IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


විද්‍යා - තාක්ෂණ ශ්‍රේණී විශිෂ්ඨයෝ සම්මානයෙන් පිදුම් ලබති

විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රයේ විශිෂ්ටයන් ඇගැයීමේ ජාතික සම්මාන උලෙළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි. 

රටේ සමාජ, ආර්ථීක දියුණුවට විද්‍යාව හා තාක්ෂණය උපයෝගී කරගනිමින්  කැපවු විද්‍යාඥයන්, තාක්ෂණවේදීන් සහ ව්‍යවසායකයන් මෙහිදී  ජාතික සම්මානයෙන් පිදුම් ලැබීය.

ජාතික විද්‍යා පදනම මෙම සම්මාන උලෙළ වාර්ෂිකව සංවිධානය කරයි.

2016 සහ 2018 වසරවලට අදාළව සුදුසුකම් සැපිරූ සම්මානලාභීන් වෙත ජාතික සම්මාන සහ කුසලතා සම්මාන පිරිනැමීම මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු විය.

ජාතික විද්‍යා පදනමේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ආනන්ද ජයවර්ධන මහතා විසින් සම්මාන උලළේ ප්‍රධාන දේශනය සිදු කරනු ලැබු අතර  ජාතික විද්‍යා පදනමේ ප්‍රධානී මහාචාර්ය සිරිමලී ප්‍රනාන්දු මහත්මිය ඇතුළු සාමාජිකයන් මීට එක්ව සිටියහ. 

(36698)

ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය



අදහස් (0)

විද්‍යා - තාක්ෂණ ශ්‍රේණී විශිෂ්ඨයෝ සම්මානයෙන් පිදුම් ලබති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 139 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site