IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


වතු නිවාස දහයක් පස් කන්දකට යටවේ

(සුජිත් හේවාජුලිගේ )

බණ්ඩාරවෙල ලියන්ගහවෙල කබරගල ප්‍රදේශයේ පස්කන්දක්  කඩාවැටීමෙන් නිවාස දහයක් පමණ සම්පූර්ණයෙන්ම විනාශවී ඒවාට යටවූ පස් දෙනකු බේරාගෙන රෝහල් ගතකර ඇතැයි පොලිසිය පවසයි.

ඉන් සිවු දෙනකුගේ තත්වය බරපතළ බව වාර්තා වේ.

පස් කන්දට තවත් පිරිස් යට වී ඇත්දැයි සෙවීමට මෙහෙයුමක් ආරම්භ කර ඇතැයි පොලීසියේ නිලධාරියෙක් පැවැසීය.

හදිසියේ ඇති වූ ජල පහරක් සමග පස් කන්ද කඩා වැටී ඇතැයි කියති.

අනතුරට පත් ගම්වාසීන් බේරා ගැනීම සඳහා පොලිසියේ සහ හමුදාවේ නිලධාරීහු පිරිසක් පත්‍රය මුද්‍රණයට යන විටත් ඒ ප්‍රදේශයට ගමන් කරමින් සිටියහ.

ලියන්ගහවෙල පොලීසියේ නිලධාරීහු පරීක්ෂණ මෙහෙයවති.

(ඡායාරූප: සමන් පාලිත නානායක්කාර)



අදහස් (0)

වතු නිවාස දහයක් පස් කන්දකට යටවේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 414 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16776 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 647 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site