IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


විදුහල්පති විරෝධයෙන් බත්තරමුල්ල පාර අවහිර වෙයි

(ශාන්ත රත්නායක)

ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් විදුහල්පති සමිති සන්ධානය සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් බත්තරමුල්ල අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට පැවැත්වේ.

මේ හේතුවෙන් බත්තරමුල්ලේ  දැඩි රථවාහන තදබදයක් පවතී.අවට මාර්ග සියල්ලම අවහිර වී තිබේ.

අනිතික විදුහල්පති බඳවා ගැනීම් වලට විරෝධය පළ කිරීම හා නව වැටුප් චක්‍ර ලේඛනයක් මගින් විදුහල්පති ශ්‍රේණි ධාරීන් සඳහා සිදුවන මූලිය අසාධාරණය පෙන්වා දීම, විදුහල්පති සේවය බලහත්කාරයෙන් සංවුත කිරීමට විරෝධය පල කිරීම, අමාත්‍ය අනුකමිටු වාර්තාව සඳහන් විදුහල්පතිවරුන් වෙනුවෙන් කරන ලද නිර්දේශ ක්‍රියාත්මක කිරීමට බල කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ඔවුහු මෙම වර්ජනය සිදු කරති .



අදහස් (6)

විදුහල්පති විරෝධයෙන් බත්තරමුල්ල පාර අවහිර වෙයි

යෝගා Wednesday, 12 January 2022 11:55 AM

පඩි වැඩි කලාට පස්සෙත් උද්ඝෝෂණය කරන්නේ ඇයි.?

:       0       0

කිරි පුතා Wednesday, 12 January 2022 02:54 PM

අපේ රට කරන්න බෑ කිසිම කෙනෙකුට... මේ කාලකන්නි වෘත්තීය සමිති ව්‍යාපාර හැමදාම මහපාරේ...!!! 

:       3       13

fairoosThursday, 13 January 2022 03:41 PM

කිරිපුතා නියම බයියෙක් වගේ.

:       0       0

චන්දන Wednesday, 12 January 2022 03:05 PM

විදුහල්පති ව්‍යවස්ථාව කැඩීම ජාතික ව්‍යසනයක්... විභාග තියලා සුදුස්සා තෝරා ගන්න.

:       1       6

Prase Thursday, 13 January 2022 08:56 AM

මේ මිනිස්සු රටට වදයක්

:       0       0

ඉමාලි හේවාපතිරණ Thursday, 13 January 2022 01:35 PM

විදුහල්පති සේවාව සංවෘත කළ යුතු නැත. ශ්‍රී ලංකා පරිපාලන සේවය /සැලසුම් සේවය ලෙස ශ්‍රී ලංකා විදුහල්පති සේවය ශ්‍රේණිගත කළ යුතුය. විදුහල් පති වරයෙක් වීමට ගුරුවරයෙක්ව සිටිම අනිවාර්යය වියයතු නැත. ශ්‍රි ලංකා විදුහල් පති සේයට උපාධිධාරීන් විභාගයකින් බඳවා ගත හැකිය. විධිමත් පුහුණුවකින් සියළු සුදුසුකම් සකස් කළ හැකිවේ. සියළුම උපාධිධාරී්න්ට ද ඉල්ලුම් කළ හැකි විය යුතවේ. සීමිත විභාගය සඳහා සුදුසුකම් ලත් ගුරුවරුන්ට සහ අපාධිදාරීන්ට ඉල්ලුම් කළ හැකි පරිදි සකස් කළ යුතු වේ . ගුරු සේවාවද සංවෘත කල යුතු නැත. සංවෘත වීම දැනුම එක තැන පල් වීමකි. සුදුසුකම් ලත් ඕනෑම උපාධිධාරියෙකුට රැකියා සඳහා අවස්ථා තිබිය යුතුය. විදුහල්පති වරයෙක් කළමනාකරුවකු වන බැවින් එම සේවාව පරිපාලන සේවය මෙන් විශේෂ වියයුතුය.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 622 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17597 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 725 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site