ගුරුවරුන්ගේ සහ විදුහල්පතිවරුන්ගේ වැඩ වර්ජනය හේතුවෙන් දිවයින පුරා පාසල්හි අද (26) අධ්‍යාපන කටයුතු අඩාල වී තිබේ.
ඇතැම් පාසල්වල දරුවන් උදෑසන පාසලට පැමිණ සිටි අතර ගුරුවරු නොමැති වීම හේතුවෙන් මව්පියන් මැදිහත්වීමෙන් දරුවන් නැවත නිවෙස් වෙත කැඳවාගෙන ගොස් තිබේ.
වැටුප් විෂමතා ඉවත්කිරීම, රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ යෝජනාව ඉවත්කිරීම, ගුරුවරුන් මත පටවා ඇති අනවශ්‍ය අමතර රාජකාරී ඉවත්කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් විදුහල්පතිවරුන් හා ගුරුවරුන් වර්ජනයේ නියැලෙති.
(කාංචන කුමාර ආරියදාස, හිරාන් ප්‍රියංකර, රංජිත් රාජපක්ෂ, සුමතිපාල දියගහගේ, තිලකරත්න දිසානායක, ලලිත් නවරත්න, එච් චන්දන,ප්‍රසාද් රුක්මල්,දිනේෂ් උපේන්ද්‍ර , දයාරත්න ඇඹෝගම, සනත් ගමගේ, රොමේෂ් මධුෂංක සහ ප්‍රියානි මංගලිකා, වසන්ත චන්ද්‍රපාල)



(ඡයාරූප - කාංචන කුමාර )


(ඡායාරූප එච් චන්දන)



(ඡායාරූප -ගාමිණි බණ්ඩාර ඉලංගන්තිලක)



(ඡායාරූප - හිරාන් ප්‍රියංකර)


(ඡායාරූප - ප්‍රසාද් රුක්මල්)

( ඡායාරූපය - දිනේෂ් උපේන්ද්‍ර)

(දයාරත්න ඇඹෝගම )


(ඡායාරූප - ඩබ්ලිව් ඒ පියතිලක)


(සනත් ගමගේ )


(රොමේෂ් මධුෂංක)



(ප්‍රියානි මංගලිකා)



(වසන්ත චන්ද්‍රපාල)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්සර කවුරු ස්ට්‍රයික් කළත් ගුරුවරු ස්ට්‍රයික් කළේ නෑ. දැන් ඒකත් හරි. ගුරුවරුන්ට වඩා ගුරුවරියන් මේ සේවයෙන් ගොඩාක් වාසි ගන්නවා. අවුරුද්දකට හිමිවන නිවාඩු සියල්ල හා ප්‍රසූත නිවාඩු ආදිය සලකා බලන විට ගුරුවරියන් වර්ෂයකට සැබැවින්ම සේවය කරන්නේ මාස දෙකකට ආසන්න ප්‍රමාණයක්. දරුවන්ට මේ කරන්නේ අපරාධයක්.
මම අවුරුදු 13 ක් ඉස්කෝලේ ගියා කිසිම දවසක් ගුරුවරු වැඩ වර්ජන කලේ නැහැ. එදත් ඔවුන්ට වැටුප් ප්‍රශ්න තියෙන්නේ ඇති. නමුත් ගුරු වෘත්තියේ තියෙන ගෞරවයට එසේ නොකරන්න ඇති.අපිට ඉස්සරහට අහන්න වෙයි විභාග තියෙන දවස් වල මෙහෙම වුනා කියලා. මිනිසුන් විදිහට අපි දිනෙන් දින මේ යන්නේ විනාශයට. තව කාලෙකින් අහන්න පුළුවන් පොලිස් දෙපාර්තමේන්තුවත් වර්ජන කළා කියලා. පුදුම වෙන්න දෙයක් නැහැ. මේ රටේ මිනිස්සු හැදෙන අය නෙමෙයි ඉන්නේ විනාශයට යන අය.
ජනසවියට, දහම්පාසල් සහතිකේට ප්‍රේමදාස යුගයේ සාමාන්‍ය පෙළ පමණක් සමත් අයට අභ්‍යාසලාභි ගුරු පත්වීම් දුන්නා මතකද? ඒවගේ ප්‍රතිඵල තමයි මේ. නමට ගුරුවරු.
පාසැල ඉවරුන ගමන් කඩාගෙන බිඳගෙන ගෙදර ගිහින්රෙන අමතර පන්තියත් වහලද? රජයේ පාසල්වල උගන්වන ගුරුවරුන්ට ගෙදර අමතර පන්ති කිරීම සඳහා අවසර දීමෙන් වෘත්තීය විකුණන් කෑම පටන් ගත බව නොරහසකි. එතනින් නොනැවතුන ඔවුන් දැන් දරුවන් විකුණා ඔවුන්ගේ ඉල්ලීම් දිනාගැනීමට පෙලඹී ඇත. අහෝ රටකට ගිය කල.... මා විදේශයක ජීවත්වෙන කෙනෙක්. මා ජීවත්වෙන රටේ ගුරුවරු පාසැල ඉවරුන ගමන් ළමයි සමග පාසලෙන් එලියට පනින්නේ නැත. ඔවුන් පසුදින සඳහා සියලුම දේ සූදානම් කර නිවෙස් බලා යන්නේ සාමාන්‍ය කාර්යාල සේවකයන් යන වෙලාවත් පහුවෙලාය. විශේෂයෙන්ම විදුහල්පතිවරයාද බොහෝවිට ප්‍රමාදවී පාසලෙන් පිටව යයි. පාසලට පැමිණීම ගත්විට, පාසල් ළමුන් සඳහා විවෘත වන්නේ උදැසන 9 ටය. නමුත් උදැසන 8 වනවිට ගුරුවරුන් 90% පාසලට පැමිණ හමාරය. විදුහල්පතිවරයා උදේ 7.30 වන විට පාසලේය. අපේ රට කවදා මෙවන් තැනකට ඒවිද?
පාසලේ ස්ට්‍රයික් කළාට මෙලහට ටියුෂන් කඩ ඇතුලේ දේශනාව තියනවා ඇති යමරෙට. ගුරු චීවරදාරියොත් ඉස්ට්‍රයික්? ඉස්සර හාමුදුරුවරු නොමිලේ පන්සල්වල ඉගැන්නුවේ...