
(සුජිත් හේවාජුලිගේ සහ ඉන්දිකා රාමනායක)
අම්පාර බුද්ධංගල ආරණ්‍ය සේනාසනයේ වැඩ විසූ අපවත් වී වදාළ බුද්ධංගල ආනන්ද හිමියන්ගේ දේහයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු පක්ෂ විපක්ෂ මැති ඇමැතිවරු අද දින අවසන් ගෞරව දැක්වූහ.
ජනාධිපතිවරයා ඇතුළු මැතිඇමැතිවරු දේහයට ගෞරව දැක්වීමෙන් පසු බුද්ධංගල හිමියන්ගේ සහෝදරයා වන මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතාට සහ උන්වහන්සේගේ පවුලේ ඥාතීන්ට ශෝකය පළ කළහ.
බුද්ධංගල ආනන්ද හිමියන්ගේ දෙහය අද (30) 2.00 පමණ ගුවන් මගින් අම්පාර බුද්ධංගල ආරණ්‍යසේනාසන වෙත රැගෙන යාමට නියමිත ඇත.
ගිහි ජීවිතයේදී යුද හමුදා මේජර් ජෙනරාල් වරයකුවූ අතර පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල්වරයකු ලෙසද කාලයක් කටයුතු කළ ආනන්ද වීරසේකර මහතා බුද්ධංගල ආනන්ද නමින් පැවිදි දිවියට පත්වූයේ 2007 වර්ෂයේදීය.
බුද්ධංගල ආනන්ද හිමියෝ ධර්ම ග්‍රන්ථ රැසක්ද පරිවර්තන කෘති කිහිපයක්ද පසුගිය කාලයේදී රචනා කළහ.
ප්‍රසිද්ධ ධර්ම දේශකයෙකුවූ බුද්ධංගල ආනන්ද හිමියෝ පෙරේදා (28) උදෑසන අපවත් වූහ. උන්වහන්සේගේ ආදාහන පූජෝත්සවය අම්පාර බුද්ධංගල ආරණ්‍ය සේනාසනයේදී හෙට (31) පැවැත්වීමට නියමිතය.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සරත් ෆොන්සේකා මහතා මීට සහභාගිවීම ඉතා හොඳයි...
පාර්ලිමේන්තුවේ ගුටි කෙළගත්ත හැටියට ෆොන්සේකලා බලයට ආවාට හොරු අල්ලයි කියලා හිතන්න නම් එපා...
අපි කවුරුත් යා යුතු ගමනක්.. කාටවත් ඒකෙන් බේරිලා ඉන්න බැහැ. උන්වහන්සේට නිවන් සුව ප්‍රාර්ථනා කරමි..
සුබ නව වසරක් වේවා...! මහා සිංහයා ෆීල්ඩ් මාෂල් සරත් මැතිඳුන්ගේ ප්‍රතාපවත් බව තවමත් දිස්වේ... දීර්ඝායූ මවුබිම රැකදුන් අසහාය විරුවාණෙනි...!!!
සරතෙක් තවත් සරතෙකුට වෛර නොකරයි.
යුද විරුවා ඡන්දෙ ඉල්ලුවේ කොටින්ට කිරි පොවපු හැතිකරේ එක්ක බව නම් අමතක කරන්න එපා...
දෙදෙනා දේශපාලන වශයෙන් දෙපිලක වුණත් දෙදෙනාම රට වෙනුවෙන් කැපවූ අයයි. පක්ෂ භේද අතහැර මෙවැනි ජාති හිතැති අය (හමුදාවේ අය පමණක් පැමිණීම සුදුසු නැහැ) සංවිධානය වී ජාතික ප්‍රතිපත්තියක් සකසාගෙන පැමිණ රට බේරාගැනීමට කාලය පැමිණ ඇත.