ශ්‍රි ලංකාව සහ සිංගප්පුරුව අතර අත්සන් කරන ලද නිදහස් වෙළඳ ගිවිසුමට විරෝධය පාමින් රජයේ වෛද නිලධාරින්ගේ සංගමය විසින් දිවයින පුරා අද (17) ආරම්භ කර ඇති සංකේත වැඩ වර්ජනය හේතුවෙන් රෝගීහු දැඩි අසීරුතාවයට පත්වුහ.
වතුකරයේ පිහිටි ප්‍රධාන මුලික රෝහල් ඇතුළු ප්‍රාදේශීය රජයේ රෝහල් ගණනාවකටම රෝගීන් පැමිණ සිටි අතර වෛද්‍යවරුන් වැඩවර්ජනය කිරිම නිසා ඔවුන් ආපසු ප්‍රතිකාර නොලබා යන ආකාරයක් දක්නට ලැබුණි.
වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් වතුකරයේ රජයේ රෝහල්වල බාහිර රෝගි අංශය,සායන කටයුතු කිසිවක් සිදු නොකළ අතර, හදිසි අවස්ථා පමණක් ආවරණය කරන බව රෝහල්වල වෛද්‍යවරු පැවසුහ.





ඡායාරූප - හැටන් රංජිත් රාජපක්ෂ (වතුකරයේ ජනතාව)


(ඡායාරූප - සිතුම් චතුරංග) වව්නියාව මහරෝහලට පැමිණ ප‍්‍රතිකාර ලබාගැනීමට නොහැකිව අපහසුතාවටපත් රෝගීන්.


ඡායාරූප - ජුඩ් සමන්ත (හලාවත මහ රෝහලේ රෝගීන් අපහසුවට පත් වු අයුරු)


ඡායාරූප - කරුණාරත්න ගමගේ (පොළොන්නරු මහ රෝහලේ රෝගීන් අපහසුවට පත් වු අයුරු)



ඡායාරූප - ජවුෆර් ඛාන් (මඩකලපුව මහ රෝහලේ රෝගීන් අපහසුවට පත් වු අයුරු)



කොළඹ ජාතික රෝහලෙහි රෝගීන් අපහසුතාවට පත්ව සිටි අයුරු (ඡායාරූප -රොමේෂ් ධනුෂ්ක සිල්වා )

අම්පාර මහා රෝහලේ රෝගීන් අසීරුතාවට පත්ව සිටි අයුරු (ඡායාරූප වසන්ත චන්ද්‍රපාල)


ඡායාරූප - හිරාන් ප්‍රියංකර (පුත්තලම මහ රෝහලේ රෝගීන් අපහසුවට පත් වු අයුරු)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් සයිටම් ඉවරකලා. ලංකාවේ සල්ලි පිටරට යවන විදේස් ෙවෙද්‍ය උපාධිවලට කිසිම විරුද්දත්වයක් නැහැ. සිංගපුරුවෙන් ලංකාවේ හොස්පිටල් එකක් දාල එහෙ දොස්තරලා එනවට මේගොල්ල බයායි. නමුත් මේ කට්ටිය මුදල් දෙනවනම් ඔය ඕනෙම තැනක වැඩ කරනවා.දැන් මේ නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගෙන රටගැන කතාකරන අපේ දොස්තරල වර්ජනය කලහම සිංගප්පුරු ව බයවෙයි.........
අහිංසක මිනිසුන්ට හිංසා කරන මේ අයට දොස්තර කියලා කියන්න බැහැ, හැම අතකින්න්ම බැට කන්නේ මේ අහිංසකයන්.
ඡන්දේ කාලෙදිත් වැඩ වර්ජන වලදීත් විතරක් තප්පු ලන දේශපාලකයෝ ඉන්න එකම රට ලංකාවද? මේ රජය ආ ද ඉඳල කලේ ජනතව පාරට බස්සන වැඩ .
රජය වග කියන්න ඕනේ. බැරි නම් දාල යන්න.
මට හිතෙන හැටියට, දැන් නම් මහජනතාවට වැටහිලා ඇති රජයේ රෝහල්වල සිටින වර්තමාන දොස්තරවරු කරන්නේ වෙදකම් කරනවාට වඩා කාගේ හෝ වුවමනාවක් පිරිමහන්න මොකක්හරි හේතුවක් අල්ලාගෙන, අසරණ රෝගීන් අපහසුතාවට පත්කර රජය කෙරෙහි කලකිරවීමේ ක්‍රියාවලියක නියැලී සිටින බව... අනික් අතට මගේ හිතට නැගෙන පැනය තමයි මහජනතාවගේ මුදල්වලින් ඉගෙනගෙන, මහජනතාවගේ මුදල්වලින් වැටුප් හා දීමනා මෙන්ම වරප්‍රසාද ලබන, ඉහළටම උගත් ලෙස ජනතාවට පෙන්නුම් කරන හා හැසිරෙන වෛද්‍යවරයෙකුට හැකිද ඒ මහජනතාවගේ දුප්පත් අසරණ රෝගියෙකුට ප්‍රතිකාර නොකර සිටීමට? මෙය සදාචාරාත්මකද? සමස්තයක් වශයෙන් ගත් කළ, මේ ක්‍රියා නිසා, මොවුන් ගැන මහජනතාව තුල ඇත්තේ පැහැදීමක්ද, කළකිරීමක්ද යන්න තේරුම් ගැනීමට මේ ඇත්තන් හට බුද්ධිය පහළ වේවා. තව දුරටත් වෛද්‍ය වෘත්තියට නිග්‍රහ නොකරත්වා !!!
කෝ අර ලංකාවේ දොස්තර මුදලාලිලාගේ කටු ලෙවකන සුනඛයෝ රංචුව? පොකට් එකට තට්ටු වෙයි කියලා බඩේ අමාරුව හැදිලා තියන දොස්තර මුදලාලිලාට කඩේ යන මෝඩ අම්බරුවන්ට මට නම් කියන්න තිබෙන්නේ, ඔහොම වෙලා මදි තොපිට කියලයි?
සෞඛ්‍ය ඇමැති කෙනෙක් රටට අවශ්‍යද එම ඇමැතිකමේ තේරුම මොනවදා? වටිනාකමක් තියෙනවාද කිසිසේත්ම මේ ගිවිසුම වෛද්‍ය සංගමයට අදාලම නැහැ. මහජන මුදල් නාසිත්වෙන එක පමණයි වෙන්නේ.
නියමයි ,කීයක් මළත් අපි අපේ සටන අතාරින්නෙ නැහැ.
මමත් බෙහෙත් ගන්න ගියා. එත් බෙහෙත් ගන්න බැරි උනාට දොස්තර මහත්තුරුන්ගෙ වර්ජනය 100% සාධාරණයි. රට විනාස වෙනවනම් මම නම් හිතන්නෙ අපිත් ඒ වෙනුවෙන් කතා කරන්න ඕනෙ. මෝඩ රිලව් කුහක මානසිකත්වයකින් ඉරිසියාවෙන් පිරිලා හැම එකටම දොස්තරලට බැන්නට බුද්ධිමත් ජනතාව හරි දේට හරි කියනව. වැරදි නම් වැරදියි කියනව
ආණ්ඩුව දොස්තරලගේද ,දොස්තරලා ආණ්ඩුවේද?
අපේ ගෝඨාභය මහත්තය හිටිය නම්, සුදු වැන් එකක් ගෙනල්ල දොස්තරලට වැඩ වර්ජන උගන්නනව, අනේ ගෝඨාභය මහත්තයෝ පුලුවන්නම් ඉක්මනට බලයට එන්න.
මේවා නවත්වන්න මෙයට වඩා සුපිරි කෙනෙක් හිටියා 1990 ගණන්වල මට මතක හැටියට...