IMG-LOGO

2024 අප්‍රේල් මස 30 වන අඟහරුවාදා


වෛද්‍ය රුක්ෂාන් පැය පහකට පසු මුදා ගැනේ

(රංජන් කස්තුරි) 

කොළඹ ජාතික රෝහලේ සුළු සේවකයන්ගේ පැය පමණ කාලයක් කාමර අඩස්සියේ තබාගෙන සිටි කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ රුක්ෂාන් බෙල්ලන මහතා  පොලිසිය සහ පොලිස් කැරලි මර්දන කණ්ඩායම්  විසින් පැය පහකට පමණ පසු නිදහස් කර ගනු ලැබීය.

රෝහලේ කණිෂ්ඨ කාර්ය මණ්ඩලය ඇතැම් පිරිස් ගංජා සහ මත්කුඩුවලට  අබ්බැහි වී ඇති බවට කළ ප්‍රකාශකයට විරෝධයක දක්වමින් මෙසේ අධ්‍යක්ෂවරයා ඔහුගේ කාර්යාලයතුළ සිර කර විරොධතාවේ නිරත විය. 

ඇතැම් සේවකයන් රෝගීන්ගේ බඩු භාණ්ඩද සොරාගන්නා බව නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා විසින් මාධ්‍යයට ප්‍රකාශයක් කරනු ලැබීය.

(ඡායාරූප ළහිරු හර්ෂණ)



අදහස් (22)

වෛද්‍ය රුක්ෂාන් පැය පහකට පසු මුදා ගැනේ

ranjith Thursday, 19 January 2023 08:48 PM

දොස්තර මහත්වරුන්ගේ ගරුත්වයට හානි කරන මනුස්සයෙක් .දේශපාලකයන්ට කඩේ යනවා තමා ආයතනයේ සේවකයෝ පවා දීලා

:       70       8

පඩි මිස වැඩ කුමට ? Thursday, 19 January 2023 09:03 PM

ඔය සුළු සේවකයො බොහොමයක්ම දේශපාලකයන් විසින් ඡන්දෙට වැඩ කරවාගත් පසු පිනට පත්වීම් දීලා. මේ අයට වෛද්‍යවරු මෙන්ම හෙදියොත් භය වී ඉන්නෙ මේ සේවකයො වැඩි දෙනෙක් හිතුවක්කාර ලෙස පුටුවලට ගම් ගා ඇලී ඉන්න සෙයක් වන අතර හෙදියන්ට වැඩ කරන්නට ඉඩදී මාරුවෙන ගතියක් ඇති බව පෙනුනේ වෙන කාටවත් නෙමේ, එන රෝගීන්ටයි. මේ අයගෙන් කිහිප දෙනෙක් මේ ගණයට අයිති නැතිවුනත් අතිශය බහුතරය එහෙම තමා. ඒකට හේතුව මේ රටේ දේ්‍ශපාලනයට ගෑවෙන්නෙ ලැජ්ජා නැති විදියට තම සුඛවිහරණය සොයන, හෘද සාක්්‍ෂියක් ගෑවිලා නැති කෛරාටික අමනයො විතරක් නිසා මොවුන්ද එම නියැදියේ කොටසක් වන නිසාත්ය. කවුරු සුදු හුණු ගාන්න හැදුවත් මෙයත් අප රටේ කුණු වී ගද ගහන දේශපාලන මඩ ගොහොරේ පැතිකඩක්.

:       3       68

කුමාර Thursday, 19 January 2023 09:04 PM

ඔහුගේ ප්‍රකාශය සත්‍යක් ඇත්ත කතා කළොත් ඔහොම තමයිමේ මාෆියාව නැති කල යුතුයි.

:       3       67

arschfikaa Thursday, 19 January 2023 09:55 PM

සුරුට්ටු සිංහලයන් කොතැනක හිටියත් උන්ගේ ජන්ම ගතිවලින් එකක් වන හොරකම කොහොමටත් කරනවාමයි .රුක්ෂාන් ඒක හරියටම කියලා ඇත .ඉතින් තව්ත් බලන් ඉන්නේ නැතුව ඔය හොර හැත්තම අස්කරලා ගෙදර යවලා.විනීත සේවක කණ්ඩායමක් බඳවා ගත්තහම ඒක නරක නෙවෙයි නේද ?

:       2       70

dharmawansha Friday, 20 January 2023 03:21 AM

වෛද්‍යතුමාට ඇත්ත ඇති සැටියෙන් හුවා දැක්වීම නිසා ඔහුට අමන සුළු සේවකයින්ගේ ග්‍රහණයට හසුවන්නට සිදු විය. මේක නීතියක් නැති හොරුන්ට ගිය රටක්.

:       3       70

sudath gamage Friday, 20 January 2023 03:22 AM

වෛද්‍ය බෙල්ලන මහතාගේ ප්‍රශ්නය නිවැරදියි.

:       1       67

බී අමරසිංහ Friday, 20 January 2023 04:38 AM

"ඇතැම්" කිව්වම කලබල විය යුතු නෑ. ඔය සුළු සේවකයින්ගේ මාර ඒකාකාධිකරියක් තියෙන්නෙ. වාට්ටුවක ලෙඩෙක් ලඟ ඉන්න කෙනා සල්ලිවලට නම් ඉන්නෙ ඔහුට ලැබෙන මුදලින් කොටසක් සුළු සේවකයන්ටත් ගෙවන්න ඕනෙ, ලෙඩෙක්ව වාටුවෙන් පිටත පරීක්ෂණයක් හරි මොකකට හරි ගෙනියනවා නම් ලඟ ඉන්න කෙනා ට්‍රොලිය හෝ බයිසිකලය තල්ලු කරගෙන යන්න ඕනෙ මේවත් "ඇතැම්" තමා

:       0       74

Hasith Friday, 20 January 2023 06:50 AM

මෙයාට යන තැනක වැඩ කරන්න බෑ.. කලින් ලේ බැංකුවේ වැඩ කරලා , එතනත් වලි දාගෙන පැන්නුවා. ඊට පස්සේ අමාත්‍යශයේ රිංගගෙන ඉදලා කළුබෝවිල රෝහලට ආවා. එතනිනුත් මගෝඩි වැඩ කරලා සේවකයෝ විරුද්ධ වෙලා යන්න වුණා. කාලයක් හිටපු ජන්ධිපතිවේරයෙකුට මඩ ගහන්න ගිහිල්ල රස්සාවත් නැතුව කාලයක් හිටිය . ඊට පස්සේ නැතිකමට ළමයෙක් ඉස්කෝලෙට පොල් කන්න ගෙනාව කියල මාධ්‍ය වාර්තා පල වුණාම , මේ යකා පොල් හොද ගුණ කෑමක් කියල නා ගත්ත. මේ පුද්ගලයා කාගේ උවමනාවකට නටනවද මන්ද ?

:       79       15

චන්දන Friday, 20 January 2023 07:02 AM

බෙල්ලන මහත්තයා කියල තියෙන්නේ සම්පූර්ණ ඇත්ත . එච්චරයි.

:       6       72

LallaFriday, 20 January 2023 09:33 AM

මම සතියක් කොළඹ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගත්ත. සමස්ත සුලු සේවක වර්ගයා නොවේ කොටසක් මත්ද්‍රව්‍ය භාවිතය කරනවා. ඒ වගේම අතමිට මොලවන්න පුලුවන් නම් විශේෂ අවධානය යොමුකර ගන්න පුලුවන්. හෙද කාර්ය මණ්ඩල ගැන නම් කියන්න වචන නෑ. විශිෂ්ටයි. පුද්ගලික අංශයේ රෝහල් වල හෙද හෙදියන්ට ඉගෙනගන්න රජයේ හෙද විදුහල්වල ඉඩදෙන්න ඕන. රාජ්‍ය හෙද සේවාවේ බොහෝ අය ඒ තරමට වෘත්තීය මට්ටම ඉහලයි.

:       0       58

Sisira Friday, 20 January 2023 07:08 AM

මෙතරම් ඉහළ නිලයක් දරන දොස්තර කෙනෙක් ..වන අයෙක්.....ඕපාදූප කියවීම කණගාටු වක්.... යම් වැරැදි වෙනවා නම් ඒවා වලක්වා ගන්නේ කවුද ... ඔහුට ම නොවේද ඒ වගකීම තියෙන්නේ ත්.

:       66       13

mahesh Friday, 20 January 2023 07:22 AM

සම්පුර්ණ ඇත්ත කතාවක් කියලා තියෙන්නේ එතුමා. දේශපාලනේට කඩේ ගිහින් පත්වීම් අරන් එන බහුතරයක් රෝහල් කම්කරුවන් මත්ද්‍රවය වලට තදින් ඇබ්බැහි වී සිටිනවා.

:       3       66

සක්‍රයා Friday, 20 January 2023 07:51 AM

රුක්ෂාන් කියපු කතාව හරියටම හරි... දොස්තරලාට නර්ස්ලාට වත් අවනත නැති බොහෝමයක් වැඩ නොකර පිං පඩි ගන්නා උන්....

:       4       66

Akila Friday, 20 January 2023 08:25 AM

මේ අර මිනිසුන්ට කොස් ඇට තම්බාගෙන කන්න කියපු රනිල්ගේ බත් බැලය නේද ?

:       63       16

SUMANARATHNA Friday, 20 January 2023 08:45 AM

ආචාර්ය රුක්ෂාන් හරි. මහ රෝහලේ පමණක් නොව අනෙකුත් බොහෝ රෝහල්වල ද එසේමය. මේ අයට දැඩි දඩුවම් දිය යුතුයි. එසේ නොවුවහොත් රෝහල් සාමකාමීව කළමනාකරණය නොවේ.

:       2       58

Buddika Friday, 20 January 2023 08:59 AM

රුක්ෂාන් ගේ කතාව හරියටම හරි.

:       2       45

sharm warn Friday, 20 January 2023 09:14 AM

මෙ පුද්ය කියපු කතාව ඇත්ත. . නමුත් එහෙම ප්‍රශ්න මෙ විදියට ප්‍රසිද්ධියෙ රෙදි ගලවල විසදන්න බැරි බවත් එකට පරිපාලනමය තීන්දු තීරණ වලින් වෙනස් කල යුතු බවත් හිතන්න තරම් මොලයක් මෙයාට නෑ.. එක නිසා තමයි යන යන තන හත් පොලේ ගා ගන්නෙ.. මෙයාම තමයි කිව්වෙ පොල් මඩ කියන්නෙ පොශ්‍යදායක කෑමක්ය.. වෙලක් දෙකක් නොකා හිටියට අවුලක් නෑ.. ආඩි අති පණ්ඩිත කතා. . මෙකත් කාට හරි කඩෙ යන්න කියපු දෙයක්. . එහෙම නැතුව ප්‍රශ්නය විසදන්න උවමනාවෙන් කිව්ව දෙයක් නෙමෙයි.. මොලේ පාවිච්චි කරල හිතල බලන්න. . ඔයාලට තෙරෙයි...

:       61       10

Podda Friday, 20 January 2023 09:16 AM

ඔය කතව මොකක්ද ? රන්ජන් කීඋවෙ පර්ලිමෙන්ට් එකෙ කොකේ ගහන අය ඉන්නවය කියල. අසත්‍ය රජකරන මෙ රටෙ සත්‍ය කතාකරන අයට අත්වෙන ඉරනම ඔකයි.

:       1       40

Bunny Preena Friday, 20 January 2023 09:24 AM

බෙල්ලන මහත්තයට ඉස් ඉස්සෙල්ලම කරන්ට තිබුනෙ ඔය රූප රාමු මාද්‍යට දෙන්ට ඉස්සෙල්ල පොලිසිට දෙන්ටයි. එතකොට පොලිසියට හැකියාව ලැබිලා ඇති එවනි මත්කුඩු ජාවරම්කරුවන් සහ භාවිතා කරන්නන් රොහල තුලදීම අල්ලගන්ට. බෙල්ලන මහත්තය හදිස්සි උනා වැඩියි වගෙය්. කොහොම උනත් එතුමා එම වැරදි ක්‍රියාවන් හෙලි කිරීම ගැන අපි අගය කල යුතුයි.

:       1       30

යෝගා Friday, 20 January 2023 09:30 AM

මත්ද්‍රව්‍ය ගන්නවා විතරක් නෙවෙයි ඕකුන් ලෙඩුන්ගේ කෑමත් හොරා කනවා

:       3       52

sampath Friday, 20 January 2023 09:17 PM

සුළු සේවකයන් කොහෙවත් නෑ. ඔක්කොම අධ්‍යක්ෂවරු . හීනමානයෙන් පෙළෙන සේවකයන් එක්ක අල්ලසට දූෂණයට දේශපාලන බලය පෙන්නන සේවකයන් සමිති එක්ක රටේ ආයතන ගොඩදාන්න වයිමා ආවත් බෑ.

:       0       31

ව්පරමා Sunday, 22 January 2023 08:08 PM

ඉස්පිරිතාලවල වැඩ කරන සුළු සේවකයින් වැඩි හරියක් දේශපාලුවන්ගේ බත් බැලයින්. සම්තින් එකක් දුන්නොත් මිසක් වැඩක් කරගන්න බැහැ.

:       1       0

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6140 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7624 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18250 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1236 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9412 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 549 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 390 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1787 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1618 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site