
(සුජිත් හේවාජුලිගේ )
බණ්ඩාරවෙල ලියන්ගහවෙල කබරගල ප්‍රදේශයේ පස්කන්දක් කඩාවැටීමෙන් නිවාස දහයක් පමණ සම්පූර්ණයෙන්ම විනාශවී ඒවාට යටවූ පස් දෙනකු බේරාගෙන රෝහල් ගතකර ඇතැයි පොලිසිය පවසයි.
ඉන් සිවු දෙනකුගේ තත්වය බරපතළ බව වාර්තා වේ.
පස් කන්දට තවත් පිරිස් යට වී ඇත්දැයි සෙවීමට මෙහෙයුමක් ආරම්භ කර ඇතැයි පොලීසියේ නිලධාරියෙක් පැවැසීය.
හදිසියේ ඇති වූ ජල පහරක් සමග පස් කන්ද කඩා වැටී ඇතැයි කියති.
අනතුරට පත් ගම්වාසීන් බේරා ගැනීම සඳහා පොලිසියේ සහ හමුදාවේ නිලධාරීහු පිරිසක් පත්‍රය මුද්‍රණයට යන විටත් ඒ ප්‍රදේශයට ගමන් කරමින් සිටියහ.
ලියන්ගහවෙල පොලීසියේ නිලධාරීහු පරීක්ෂණ මෙහෙයවති.
(ඡායාරූප: සමන් පාලිත නානායක්කාර)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd