IMG-LOGO

වෛද්‍ය වර්ජනයෙන් රෝගීන් අපහසුතාවයට

ශ්‍රි ලංකාව සහ සිංගප්පුරුව අතර අත්සන් කරන ලද නිදහස් වෙළඳ ගිවිසුමට විරෝධය පාමින් රජයේ වෛද නිලධාරින්ගේ සංගමය විසින් දිවයින පුරා අද (17) ආරම්භ කර ඇති සංකේත වැඩ වර්ජනය හේතුවෙන් රෝගීහු දැඩි අසීරුතාවයට පත්වුහ.

වතුකරයේ පිහිටි ප්‍රධාන මුලික රෝහල් ඇතුළු ප්‍රාදේශීය රජයේ රෝහල් ගණනාවකටම රෝගීන් පැමිණ සිටි අතර වෛද්‍යවරුන් වැඩවර්ජනය කිරිම නිසා ඔවුන් ආපසු ප්‍රතිකාර නොලබා යන ආකාරයක් දක්නට ලැබුණි.

වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් වතුකරයේ රජයේ රෝහල්වල බාහිර රෝගි අංශය,සායන කටයුතු කිසිවක් සිදු නොකළ අතර, හදිසි අවස්ථා පමණක් ආවරණය කරන බව රෝහල්වල වෛද්‍යවරු පැවසුහ.

 

ඡායාරූප - හැටන් රංජිත් රාජපක්ෂ (වතුකරයේ ජනතාව)

(ඡායාරූප - සිතුම් චතුරංග)  වව්නියාව  මහරෝහලට පැමිණ ප‍්‍රතිකාර ලබාගැනීමට නොහැකිව අපහසුතාවටපත් රෝගීන්.

ඡායාරූප - ජුඩ් සමන්ත (හලාවත මහ රෝහලේ රෝගීන් අපහසුවට පත් වු අයුරු)

ඡායාරූප - කරුණාරත්න ගමගේ (පොළොන්නරු මහ රෝහලේ රෝගීන් අපහසුවට පත් වු අයුරු)

ඡායාරූප - ජවුෆර් ඛාන් (මඩකලපුව මහ රෝහලේ රෝගීන් අපහසුවට පත් වු අයුරු)

 කොළඹ ජාතික රෝහලෙහි රෝගීන් අපහසුතාවට පත්ව සිටි අයුරු  (ඡායාරූප -රොමේෂ් ධනුෂ්ක සිල්වා )

අම්පාර මහා රෝහලේ රෝගීන් අසීරුතාවට පත්ව සිටි අයුරු (ඡායාරූප වසන්ත චන්ද්‍රපාල)

ඡායාරූප - හිරාන් ප්‍රියංකර  (පුත්තලම මහ රෝහලේ රෝගීන් අපහසුවට පත් වු අයුරු)



අදහස් (14)

වෛද්‍ය වර්ජනයෙන් රෝගීන් අපහසුතාවයට

lanka Thursday, 17 May 2018 07:59 AM

දැන් සයිටම් ඉවරකලා. ලංකාවේ සල්ලි පිටරට යවන විදේස් ‍ෙවෙද්‍ය උපාධිවලට කිසිම විරුද්දත්වයක් නැහැ. සිංගපුරුවෙන් ලංකාවේ හොස්පිටල් එකක් දාල එහෙ දොස්තරලා එනවට මේගොල්ල බයායි. නමුත් මේ කට්ටිය මුදල් දෙනවනම් ඔය ඕනෙම තැනක වැඩ කරනවා.දැන් මේ නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගෙන රටගැන කතාකරන අපේ දොස්තරල වර්ජනය කලහම සිංගප්පුරු ව බයවෙයි.........

:       36       1020

janis Thursday, 17 May 2018 09:14 AM

අහිංසක මිනිසුන්ට හිංසා කරන මේ අයට දොස්තර කියලා කියන්න බැහැ, හැම අතකින්න්ම බැට කන්නේ මේ අහිංසකයන්.

:       143       120

etara helaya Thursday, 17 May 2018 09:27 AM

ඡන්දේ කාලෙදිත් වැඩ වර්ජන වලදීත් විතරක් තප්පු ලන දේශපාලකයෝ ඉන්න එකම රට ලංකාවද? මේ රජය ආ ද ඉඳල කලේ ජනතව පාරට බස්සන වැඩ .

:       3       20

shan Thursday, 17 May 2018 03:44 PM

රජය වග කියන්න ඕනේ. බැරි නම් දාල යන්න.

:       1       1

parakkrama Thursday, 17 May 2018 05:20 PM

මට හිතෙන හැටියට, දැන් නම් මහජනතාවට වැටහිලා ඇති රජයේ රෝහල්වල සිටින වර්තමාන දොස්තරවරු කරන්නේ වෙදකම් කරනවාට වඩා කාගේ හෝ වුවමනාවක් පිරිමහන්න මොකක්හරි හේතුවක් අල්ලාගෙන, අසරණ රෝගීන් අපහසුතාවට පත්කර රජය කෙරෙහි කලකිරවීමේ ක්‍රියාවලියක නියැලී සිටින බව... අනික් අතට මගේ හිතට නැගෙන පැනය තමයි මහජනතාවගේ මුදල්වලින් ඉගෙනගෙන, මහජනතාවගේ මුදල්වලින් වැටුප් හා දීමනා මෙන්ම වරප්‍රසාද ලබන, ඉහළටම උගත් ලෙස ජනතාවට පෙන්නුම් කරන හා හැසිරෙන වෛද්‍යවරයෙකුට හැකිද ඒ මහජනතාවගේ දුප්පත් අසරණ රෝගියෙකුට ප්‍රතිකාර නොකර සිටීමට? මෙය සදාචාරාත්මකද? සමස්තයක් වශයෙන් ගත් කළ, මේ ක්‍රියා නිසා, මොවුන් ගැන මහජනතාව තුල ඇත්තේ පැහැදීමක්ද, කළකිරීමක්ද යන්න තේරුම් ගැනීමට මේ ඇත්තන් හට බුද්ධිය පහළ වේවා. තව දුරටත් වෛද්‍ය වෘත්තියට නිග්‍රහ නොකරත්වා !!!

:       0       14

විකුම් රංගන Thursday, 17 May 2018 08:19 PM

කෝ අර ලංකාවේ දොස්තර මුදලාලිලාගේ කටු ලෙවකන සුනඛයෝ රංචුව? පොකට් එකට තට්ටු වෙයි කියලා බඩේ අමාරුව හැදිලා තියන දොස්තර මුදලාලිලාට කඩේ යන මෝඩ අම්බරුවන්ට මට නම් කියන්න තිබෙන්නේ, ඔහොම වෙලා මදි තොපිට කියලයි?

:       0       714

BamunuarachchiFriday, 18 May 2018 03:10 AM

දැන් ඔයත් රට ගිය නිසාද එහෙම කියන්නේ

:       1       0

Hafeel Thursday, 17 May 2018 08:26 PM

සෞඛ්‍ය ඇමැති කෙනෙක් රටට අවශ්‍යද එම ඇමැතිකමේ තේරුම මොනවදා? වටිනාකමක් තියෙනවාද කිසිසේත්ම මේ ගිවිසුම වෛද්‍ය සංගමයට අදාලම නැහැ. මහජන මුදල් නාසිත්වෙන එක පමණයි වෙන්නේ.

:       0       2

chris Thursday, 17 May 2018 09:49 PM

නියමයි ,කීයක් මළත් අපි අපේ සටන අතාරින්නෙ නැහැ.

:       0       102

Susantha Friday, 18 May 2018 03:29 AM

මමත් බෙහෙත් ගන්න ගියා. එත් බෙහෙත් ගන්න බැරි උනාට දොස්තර මහත්තුරුන්ගෙ වර්ජනය 100% සාධාරණයි. රට විනාස වෙනවනම් මම නම් හිතන්නෙ අපිත් ඒ වෙනුවෙන් කතා කරන්න ඕනෙ. මෝඩ රිලව් කුහක මානසිකත්වයකින් ඉරිසියාවෙන් පිරිලා හැම එකටම දොස්තරලට බැන්නට බුද්ධිමත් ජනතාව හරි දේට හරි කියනව. වැරදි නම් වැරදියි කියනව

:       2       55

රොෂාන්Friday, 18 May 2018 09:37 AM

අනේ මෙතන රිලා නැටුම් නටන්නේ නැතිව ඉන්න. ඔච්චරටම අමාරු නම් වර්ජනය කළ දොස්තර කෙනෙකුට කියලා හොඳ වස්තියක් කර ගන්න... මෙතන පදින්නේ නැතිව. අහිංසක ලෙඩ්ඩුන්ව බිල්ලට තියලා වර්ජනය කළ වෙද්දුන්ව සාධාරණය කරන්නත් එනවනේ...

:       20       8

mahinda Friday, 18 May 2018 07:43 AM

ආණ්ඩුව දොස්තරලගේද ,දොස්තරලා ආණ්ඩුවේද?

:       0       0

chris Friday, 18 May 2018 09:34 AM

අපේ ගෝඨාභය මහත්තය හිටිය නම්, සුදු වැන් එකක් ගෙනල්ල දොස්තරලට වැඩ වර්ජන උගන්නනව, අනේ ගෝඨාභය මහත්තයෝ පුලුවන්නම් ඉක්මනට බලයට එන්න.

:       0       1

UPALI Saturday, 19 May 2018 06:25 AM

මේවා නවත්වන්න මෙයට වඩා සුපිරි කෙනෙක් හිටියා 1990 ගණන්වල මට මතක හැටියට...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 293 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 472 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 191 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site