(මඩකලපුව වාර්තාකරු ටී.එල්. ජව්ෆර්කාන්)
නවසීලන්තය ඕස්ට්‍රේලියාව වැනි රටවල සිට විදේශ පක්ෂීන් නැගෙනහිර පළාතට දෙසට පැමිණීම ආරම්භවී ඇත.
මඩකලපුව කල්මුනේ ප්‍රධාන මාර්ගයේ ආරයන්පති ප්‍රදේශීය ලේකම් බල ප්‍රදේශයේ කිරාන්කුලම් ප්‍රදේශයේ විශාල් ගණනක් විදේශීය පක්ෂීන් පැමිණි ඇත. මෙම පක්ෂීන් ඔස්ට්‍රේලියාව නවසීලන්තය රටවල්වලින් පැමිණෙන බවට අනාවරණය වී ඇත.
වසරක් පාසා ජනවාරි, පෙබරවාරි මාසවල එහි සිට පැමිණෙන පක්ෂීන් මෙම ප්‍රදේශවල ගස්වල නවාතැන් ගෙන බිත්තර දමා තමන්ගේ පැටවුන් සමග නැවත තමන්ගේ රටට නැවතත් ගමන් අරඹයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්න නියම නිදහස ..
මේ පක්ෂීන් එන්නේ දැන් ශිත සෘතුව තියන උතුරු අර්ධගෝලයේ රටවලින් නොවේද?
මේ කුරුල්ලන්ගේ නම දන්නවද? විස්තරේ හැටියට ඕස්ට්‍රේලියන් සුදු ඉබිස් කියන කුරුල්ලද? සාමාන්‍යයෙන් ඉන්නේ කලපු වැනි වතුර ආශ්‍රිතවලු...
ඕස්ට්‍රේලියන් වයිට් අයිබිස් (White Ibis) තමා. වර්ග තුනක් ඉන්නවලු.
මේ රටේ නම් බිත්තර දාන්නේ, පැටවූ හැදෙන්නේ උන් කොහොමද විදේශීය කුරුල්ලන් වෙන්නේ.. උන් අපේ රටේ කුරුල්ලෝ. උනුත් හරියට අපේ කොල්ලෝ කෙල්ලෝ සංක්‍රමණය වෙනවා වගේ ඉපදිලා හැදිලා වැඩිලා පිටරට යන එකනේ වෙන්නේ. ඔතන තමයි වැරදුණු තැන... ලංකාවේ ඉපදුණත්, හැදුණත්, වැඩුණත් ඉන්නේ ඕස්ට්‍රේලියාවේ නම්, නවසීලන්තයේ නම් උන් එහෙ කුරුල්ලෝ...
චීනයෙන් එන පක්ෂීන් වෛද්‍ය පරීක්ෂණයකට භාජනය කළ යුතුයි. කොරෝනා වෛරසය ගේන්න පුළුවන්...
ඕස්ට්‍රේලියාවේ වැඩිපුර වතුර බොනවා කියලා ඔටුවන් 10,000ක් මැරුවා කියලා ආරංචියක් ආවා. කුරුල්ලනේ නුඹලාටත් ඉදිරියෙදි මොනවා වේවිද දන්නේ නෑ. එ්ක නිසා මෙහෙම ඉඳපල්ලා.
මෙහෙ පැටව් දානවා නම් මෙහෙ තමයි නිජබිම...
"ලස්සන සිරි ලංකා..."
ප්‍රාදේශීය සභාවට දැනගන්න තියන්න එපා... ඔවුන්ටත් වීසා තියෙනවද බලයි...
මේ කුරුල්ලාගේ ජෙර්මන් නම ලොඑෆ්ලෙර්, ඉංග්‍රීසි නම ස්පුන්බිල්, බිත්තර දාන්නේ වසන්ත සෘතුවේ උතුරු අර්ධගෝලයේ රටවලයි.
අනේ පොඩි පැටව් කොහොමද මෙච්චර දුර පියාඹන්නේ ? ටිකක් ලොකු වෙනකම් මෙහෙම ඉන්න කියලා නීතියක් සම්මත කරන්න ඕන පාර්ලිමේන්තුවට කියලා.