරාය නගරයට සමුදෙයි

 

(කොළඹ   වරාය  නගරය  ඉදිකිරීම සඳහා  වැලි  පිරවීමට පෙර  සහ   වැලි   පිරවීමෙන්  පසු   දිස්වන  අයුරු)

 

(ඩයනා උදයංගනී)     
                           
කොළඹ වරාය නගරය ඉදිකිරීම සඳහා මුහුද ගොඩකිරීමේ කටයුතු මේ වන විට සම්පූර්ණයෙන් අවසන් කර ඇති අතර ඒ වෙනුවෙන් සංවිධානය කළ උත්සවයක් වරාය නගර භූමියේදී මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක, ශ්‍රී ලංකාවේ චීන තානාපති චැන් ෂුයෑංග් මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද (16) පැවැත්විණි. 
                                       
මෙහි හෙක්ටාර 269 ක් වන භූමියෙහි වැලි පිරවීමේ කටයුතුවල නිරත වූ අවසන් නෞකාව වන ෂිං හායි ලෝන්ග් නෞකාව වරාය නගර භූමියෙන් සමුගෙන යළි චීනය බලා ගමන් ඇරඹීම ද සිදුවූ අතර නෞකාව එහි නලාව කිහිප වරක් නාද කර වරාය නගරයට ආචාර කරමින් ඉන් සමුගත්තේය.   

                                            
බැලු බැලූ අත වැලි කඳු පමණක් දිස්වන වරාය නගර භූමියේ ගොඩනැගිලි ඉදිකිරීම, උද්‍යාන ඉදිකිරීම, යටිතල පහසුකම් සැපයීම ආදී කටයුතු ඉදිරියේදී සිදුකෙරෙනු ඇත.       
         
ශ්‍රී ලංකාව ඉදිකෙරුණු විශාලතම සංවර්ධන ව්‍යාපෘතිය වන වරාය නගරය මෙරට ආර්ථික සංවර්ධනයේ වැදගත් සංධිස්ථානයක් වනු ඇතැයි මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මෙහිදී පැවසීය.    
                  
 (ඡායාරූප - චතුර එස්. කොඩිකාර)



අදහස් (3)

වැලි පිරවීම අවසන් කළ නෞකාව වරාය නගරයට සමුදෙයි

Janatha anura Wednesday, 16 January 2019 08:29 AM

ඔබතුමාලා මේක අවසන් කරන්න තිබුණේ වසර 2කට පෙර වගේ අපිට මතක.. මේ ව්‍යාපෘතිය නැවත දමන බවට අගමැතිතුමා පැහැදිලිව මාධ්‍යයට එදා කිව්වා නේද? ව්‍යාපෘති කෙරුවොත් කොමිස් ගන්නවා. නැවත දැමුවාමත් වන්දි තුළින් කොමිස් ගන්නවා. අප තෝරාගත යුත්තේ කුමක්දැයි විදුලි ඉංජිනේරු මහතාගෙන් අප අසමු.

:       93       6

Asanka Wednesday, 16 January 2019 10:09 AM

මේ වගේ වැලි පුරවා කොළඹ අවටින් එදිනෙදා එකතුවන කුණු දැමීමට සහ ඒවා දිනපතා වැලි මගින් වසා දැමීමට සනීපාරක්ෂක බිම් පිරවුමක් හදන්න බැරිද? පසු කාලෙකදී ගොඩකරන දුපත/ඉඩම වෙන දේකට ගන්න පුළුවන් වේවි... පුත්තලමට අරන් යන්න යන වියදම එක්ක බලපුවහම, කොළඹ අවටම මේ දේ කරන්න බැරිද?

:       5       209

BamunuarachchiThursday, 17 January 2019 02:21 AM

වැලි පුරවන්නේ කොහාටද? මුහුදේ තැනකටද? එතකොට කුනුදමන්න හාරන්නෙත් ඒ බිමද? එතකොට මතුවන වතුර නැවත දමන්නේත් මුහුදටමද? එතකොට ජීවිත කාලයම වතුර හිස් කර කර ඉන්න වේවිනේද? ගොඩකරපු වැලි උඩට කුණු දැම්මොත් ඒ කුනුගොඩේ සුවඳට කොළඹ මිනිසුන්ට යාපනයට යන්නවෙවී නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 301 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 96 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 786 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site