
(ශාන්ත රත්නායක)
ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් විදුහල්පති සමිති සන්ධානය සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් බත්තරමුල්ල අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට පැවැත්වේ.
මේ හේතුවෙන් බත්තරමුල්ලේ දැඩි රථවාහන තදබදයක් පවතී.අවට මාර්ග සියල්ලම අවහිර වී තිබේ.
අනිතික විදුහල්පති බඳවා ගැනීම් වලට විරෝධය පළ කිරීම හා නව වැටුප් චක්‍ර ලේඛනයක් මගින් විදුහල්පති ශ්‍රේණි ධාරීන් සඳහා සිදුවන මූලිය අසාධාරණය පෙන්වා දීම, විදුහල්පති සේවය බලහත්කාරයෙන් සංවුත කිරීමට විරෝධය පල කිරීම, අමාත්‍ය අනුකමිටු වාර්තාව සඳහන් විදුහල්පතිවරුන් වෙනුවෙන් කරන ලද නිර්දේශ ක්‍රියාත්මක කිරීමට බල කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ඔවුහු මෙම වර්ජනය සිදු කරති .







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පඩි වැඩි කලාට පස්සෙත් උද්ඝෝෂණය කරන්නේ ඇයි.?
අපේ රට කරන්න බෑ කිසිම කෙනෙකුට... මේ කාලකන්නි වෘත්තීය සමිති ව්‍යාපාර හැමදාම මහපාරේ...!!!
විදුහල්පති ව්‍යවස්ථාව කැඩීම ජාතික ව්‍යසනයක්... විභාග තියලා සුදුස්සා තෝරා ගන්න.
මේ මිනිස්සු රටට වදයක්
විදුහල්පති සේවාව සංවෘත කළ යුතු නැත. ශ්‍රී ලංකා පරිපාලන සේවය /සැලසුම් සේවය ලෙස ශ්‍රී ලංකා විදුහල්පති සේවය ශ්‍රේණිගත කළ යුතුය. විදුහල් පති වරයෙක් වීමට ගුරුවරයෙක්ව සිටිම අනිවාර්යය වියයතු නැත. ශ්‍රි ලංකා විදුහල් පති සේයට උපාධිධාරීන් විභාගයකින් බඳවා ගත හැකිය. විධිමත් පුහුණුවකින් සියළු සුදුසුකම් සකස් කළ හැකිවේ. සියළුම උපාධිධාරී්න්ට ද ඉල්ලුම් කළ හැකි විය යුතවේ. සීමිත විභාගය සඳහා සුදුසුකම් ලත් ගුරුවරුන්ට සහ අපාධිදාරීන්ට ඉල්ලුම් කළ හැකි පරිදි සකස් කළ යුතු වේ . ගුරු සේවාවද සංවෘත කල යුතු නැත. සංවෘත වීම දැනුම එක තැන පල් වීමකි. සුදුසුකම් ලත් ඕනෑම උපාධිධාරියෙකුට රැකියා සඳහා අවස්ථා තිබිය යුතුය. විදුහල්පති වරයෙක් කළමනාකරුවකු වන බැවින් එම සේවාව පරිපාලන සේවය මෙන් විශේෂ වියයුතුය.