IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


වන අලි 20 ක රංචුවක් කොට්ටුකච්චිය වගාබිමක් වනසති

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
 
වන අලි 20ක රංචුවක් කොට්ටුකච්චිය වගා බිමකට කඩා වැදී පොල් ඇතුළු වගාව සියල්ල විනාශ කර ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.
 
මෙම වන අලි, ආණමඩුව කොට්ටුකච්චිය ජලාශය ආසන්නයේ රැඳී සිටින අලි රංචුවක් බවද ඔවුහු කියති.
 
ඉඩමේ වගා කර තිබූ පොල්, කෙසෙල් ඇතුළු භෝග කිහිපයක් අද(25) අලුයම පැමිණි වන අලි වනසා දමා ගොස් ඇති බව හිමිකරුවෝ කියති.
 
ඉඩමේ හිමිකරුගේ බිරිඳ වන එම් මයුරි ප්‍රිතිකා මහත්මිය මෙසේ පැවසුවාය.
 
“අපි බොහෝම අමාරුවෙන් ලක්ෂ හයක් විතර වියදම් කරලා මේ ඉඩම සකස් කර ගත්තේ. අවුරුදු දෙකක විතර පොල් පැළ 50 ක් විතර විනාශ කරලා දාලා. ඒ මදිවට පොල් කඩන ගස් 10 ක් විතරත් කඩා දාලා. කෝලිකුට්ටු ගස් 100 ක් මුලින්ම වනසලා. පුදුම දුකක් විඳලා ඉඩම හදාගත්තේ. සියල්ලම වනසලා දාලා” යැයි කීවාය.
 
ඉඩමේ හිමිකරු වන කේ. බී. රේක්සි රෝලන්ඩ් මහතා මෙසේ පැවසීය.
 
“ මම මේ ඉඩම හදා ගත්තේ ලොකු වියදමක් කරලා. අසල්වැසියන්  වැඩි දෙනෙක් ගොවිතැන් කරන්නේ නැහැ අලි කරදරය කියලා. මම වත්ත වටේටම අලි අගල් ගහලා තිබ්බේ. සල්ලි මදි නිසා ඉස්සරහා අලි වැටක් හදා ගන්න ප්‍රමාද වුණා. මේ අලි ප්‍රශ්නය වන ජීවී කාර්යාලයට කිව්වාම එයාලා කියන්නේ ස්ථිර විසඳුමක් නැහැ කියලායි. අපි අන්ත අසරණ කරලා” යැයි ඔහු සඳහන් කළේය.



අදහස් (3)

වන අලි 20 ක රංචුවක් කොට්ටුකච්චිය වගාබිමක් වනසති

රජින්ද Friday, 25 October 2019 08:20 AM

තව අලින්ගේ භුමි අල්ලාගෙන අලි වැටවල් ගහලා ඒ සත්තුන්ව කුඩු කරන්න. පුත්තලම-විල්පත්තුව අවට රක්ෂිත ටිකත් කපන්න. අන්තිමේ අලි අරක කළා මේක කළා කිය කියා දුක කියන්න. ඒ සත්තුන්ගේ භුමිවල දැන්වත් ඒ සත්තුන්ට නිදහසේ ඉන්න ඉතුරු කරන්න. මිනිස්සුන්ට ඔවුන්ගේ වගාවන් කරන්න අවශ්‍ය පුරන් වූ කුඹුරු අක්කර ලක්ෂ ගානක් තියෙනවා. ඒවා කළමනාකරණය කරලා මනාව සකසලා වගාකරුවන්ට බෙදලා දෙන්න. රටක ආණ්ඩුවකට මේවගේ සුළු දෙයක්වත් කරන්න බැහැයි කියන්නේ.......

:       54       123

sarath Friday, 25 October 2019 10:52 AM

අලි මිනිස් ගැටුමේදී අද ගත යුත්තේ මේ ගොවිතැනින් ජීවිතය ගැටගසා ගන්නට වෙර දරන අසරණ මිනිසුන්ගේ පැත්තයි. අද රටේ අලි ජනගහණය කුඩා රටකට දැරිය නොහැකි තරමට වැඩිවී ඇත. මෙවැනි මිනිසුන්ට තර්ජනයක් වන අලි අල්ලා උන්ව භාර ගැනීමට කැමති රටකට ලබා දිය යුතුයි. මෙවැනි අදහස් වලට විරුද්ධ වන්නේ ගම්බද ගොවීන් අද විදින දුක නොදන්නා අයයි.

:       144       141

sunil Saturday, 26 October 2019 02:41 PM

මෙවැනි ජනජීවිතයට තර්ජනයක් වන අලින්ට වෙඩි තැබීමට අවසර දිය යුතුයි.

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 195 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 162 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 964 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site