







(උපුල් තම්මිට)
වට්ටක්කා අස්වැන්න රජය විසින් මිලදී ගැනීමට තීරණය කළද ඒ සඳහා ලැබෙන මිල ප්‍රමාණවත් නොවන හෙයින් වට්ටක්කා කිලෝවක් සඳහා අවම වශයෙන් රුපියල් 45 ක මුදලක් ලබා දෙන ලෙස ගො මහවිලච්චිය ව්‍යාපාරයේ ගොවීහු පවසති.
මිලදී ගන්නා සෑම වට්ටක්කා කිලෝවක් සඳහා රජය විසින් රුපියල් 35 සිට 40 හ දක්වා මුදලක් ලබාදෙන බව මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම් මංජරී.සී.චන්ද්‍රදාස මහත්මිය සඳහන් කළාය.
මේ වනවිටත් වට්ටක්කා කිලෝග්‍රෑම් 30,000 මිලදී ගෙන ඇති බව ප්‍රාදේශීය ලේකම්වරයි පැවසුවාය.
මහවිලච්චියයේ මෙවර මාස්කන්නයේ අක්කර 500 ක වට්ටක්කා වගාකළ අතර මේවනවිට වට්ටක්කා කිලෝග්‍රෑම් දෙලක්ෂ හැටපන්දහසක පමණ අස්වැන්නක් ගොවින් සතුව පවතින බව ගොවීහු පැවසූහ.
ඇඳිරි නීතිය ක්‍රියාත්මක වීම සහ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වසා දැමීම හේතුවෙන් තම් අස්වනු අලෙවිකර ගැනීමට නොහැකි අවස්ථාවක රජය මැදිහත්ව තම අස්වනු මිලදී ගැනීමට ඉදිරිපත්වීම අගය කරන බව ගොවීහු සඳහන් කළහ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අවස්ථාවේ පලතුරු බීම නිෂ්පාදකයින්ටත් මේවා මිලදී ගත හැකියිනේ.. බොහොමයක් පලතුරු බීම වල ප්‍රධානම පිරවුම් කාරකය වට්ටක්කා.
රජය , ගොවීන්ගෙන් පලදාව මිලට ගන්නවයි කියන කතාව බොරුවක්ද ..?
මේ වෙලාවේ රජයත් කටයුතු කරන්නේ අපහසුතා ගොඩක් මැද. ඒකනිසා සියලු දෙනාගේ යහපත සඳහා මේ ව්‍යවසන අවස්ථාවේ යම් කැපකිරීමක් කර රජයට සහය දෙන්න. මේ වෙලාවේ බොරදියේ මාළු බාන්න දඟලන අන්තවාදී පක්ෂවල කපටින්ට අහුවුනොත් අවසානයේ අමාරුවේ වැටෙන්නේ ගොවිජනතාවමයි..
මේ වෙලාවේ රජයත් කටයුතු කරන්නේ අපහසුතා ගොඩක් මැද. ඒකනිසා සියලු දෙනාගේ යහපත සඳහා මේ ව්‍යවසන අවස්ථාවේ යම් කැපකිරීමක් කර රජයට සහාය දෙන්න. මේ වෙලාවේ බොරදියේ මාළු බාන්න දඟලන අන්තවාදී පක්ෂවල කපටින්ට අහුවුනොත් අවසානයේ අමාරුවේ වැටෙන්නේ ගොවිජනතාවමයි...
හොඳ ඵලදාවක්. විනාශ නොවී පාරිභෝගිකයාට ළඟා වුණොත් හොඳයි...
මිනිසුන්ට නිවසේදී වට්ටක්කා පිටි, කුඩු සෑදිය හැකිය. හිරු එළියේ එය වියළා අඹරන්න. රසවත් පාන්, පෑන්කේක්, කුකීස්, කේක් ආදිය සෑදිය හැකිය. එළවළු විජලනය කිරීමට ජනතාවට ඉගැන්වීමේ වැඩපිළිවෙළක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට තිබිය යුතුයි.
වට්ටක්කා පිටි, තිරිඟු පිටිවලට වඩා සෞඛ්‍ය සම්පන්නයි. ග්ලූටන් රහිත, තඹ, කැල්සියම්, පොටෑසියම්, පොස්පරස් සහ මැග්නීසියම් වැනි ඛනිජ ලවණ වලින් පොහොසත් ආහාර ප්‍රභවයක්. හෘද සෞඛ්‍යයට සහ මාංශ පේශි යථා තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ ඇත. එය පහසුවෙන් ජීර්ණය කළ හැකිය. විටමින්, ඛනිජ සහ බීටා-කැරොටින් ප්‍රභවයකි. එසේම වට්ටක්කා පිටි වල විටමින් A සහ විටමින් සී ඇත. අන්තර්ගතය වට්ටක්කා ප්‍රභේදය මත වෙනස් වේ.
එළවළු කල්තබාගන්නා පහසුකම් වැඩි දියුණු කල යුතුයි.
සෑම වසරේම වට්ටක්කා ඕනවට වඩා වවනවා. රජයට සෑම වට්ටක්කා ගෙඩියම මිලදී ගන්න වත්කමක් නැහැ. ලබන වසරේවත් වැඩිය වට්ටක්කා වවන්න එපා. අපේ ගෙවත්තෙත් එක වැලෙන් ගෙඩි අටක් පමණ ලැබුණා.
මේ එළවලුද ඇතුළුව රටේ එළවලු අස්වැන්න සාධාරණ මිලකට ගොවීන්ගෙන් කෙලින්ම මිලට ගැනීම සඳහා ජනාධිපති කාර්ය සාධක බලකායට පුළුවන්නේ සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට මුදල් නිකුත් කරන්න. කොරෝනා අරමුදලක් තියෙන්නේ ඒක හංගගෙන ඡන්දෙට වියදම් කරන්න තියා ගන්න නෙමෙයි මේ වගේ ජනතාවට සහන දෙන්න වියදම් කරන්නත් එක්ක. ඒ ගන්න එළවලු ආණ්ඩුවට පුළුවන් අදාළ ප්‍රදේශයේ අඩු ආදායම් පවුල් අතරේ නොමිලේ බෙදන්න සහ වෙනත් පළාත් එක්ක සම්බන්ධීකරණයක් හදාගෙන වැඩ කරන්න. උදාහරණයක් විදිහට අඩු ආදායම්ලාභින්ට බෙදලා අතිරේක අස්වැන්නක් තියෙනවා නම් වට්ටක්කා නැති අනිත් පළාත් වලට දෙන්න පුළුවන්. පන්සල් වලට දෙන්න පුළුවන්. පෞද්ගලික ආයතනවලට විකුණන්න පුළුවන්. මේ වගේ අනිත් පළාත්වලත් තියෙන අස්වැන්න මේ අර්බුද අවස්ථාවේ රජය මිලට ගන්න ඕනේ. ගොවින් තමන් සතු සේසතම වගාවට වියදම් කරලා, ණයත් වෙලා ඉන්න වෙලාවේ මේ ඉල්ලන රුපියල් 45 ට වට්ටක්කා කිලෝවක් ආණ්ඩුව ගන්න ඕනේ. කොරෝනා අරමුදල කොටස් 3 කට බෙදලා එක කොටසක්, සෞඛ්‍යයට එක කොටසක් මේ ආදී සහන වලට වෙන් කළා නම් වැඩේ ලේසියි.
ප්‍රදීප්... මේ වෙලාවේ නිෂ්පාදනය සඳහා විවෘතව තියෙන පළතුරු බීම කම්හලක් කියන්නකෝ...? ගොවීන්ට ලොකු උදව්වක්...
තම්බලා කන්න.... වැඩි හරිය කල්තබා ගන්නා ක්‍රමයක් ගැන හිතලා තියාගන්න. මොනවා කරන්නද?
වට්ටක්කා කිලෝ එකක් රු. 45 කට ගත්තොත් ඒවා අප ගනිද්දි රු. 70ක් විතර වෙනවා. ඉස්සර වට්ටක්කා කියන්නෙ රු. 20 - 30 ගනිපු දෙයක්. අද අඩුම තරමේ පොල් ගෙඩියක්වත් විකුණගන්න බෑ අපිට ඒ ගානට.