පසුගිය පාස්කු ඉරිදා දිනයේදී ශ්‍රී ලංකාවේ කිතුණු දේවස්ථාන සහ සංචාරක හෝටල් කීපයක් ඉලක්ක කර, මුස්ලිම් අන්තවාදී විසින් එල්ල කළ බෝම්බ පිපිරීම් වලින් ජීවිතක්ෂයට පත් සියලු දෙනා සිහිපත් කරමින් හා රෝහල් ගතව සිටින සියලු දෙනාට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරමින් විශේෂ දිව්‍ය පුජාවක් මිලානෝ සාන්තො ස්තෙෆනෝ දේවස්ථානයෙදී පැවැත්විණි.
මිලානෝ අගරදගුරු අති උතුම් මාරියෝ දෙල්පිනි හිමිපාණන් විසින් ඉතාලි ජාතික පියතුමන්ලාද හා මිලානෝ කිතුණු සංඝයේ ආත්මික උපාධ්‍ය ක්ලෝඩ් වනසිංහ පියතුමන්ද ගරු සංජිව පෙරේරා පියතුමන්ලා විසින් පැවැත්වූහ.
ශ්‍රි ලංකික කිතුණු සංසදය විසින් සංවිධානය කළ මෙම විශේෂ දිව්‍ය පුජාවට බෞද්ධ භික්ෂුන් වහන්සේලා වන මහාගම විපුලසිරි හිමිද ඔලබොඩුවේ මුදිත හිමි, මහමෙව්නාවේ විජයවංශ හිමි, පෙල්ගහතන්නේ සීලවිමල හිමි, බඩල්කුබුරේ ධම්මසිරි හිමි, කොන්කටුවේ සුමනජොති හිමි,වැඩම කිරිම හා විශාල පිරිසක් ජාති ආගම් බෙදයෙකින් තොරව සහාබගි විම මෙහි විශේෂත්වයකි.
මෙයට ශ්‍රී ලංකා මිලානෝ කොන්සල් ජෙනරාල් ඩෙන්සිල් ෆොන්සේකා මහතා ඇතුලු කාර්ය මණ්ඩලයද සහභාගී වුහ.
තවද පාස්කු ඉරිදා දිනයේ වෙනුවෙන් මිලානෝ කිතුණු සංඝය විසින් සංවිධානය කළ ප්‍රාන්ස ලුර්දු දේවස්තානයෙදී පාස්කු මංගල මහා දිව්‍ය පුජාව සදහා හයදාහකට අධික පිරිසක් සහබාගී වු අතර නෙවිල් ජෝ පෙරේරා මාහිමිපාණන් බෝම්බ පහර වලින් විපතට පත් සියලු දෙනා සිහිපත් කරමින් හා මවුබිමට සාමය අයදිමින් මෙම දිව්‍ය යාගය පැවැත්වුහ.
ෂමින් පණ්ඩිතරත්න ( මිලානෝ නගරයේ සිට )







(මිලානෝ සාන්තො ස්තෙෆනෝ දේවස්ථානය)





(චන්දන ප්‍රනාන්දු - ඉතාලියේ බ්‍රේෂියා නගරයේ සන් ෆවුස්තිනෝ දේවස්ථානය)
ඉතාලියේ බ්‍රේෂියා නගරයේ වෙසෙන ලාංකිකයෝ, ස්වාමීන් වහන්සේලා, බ්‍රේෂියා කතෝලික සංඝය බාර පියතුමා ඇතුළු විශාල පිරිසක් සන් ෆවුස්තිනෝ දේවස්ථානය අසළදී එක්රැස් වී ලංකාවේ අනුරුවක් ඉදිරියේ පහන් දල්වා දැනුවත් කිරීමේ පුවරු ප්‍රදර්ශනය කළහ.



(තිලක නවරත්න - ඉතාලියේ නාපොලි නගරයේ නිකෝල අ නීලෝ දේවස්ථානය)
ශ්‍රී ලංකාවේ ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය පිරිස වෙනුවෙන් සාන්ත එජිඩියෝ පුන්‍යායතනය විසින් කරන ලද විශේෂ දේව මෙහෙය ඉතාලියේ නාපොලි නඟරයේ නිකෝල අ නීලෝ දේවස්ථානයේ දී පැවැත්විණි. ෆෙදරිකෝ සෙකොන්දෝ මහාචාර්ය ෆ්රන්චෙස්කෝ දන්දොලෝ ගේ සන්විධානයෙන් දේවමෙහෙය සිදුකෙරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කට්ටිය නම් වාසනාවන්තයි. කලින්ම ලංකාවෙන් පැනගත්තා, අපි දැන් බෝම්බ බයේ ඉන්න ඕනේ.
මටම අනුකම්පා හිතෙනවා මෙතනට ඇවිල්ලා ඉන්න සෙනග දැක්කම. කෝ අර පන්සල් වල යුද්ධ කරලා නිවන් යන තරමට කෑ ගහන ජාතික වීරයෝ? පාස්කු සාම දිනයේ දෙවියන්ව අමතන්න ආව අහිංසක නිර්ව්‍යාජ ලාංකිකයෝ නේද අකාලයේ මරුණේ? ඇයි පන්සල් යන බැතිමත්තු මේ දේව මෙහෙයට අවේ නැත්තේ? මෙහි ඡායාරුප මේවාට සාක්ෂි දරනවා.