

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
වාද්දුව ශ්‍රී සමුද්‍ර රාමයේ බෝධීන් වහන්සේ වටා රුපියල් ලක්ෂ 15 ක ප්‍රතිපාදන මත ඉදි වූ රන් වැට විවෘත කිරීමේ උත්සවය අද(15) හිටපු කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
මෙම අවස්ථාව සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවි කරුණානායක, අර්ජුන රණතුංග, ලක්ෂ්මන් විජේමාන්න,නවීන් දිසානායක මහත්වරු ද සහභාගි වූහ.
කළුතර දිසාවේ ප්‍රධාන සංඝනායක ,වාද්දුව සමුද්‍ර්රාමයේ විහාරාධිපති බෝපිටියේ ධම්මිස්සර ,කළුතර දිසා සාසනාරක්ෂක ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති ගෝනදූව ගුණානන්ද මහනාහිමිවරුන් ඇතුළු ගිහි පැවිදි විශාල පිරිසක් සහභාගි වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක්සත් ජාතික පක්ෂයට අවමන් කළ එහෙට මෙහෙට පැනපු කණ්ඩායමකට නායකත්වය කරූගෙන්...
ආමිස පූජාවට පමණක් ගැතිවූ අයගේ ආගමක් මේක.. රටේ මිනිස්සුන්ට කන්නවත් නැතිව ඉන්දෙද්දී මේවා මොකටද?
මේ කොරෝනා කාලේ රන් වැටවල් තමයි අඩු වෙලා තියෙන්නේ.... PCR මැෂින් එකක් ගන්න ඔය රන් වැටවත් ගන්න.
යූ.එන්.පී.ය බෞද්ධයින් ටිකක් වගේ ...