IMG-LOGO

2025 නොවැම්බර් මස 02 වන ඉරිදා


විදුහල්පති-ගුරු වර්ජනයෙන් අධ්‍යයන කටයුතු අඩාලයි

ගුරුවරුන්ගේ සහ විදුහල්පතිවරුන්ගේ  වැඩ වර්ජනය හේතුවෙන්  දිවයින පුරා පාසල්හි  අද (26)  අධ්‍යාපන කටයුතු අඩාල වී තිබේ.
 
ඇතැම් පාසල්වල දරුවන්  උදෑසන පාසලට පැමිණ සිටි අතර ගුරුවරු නොමැති වීම හේතුවෙන් මව්පියන් මැදිහත්වීමෙන් දරුවන් නැවත නිවෙස් වෙත කැඳවාගෙන ගොස් තිබේ.
 
වැටුප් විෂමතා ඉවත්කිරීම, රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ යෝජනාව ඉවත්කිරීම, ගුරුවරුන් මත පටවා ඇති අනවශ්‍ය අමතර රාජකාරී ඉවත්කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින්  විදුහල්පතිවරුන් හා  ගුරුවරුන් වර්ජනයේ නියැලෙති.

(කාංචන කුමාර ආරියදාස, හිරාන් ප්‍රියංකර, රංජිත් රාජපක්ෂ, සුමතිපාල දියගහගේ, තිලකරත්න දිසානායක, ලලිත් නවරත්න, එච් චන්දන,ප්‍රසාද් රුක්මල්,දිනේෂ්  උපේන්ද්‍ර , දයාරත්න ඇඹෝගම, සනත් ගමගේ, රොමේෂ් මධුෂංක සහ ප්‍රියානි මංගලිකා, වසන්ත චන්ද්‍රපාල)

(ඡයාරූප - කාංචන කුමාර )

(ඡායාරූප  එච් චන්දන) 

(ඡායාරූප -ගාමිණි බණ්ඩාර ඉලංගන්තිලක)

(ඡායාරූප - හිරාන් ප්‍රියංකර)

(ඡායාරූප - ප්‍රසාද් රුක්මල්)

( ඡායාරූපය - දිනේෂ් උපේන්ද්‍ර)

(දයාරත්න ඇඹෝගම )

(ඡායාරූප - ඩබ්ලිව් ඒ පියතිලක) 

(සනත් ගමගේ )

(රොමේෂ් මධුෂංක)

(ප්‍රියානි මංගලිකා)

(වසන්ත චන්ද්‍රපාල)

 



අදහස් (9)

විදුහල්පති-ගුරු වර්ජනයෙන් අධ්‍යයන කටයුතු අඩාලයි

රට වැසියා Thursday, 26 September 2019 05:05 AM

ඉස්සර කවුරු ස්ට්‍රයික් කළත් ගුරුවරු ස්ට්‍රයික් කළේ නෑ. දැන් ඒකත් හරි. ගුරුවරුන්ට වඩා ගුරුවරියන් මේ සේවයෙන් ගොඩාක් වාසි ගන්නවා. අවුරුද්දකට හිමිවන නිවාඩු සියල්ල හා ප්‍රසූත නිවාඩු ආදිය සලකා බලන විට ගුරුවරියන් වර්ෂයකට සැබැවින්ම සේවය කරන්නේ මාස දෙකකට ආසන්න ප්‍රමාණයක්. දරුවන්ට මේ කරන්නේ අපරාධයක්.

:       485       617

DineshFriday, 27 September 2019 12:47 AM

මම උපාධිධාරී ගුරුවරයෙක්. සා පෙළ ඩී 10ක් අරන් උසස් පෙළ දිස්ත්‍රික්කයෙන් 43 වෙලා මාර කට්ටක් කරලයි උපාධිය කර ගත්තේ... ගුරුකමට ආසා නිසාත් එ්ක කරලා ලොකු ප්‍රතිඵල පෙන්වන්න හැකි නිසාත් මේකට ආවා... මට පඩිය 35000, මුකුත් ඉගෙන ගෙන නැති මුරකරුටත් ඊට වඩා පඩි. පොඩි පුතාගේ කිරි පිටි ටික ගන්නම පඩියෙන් බාගයක් යනවා. ඉස්කෝලේ ළමයෙක් අපි බඩගින්නේ තියන්නේ නැහැ. මිනිස්සු මේවා නොදැනයි මේ කියවන්නේ. සපත්තු දෙකක් නැති ළමයෙක් දැක්කම නිකන් ඉන්නේ නැහැ. ඉල්ලීම් කරලා අවුරුදු ගණනාවක් නොලැබුණු තැන තමයි මේ ගුරු අම්මලා තාත්තලා වර්ජන වලට එන්නේ. 1.30 වෙනකොට ගෙදර යනවා කිව්වට ගිය වෙලේ ඉඳන් පහුවදාට අරන් යන්න තියන ලියකියවිලි සකස් කරන්න වෙනවා. පීරියඩ් 8ම උගන්නලා පොත්ටික මල්ලක එල්ලන් ගිහින් බස්වල හිටගෙන ගිහිල්ලා ඒවා බලන්න වෙනවා. වෙන කිසිම රස්සාවක හෝම්වර්ක් නැහැ. හරියට දැනගෙන කතා කරන්න ඔයාලා අද මෙතන වචන ටික ගැටගහලා අපිට බනින්නෙත් අපි උගන්නපු අකුරු වලින්මයි ඔයාලගේ ළමයි ගොඩ දාන්නෙත් අපිමයි දවසක. මම ඉස්කෝලේ උගන්වන්න ගන්නේ පාන්දර 5 ට... ගුරුවරුන් කරන මෙහෙය නොදැන හිතට එන එව්වා කියලා ගුරුවරුන්ගේ සාපය වද්දගන්න එපා ඔයාලගේ ජීවිතවලට...

:       0       0

vipula Thursday, 26 September 2019 07:14 AM

මම අවුරුදු 13 ක් ඉස්කෝලේ ගියා කිසිම දවසක් ගුරුවරු වැඩ වර්ජන කලේ නැහැ. එදත් ඔවුන්ට වැටුප් ප්‍රශ්න තියෙන්නේ ඇති. නමුත් ගුරු වෘත්තියේ තියෙන ගෞරවයට එසේ නොකරන්න ඇති.අපිට ඉස්සරහට අහන්න වෙයි විභාග තියෙන දවස් වල මෙහෙම වුනා කියලා. මිනිසුන් විදිහට අපි දිනෙන් දින මේ යන්නේ විනාශයට. තව කාලෙකින් අහන්න පුළුවන් පොලිස් දෙපාර්තමේන්තුවත් වර්ජන කළා කියලා. පුදුම වෙන්න දෙයක් නැහැ. මේ රටේ මිනිස්සු හැදෙන අය නෙමෙයි ඉන්නේ විනාශයට යන අය.

:       0       37

sandy123Thursday, 26 September 2019 09:01 AM

සහතික ඇත්ත. අපි ඉස්කෝලේ යනකොට "ස්ට්‍රයික්" කියන වචනය පාසැල් ශබ්දකෝෂයේ නැහැ. එ්කටත් එක්ක දැන්. රාජකාරියේ තේමා පාඨය වෙලා.

:       0       0

sandy123Thursday, 26 September 2019 11:42 AM

ඉස්සර අපි ඉස්කෝලේ යනකොට "ස්ට්‍රයික්" යන වචනය පෙළ පොත්වල තිබුනේ නැහැ. එ්කටත් එක්ක දැන් හැම පරිච්ඡේදයකටම බද්ධ වෙලා.

:       0       0

sandy123Thursday, 26 September 2019 12:58 PM

ඉස්සර අපි ඉස්කෝලේ යනකොට "ස්ට්‍රයික්" යන වචනය පෙළ පොත් වල තිබුනේ නැහැ. එ්කටත් එක්ක දැන් හැම පරිච්ඡේදයකටම බද්ධ වෙලා.

:       0       1

බද්රානි Thursday, 26 September 2019 07:58 AM

ජනසවියට, දහම්පාසල් සහතිකේට ප්‍රේමදාස යුගයේ සාමාන්‍ය පෙළ පමණක් සමත් අයට අභ්‍යාසලාභි ගුරු පත්වීම් දුන්නා මතකද? ඒවගේ ප්‍රතිඵල තමයි මේ. නමට ගුරුවරු.

:       116       170

Maheshika Thursday, 26 September 2019 02:01 PM

පාසැල ඉවරුන ගමන් කඩාගෙන බිඳගෙන ගෙදර ගිහින්රෙන අමතර පන්තියත් වහලද? රජයේ පාසල්වල උගන්වන ගුරුවරුන්ට ගෙදර අමතර පන්ති කිරීම සඳහා අවසර දීමෙන් වෘත්තීය විකුණන් කෑම පටන් ගත බව නොරහසකි. එතනින් නොනැවතුන ඔවුන් දැන් දරුවන් විකුණා ඔවුන්ගේ ඉල්ලීම් දිනාගැනීමට පෙලඹී ඇත. අහෝ රටකට ගිය කල.... මා විදේශයක ජීවත්වෙන කෙනෙක්. මා ජීවත්වෙන රටේ ගුරුවරු පාසැල ඉවරුන ගමන් ළමයි සමග පාසලෙන් එලියට පනින්නේ නැත. ඔවුන් පසුදින සඳහා සියලුම දේ සූදානම් කර නිවෙස් බලා යන්නේ සාමාන්‍ය කාර්යාල සේවකයන් යන වෙලාවත් පහුවෙලාය. විශේෂයෙන්ම විදුහල්පතිවරයාද බොහෝවිට ප්‍රමාදවී පාසලෙන් පිටව යයි. පාසලට පැමිණීම ගත්විට, පාසල් ළමුන් සඳහා විවෘත වන්නේ උදැසන 9 ටය. නමුත් උදැසන 8 වනවිට ගුරුවරුන් 90% පාසලට පැමිණ හමාරය. විදුහල්පතිවරයා උදේ 7.30 වන විට පාසලේය. අපේ රට කවදා මෙවන් තැනකට ඒවිද?

:       102       5

Siri Thursday, 26 September 2019 06:05 PM

පාසලේ ස්ට්‍රයික් කළාට මෙලහට ටියුෂන් කඩ ඇතුලේ දේශනාව තියනවා ඇති යමරෙට. ගුරු චීවරදාරියොත් ඉස්ට්‍රයික්? ඉස්සර හාමුදුරුවරු නොමිලේ පන්සල්වල ඉගැන්නුවේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1832 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1480 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 526 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site