අන්තර් විශ්ව විද්‍යාලය ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධානය කළ විරෝධතා පා ගමනක් විහාරමහා දේවී උද්‍යානය අසලින් අද (21) සවස ආරම්භ විය.
පා ගමන කොළඹ කොටුව දුම්රිය පොළ දක්වා ගමන් කිරීමට නියමිතය.
වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය ගැසට් පත්‍රය අහෝසි කරන ලෙස ඔවුහු ඉල්ලා සිටිති. ඔවුන් කියනුයේ එම ගැසට් පත්‍රය නිසා තවත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලට පාර කැපෙන බවයි.
ඡායාරූප චතුර එස් .කොඩිකාර


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිස්සෝ මහපාරේ නටන එක නම් අපිට ප්‍රශ්නයක් නොවේ. එ්ත්, රටක පවතින රජයක් මේ අයගේ බෙර පදේට නටන එක, රටට හා ජනතාවට විශාල ප්‍රශ්නයක්...
එක වෙලවකට කියනවා වෛද්‍ය අධ්‍යාපනයට අවම ප්‍රමිතිය ඕනේ කියලා. එක ගැසට් කලහම එකටත් විරුද්ධ වෙනවා .
කියන්න දෙයක් නෑ.. අපේ රට හැමදාම එක තැනම තියෙන්නේ මේ වගේ අය නිසා ...
අන්තරේ ගොබ්බයියන්ට තේරෙන්නේ නැහැ ඒ අයට තියෙන ප්‍රශ්න. ඒ අයගේ පාඨමාලා ඔක්කොම පුද්ගලික අධ්‍යාපන ආයතනවල කරන්න ඉඩදීලා මේ අයට අදාළ නැති වෛද්‍ය පාඨමාලාවකට හොට දාලා දොස්තරලාගේ ආඩම්බරකම වැඩිකරන්න සටන් කරනවා. පුද්ගලික උපාධි ගන්න ළමයි අවුරුදු 23න් හොඳ රස්සාවක් කරනකොට මේ අය පාරවල් ගානේ රස්තියාදු වෙලා අවුරුදු30 දී විතර රිපීට් එකෙන් බොහොම අමාරුවෙන් උපාධියක් අරගෙන අායෙමත් පාරවල්වලට බැහැලා ආණ්ඩුවට බනිනවා රස්සාවල් දෙන්නේ නැහැ කියලා...
මම ඉතාම කාරුණිකව රජයෙන් ඉල්ලා සිටින්නේ, මේ අයට දෙන මහපොළ ඇතුළු සහනාධාර නවත්වන්න. පිනට උගන්වනවා මදිවාට, හැමදේම පිනට ලැබෙන නිසා තමයි මෙසේ අපතයෝ මේ ලෙස හැසිරෙන්නේ. දියුණු රටවල විශ්ව විද්‍යාල සිසුන් පාට් ටයිම් රැකියා වල නිරත වෙන අතරතුරයි ඔවුන්ගේ උසස් අධ්‍යාපන කටයුතු සිදුකර ගන්නේ. ඒ නිසා උපාධිය රැගෙන, රැකියා ඉල්ලමින් මහපාරේ තප්පුලන්න අවශ්‍ය නැහැ. උපාධියට සුදුසු රැකියාවක් ලැබෙන තෙක් ඔවුන්ට අමතර රැකියාවක් කරගෙන ජීවත්වීමට ශක්තිය තිබෙනවා. කවුරු කෙසේ කීවත් මම නම් කියන්නේ, මේ සමාජ විෂබීජ සමාජයෙන් තුරන් කල යුතුයි. ඒකට රටට ආදරය කරන කොන්දක් තිබෙන පාලකයින් පත්විය යුතුයි.
උසස් පෙළ සමත් වෙලා කැම්පස් එකට තේරුණාම ඔලුවේ අං පැළ කරගත්තු මේ අම්බරුවෝ හිතාගෙන ඉන්නේ.... ඒ අය තමයි රටේ ඉන්න කෙරුමෝ කියලා. ජාතියේ පවට උපන් අය තමයි.
ශ්රී ලංකාවේ තරම් කුහක, මුග්ධ, මෝඩ, විශ්ව විද්‍යාල සිසුන් ලොව කොහේවත් නැත. මෙය රටේ අධ්‍යාපනයේ වැරද්දක් නොව, මොවුන්ගේ උප්පත්තියේ හා, විශ්වවිද්‍යාල වල අරක්ගෙන සිටින බංකොලොත් දේශපාලකයින්ගේ වරදකි.
උඩ කොමෙන්ට් වලින් හිතට දැනේන දේ වචන දෙක තුනකින් කියන්නම්. " ඇත්තටම කැම්පස් කාරයොන්ට පිස්සු .අමාරුවෙන් ඉගනගෙන නූගතූන් වෙනූවෙන් සටන් කරන්න "(නුගතුන් -සාමානය භාවිතයේ අර්තය නොවේ)
මේ ගං කබරයෝ ටික දන්නේ නැහැ මුන් මොනවද කරන්නේ කියලා.සිව්පාවන්ට අනුකම්පා කරනු විනා, වෙන මොනවා කරන්නද? පව් මේ කබරයෝ ටික මසට වත් වටින්නේ නැහැ.
සුදු වැන් සංස්කෘතිය මෙරටට අවශ්‍යම දෙයක් බව දැන්වත් තේරෙනවාද?
රතු පාට ඇඳගෙන පාරවල් දිගේ මොන තරම් බෙරිහන් දුන්නත්, දන්නවනේ චන්දෙකට ගියාම වෙන වැඩේ.
සෛටම් එකේ උපාධිය ප්‍රමිතියට නැහැ කියපු අයම වෛද්‍ය අධ්‍යාපනයට අවම ප්‍රමිතියක් හෝ ලබාදී වෛද්‍ය අධ්‍යාපනයේ ගුණාත්මක බව (පෞද්ගලික සහ රජයේ වෛද්‍ය විද්‍යාල වර්ග දෙකේම ) ඉහල දැමීමට උත්සාහ කිරීම ගැන විරුද්ධ වන්නේ කුමක් නිසාද? තමන් රජයේ වෛද්‍ය විද්‍යාල වලින් දැන් ලබන පුරසාරම් දොඩන වෛද්‍ය උපාධියේ ප්‍රමිතිය අවම තත්වයෙවත් නොමැති බවට තමන්ටම ඇති වී ඇති සැකය නිසාද? තමන්ගේ උපාධිය නිසි ප්‍රමිතියට ඇත්නම් ප්‍රමිති 10 ක් දැම්මත් බය වන්නේ ඇයි?
ලැබුණු ප්‍රජාතන්ත්‍රවාදී නිදහසින් ප්‍රයෝජන ගන්නේ මේ වගේ අම්බරුවොනම් 2020 ජනපති දුරයට ගොටාභය මහතා සුදුසුය.
මේ කොමෙන්ට් දන අයට තේරෙන් නැහැ හොර දොස්තරලා කරන විනාශය. ලංකාවේ ළදරු හා මාර්‍ත මරණ අනුපාතය තව දුරට අඩු වෙන් නැත්තෙත් සුදුසුකම් අඩු ඉන්දියාවෙන් චීනයෙන් රුස්සියාවෙන් එන හොර දොස්තර නඩේ නිසා .
බල්ලා පිදුරු කන්නෙත් නෑ කන ගොනාට දෙන්නෙත් නෑ කීවලු..... මුං ඉගෙන ගන්නෙත් නෑ , ඉගෙන ගන්න ළමයින්ට ඉගෙන ගන්න දෙන්නෙත් නෑ
ගොඩක් අදහස් දන අය දන්නේ නෑ, ආසියාවේ හොඳම සෞකය සේවය පවතින රටේ, එකට එක හේතුවක් මේ නිදහස් අද්‍යාපනය කියල, මේ ගොඩ දෙනෙක් රට සංවර්දනය කරන්න හදන්නේ මැර බලයෙන්, කොහොම උනත් ඔය කව්රු කව්රුත් මතක තියා ගන්න එක හොඳය , ඔය දැන් ඉන්න තත්වේ ඉන්නේ කන්නන්ගර මැතිතුමාගේ නිදහස් අද්යාපන ක්‍රමය නිසා කියල, මේ ළමයි කරන හැම දේ ම 100% හරි කියල කියන්න බෑ. නමුත් අමතක කරන්න එපා , ත්‍රීමාවිතාන වගේ අය ජිවිතේ පුජකරලා තමයි රාගම hospital එක ලංකවේ මිනිස්සුන්ට ලැබුනේ, ඒ ය සද්ද නැතුව හිටියනම්, එකත් අද පෞද්ගලික රෝහලක්, මේ ඔක්කොම හදන්නේ දුප්පත් මිනිහගේ තැන නැති කරන්න,
මම සා/පෙ සමර්ථ උනේ 3 වෙනි පාර. උසස් පෙළ ඔක්කොම අසමර්ත්ත්යි. මම England ගියා 1979. මම පළමුවෙන් OND සමර්ථ උනා. ඉංජිනේරු සිවිල් උපාධිය සමර්ථ උනා වර්ස 1985. මට 2 nd class upper එකක් හම්බුනා. මම England සහ Australia වල සේවය කරා ඉංජිනේරුවෙක්, senior ඉංජිනේරුවෙක් සහ senior manager කෙනෙක් හැටියට. මම ඉංජිනේරු උපාදිය කරන කොට part time වැඩ කරා england වල supermarkets සහ departmental stores වල සල්ලි හොයන්න. මම ලංකාවේ හිටියනම් මම අනාගතයක් නැති රටටම වැඩක් නැති පුද්ගලයෙකි. Private universities තියෙන එක රටකට අවශ්‍යයි.
දියුණු රටවල සිසුන් තමන්ගේ අතින් වියදම් කරගෙන සරසවි ගාස්තු ගෙවා, කම්කරු රැකියාවල් කරමින් වයස 21 වෙනකොට සාමාන්‍ය උපාධි සම්පුර්ණ කරනවා. අපේ උදවිය අල්ලපු ගෙදර කෙනා ඉගෙන ගන්න එක නවත්වන්න වයස තිස් පහ වෙනකන් ගෙදරට බරක් වෙනවා. බදු ගෙවන අපිට මේ ගොල්ලන්ගේ ප්‍රමිතිය ගැන හොඳ දේවල් මතක් වෙනවා .
මම උසස් පෙළ කරනකොට ගම වල ළමයි කොළඹ උපකාරක පන්ති වලට ආවා. ඊට පසුව අපිට වැඩිය ලකුණු 50 කට වඩා අඩුවෙන් අරගෙනත් දිස්ත්‍රික් කෝටාවට පින්සිදු වෙන්න සරසවියට ගියා. අපි කොළඹින් ලකුණු එකක් අඩු වෙලා රැකියාවට ගිහින් වෘත්තීය විභාග සමත් වුනා. එහෙම දුක් මහන්සි වෙලා හදා ගත්තු ගෙවල් දොරවල් දැකලා ඔය ගමෙන් ආපු දොස්තර නෝනා කෙනෙක් මට මුනටම කිව්වා ඔයා උපාධි නැතිව කොහොම ගෙවල් හැදුවාද අපි තාම කුලී ගෙදර කියලා. ඉතින් අපි පලිද ? ඔය කුහකකම තමයි අද පරම්පරාවටත් අඩුවක් නැතිව පිහිටලා තියෙන්නේ.
ජයන්ත, මම ඕස්ට්‍රේලියාවේ වැඩ කරන්නේ ලංකාවේ මොරටුවේ ඉංජිනේරු සුදුසුකම් වලින් පමණි. වෙන කිසිම රටක සුදුසුකමක් නැහැ. අපේ රටේ රජයේ විශ්ව විද්‍යාලවල ප්‍රමිතිය හොඳයි. මා දන්නා පරිදි එංගලන්තය සහ ඕස්ට්‍රේලියාවල විවෘත විශ්වවිද්‍යාල ඉංජිනේරු උපාධි ලබා ගැනීමට කිසිම අවම සුදුසුකමක් අවශ්‍ය නැහැ. නමුත් මුදල් සහ දක්ෂතාවය ඕනෑ. නමුත් විභාගය හොඳට ලියන්න ඕනෑ. පිනට ලකුණු ගන්න බැහැ. නමුත් වෛද්‍ය විද්‍යාල වලට නම් එන්ට්‍රන්ස් විභාග, සම්මුඛ පරීක්ෂණ කිහිපයකට මුහුණ දෙන්න වෙනවා. මුදලට ගන්න බැහැ.
අන්තරේ තරහ සයන්ස් කරපු ළමයි එක්කයි. සයිටම් ළමයින්ටයි ආණ්ඩුවේ කැම්පස්වල මෙඩිකල් ළමයින්ටයි ඉගෙනගන්න දෙන් නෑ. සයිටම් පෙන්න පෙන්න සල්ලිනම් එකතු කරනවා.
අද උගත්කම නෙවෙයි බලන්නේ සල්ලි තියනවද කියලා. උඩින් තියන ධනපති අදහස් දිහා බලපුවම ඒක හොදට තේරෙනවා. විශ්වවිද්‍යාලයට යාගන්න හැමෝටම බැරි බව ඒගොල්ලන්ට තේරිලා.
ලංකාවේ පසුගිය අවුරුදු 50 කට ආසන්න කාලය තුල බහුතරයක් සිසුන් සරසවිවලට අතුල්වුයේ දිස්ත්‍රික් කෝටාවෙනුයි. ඒ ක්‍රමයේ වරදක් නැතුව ඇති. නමුත් සිහි තබා ගත යුතු කරුණනම් සරසවියට ඇතුල්වීමට සුදුසුකම් ලබා තිබියදීත්, මොනයම් පදනමක් මත හෝ සරසවියට ඇතුල්වීමට නොහැකි වූ සියලුම සිසුන්හට තම වැඩිදුර අධ්‍යාපනය රජයේ හෝ පුද්ගලික ආයතනයකින් ලබා ගැනීමට අයිතියක් තිබෙන අතර, එයට විරුද්ධවීමට කිසි කෙනෙකුට අයිතියක්ද නැත.