IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


වෙරළ තීරය රැක ගැනීමට නාවික හමුදා දායකත්වය

(නාවික හමුදා මාධ්‍ය අංශය)
වෙරළ සංරක්ෂණය කිරීමේ අරමුණින් දකුණු නාවික විධානයේ නිලධාරින් හා නාවිකයින් එක්ව වෙරළ තීරය පිරිසිදු කිරිමේ වැඩසටහනක් අද (15) ක්‍රියාත්මක කරන ලදි.

නාවික හමුදාව විසින් වෙරළ තීරයන් සුරක්‍ෂිත කර ගැනීමේ අරමුණින් නිරන්තරයෙන් වැඩසටහන් ක්‍රියාක්මක කරනු ලබන අතර, ඒ අනුව අද (15) දකුණු නාවික විධානය භාර ආඥාපති ඇතුළු දකුණු නාවික විධානයට අයත් සියළු ආයතනයන්හි නිලධාරින් හා නාවිකයන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් මෙම පිරිසිදු කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී.

ඒ අනුව ගාල්ල, මහමෝදර සහ තංගල්ල, පරවි වැල්ල මෙන්ම හම්බන්තොට, ධීවර වරාය ආශ්‍රිත වෙරළ තීරයන් මෙලෙස පිරිසිදු කිරීමේ කටයුතු සිදු කරන ලද අතර, එහිදී වෙරළ තීරයන්හි විසිරී තිබූ ප්ලාස්ටික් ඇතුළු කැලිකසල විශාල ප්‍රමාණයක් ඉවත් කිරීමට කටයුතු කරන ලදී.

නාවික හමුදාපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා‍ මහතාගේ දූරදර්ශී නායකත්වය යටතේ නීල හරිත සංකල්පය නාවික හමුදාව තුළ ක්‍රියාවට නැංවීම සඳහා සෑම නාවික විධානයකම මෙවැනි පරිසර හිතකාමි වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර ඇත. එමෙන්ම, පිරිසිදු වෙරළ තීරයක් පවත්වා ගැනීම සඳහා නාවික හමුදාව නිරන්තරයෙන් කැපවී සිටින අතර, සතිපතා සියළුම නාවික කඳවුරු ආශ්‍රිත ප්‍රදේශයන්හි වෙරළ තීරයන් පිරිසිදු කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබයි.



අදහස් (3)

වෙරළ තීරය රැක ගැනීමට නාවික හමුදා දායකත්වය

Raveendra Saturday, 15 June 2019 02:11 PM

ඔබලාගේ සත්ක්‍රියව අප අගය කරන්නෙමු. ඔබලාට ජය..!!!

:       0       196

PA RA Saturday, 15 June 2019 02:31 PM

මේවා නගර සභා/ ප්‍රාදේශීය සභා කළයුතු වැඩ, පාරවල් අයිනේ කොපමණ දේවල් තියනවද? පරණ වාහන යකඩ කෑලි එමටයි. ගස් කොට කෑලි.... ඒ වගේම පරණ බිල්ඩින් කැපුවා. ඒ ගැනත් බලන්න වෙන්නේ හමුදාවටද?

:       0       55

sam Sunday, 16 June 2019 01:32 AM

නැගෙනහිර අනවසර වැලි ගොඩ දැමීමත්, නතර කරනවා නම් හොඳයි.

:       0       52

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 163 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 150 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site