(ගයාන් අමරසේකර)
සිය ඇමැතිධූරයෙන් ඉවත් කරනු ලැබූ අධිකරණ හා බුද්ධ ශාසන ඇමැති විජයදාස රාජපක්ෂ මහතා අද(23) පස්වරුවේ තමා භාරයේ තිබූ අමාත්‍යංශ දෙකට පැමිණ කාර්ය මණ්ඩලවලට සමුදුන්නේය.
ඔහුට අයත්ව තිබූ බඩු බාහිරාදිය ද අසුරාගෙන ඇමැතිවරයා සියලු දෙනාට ආචාරකොට නික්ම ගියේය.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරියට වැඩ කරන්න ගියාම ඕක තම වෙන්නේ. ඕක තමා අපේ රටේ තත්වේ.
අනිත්‍ය කෙතරම් පැහැදිලිද?
ඔබතුමා ඉතාමත් නිහතමානි අවංක කෙනෙක්. ඔබට සුබපැතුම්.
තමාගේ හිතට එකඟව, රටට වැඩකර කොයි වෙලාවක හෝ නික්මයාමට පුලුවන්නම්....අවංකකම , ශ්‍රේෂ්ටත්වය එතනයි.
අපරාදේ නරක මිතුරු ආශ්‍රය
මැතිදුනි ඔබට ජය. මේ ඔබේ සේවය අවැසිම මොහොතක් රට හොරුන්ගෙන් බේරගන්න අප වෙනුවෙන් පෙරට එන්න
එහෙනම් කෙලින් වැඩ කරලා ගෙදර ගිය ඇමැතිවරුත් මේ රටේ ඉන්නවා.ඇමතිකම් දාලා ආණ්ඩු දෙකක් අත්හැරලා ගෙදර ගිය දෙසපාලකයත් ඔබ.ඇමති කෙනෙකුට තමන්ගේ පුද්ගලික මතය කියන්න බෑ.එදා මහින්ද චින්තනයයි අද යහ පාලනය අතර වෙනස කෙස් ගසකට සමයි.
අනාගතය එතුමා පිළිබද නිගමනයක් කරාවි.
විඡයදාස රාඡපක්ෂ ඇමතිතුමාගේ අස් වීම කාටද වාසි දැන්
අර ලිපි ගොනු අර කට්ටියට අයිති ඒවා ද දන්නේ නැහැ.
රාජකාරිය හරියට ඉටුකෙරුවනම් මේ වගේ දෙයක් වෙන්නේ නැහැනේ ! කාටත් මේක හොද පාඩමක්.
මේ මනුස්සයා අයින් කරන්න තිබ්බේ මීට ගොඩක් කළින්. එහෙනම් දැනටමත් පැය ගාණක් ඇතුළේ... මම යහපාලනයේ මෙම ක්‍රියාව අගය කරනවා...
දේශපාලන වේදිකාවේදී රඟ දැක්වූ නළු නිළියෝ ඉඳ හිට කෙනෙක් දෙන්නෙක් (රජු ඇතුළුව) රඟහලින් බැසයද්දී අඬපු කෙනෙක් ඔබ දුටුවේද?. බැස ගිය අයෙක් බඩගින්නට අඬා ඇති බව ඔබ අසා තිබේද? අදටත් මා පිළිතුරු සොයමි. දන්නෙක් ඇත්නම් පිළිතුරු ලියන්න.
වීරයා හොඳටම සවුත්තු වුණා නේද..? ඔහුට නිලයක් ලැබුණු විට ඔහුගේ ඔළුව විකෘති වනු දිගටම දැකිය හැකිය. හිටපු ජනපති යටතේදීද එසේ විය.!!!
මෙච්චර කලක් හොරු ආරක්ෂා කලේ විජේදාස කියන මේ පුද්ගලයා තමයි. දැන් සිල් අරගෙන වගේ කතා කරනවා. මහින්දගේ අගමැති අපේක්ෂක වෙන්නනේ බලන්නේ.
රටේ දේශපාලනයට උගතුන් නොපැමිණීම රටේ අවාසනාව... පැමිණියද ඉරණම මෙයයි.
ඔය ගෙනියන ෆයිල් ටික බලලා යැව්වානම් නරකද? මොනවා ගෙනියනවද දන්නේ නැහැනේ.
ඇති යාන්තම්. දැන් ඉතින් හොරු ඇල්ලීම මුල ඉඳලම පටන්ගන්න වෙයි වගේ. අතුකෝරල මහත්මියට ධෛර්යය හා ශක්තිය ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා.
ඔහු මෙරට වත්කම් පිටරට යවනවට එරෙහි වූ පුද්ගලයෙකි. පොඩ්ඩක් හරි මොලේ තියෙන කෙනෙකුට ඒක තේරෙනවා..
සිරසේ ඇවන්ගාඩ් එක ගැන කියන ඒවා බොරුද? ඩිස්නිලන්තේ ගියපු පින්තූරත් ඔන්න පෙන්නනවා. හාමුදුරුගොල්ලො අල්ලගෙන මොනව හරි කියවන්න. නැත්නම් වස ලැජ්ජාවනේ...
ගරු විජේදාස රාජපක්ෂ මැතිතුමනි.. හොරුන් විසින් තම හිස බේරා ගැනීමට ඔබතුමාව බිල්ලට දුන් බව සියලුදෙනා දන්නා කරුණකි.. මහ බැංකු මංකොල්ලය හා ඊට අදාළ හොරුන් ක්‍රමයෙන් අසුවන විට රටේ ජනතාවට හෙලිදරව් වන විට හොරුන් විසින් ඔබතුමාගේ ඇමතිකම නැති නොකළේ නම් එයයි පුදුමයට කරුණ වන්නේ.. රටට ආදරය කරන සත්‍යය වෙනුවෙන් පෙනීසිටින මිනිසුන් නිරතුවම ඔබ සමගයි.. මැතිතුමනි.. චිරන් ජයතු..!!!
ඕක තමා අධිකරණයේ යහපාලන ස්වාධීනත්වය.
දැන් රාජිත මහත්තයව අධිකරණ ඇමතිවරයා ලෙස කරලා. ෆොන්සේකා මහත්තයාව නියෝජ්‍ය ඇමති කරලා ලිච්ඡවී යහපාලනය ගෙනියන්න පුළුවනි.
බයි බායි.
දැන් ඉතින් නීතිපති දෙපාර්තමේන්තුවට අබ සරනඊ.
පට්ට කාරෙක ....
මෙන්න ෆෛල් ටිකත් අරන් යනවෝ
මේ ආණ්ඩුව පත්වෙනකොටම පොරකාලා මේ ඇමතිකම ගත්තේම කොන්ත්‍රාත් එකකට අනුවයි. ඒක කළා අවුරුදු දෙකක්. දැන් යනවා ටටා බායි කියා කියා.
දෙබිඩි පිළිවෙත් අනුගමනය කරන මේ වගේ අය බොහොම බයානකයි. අධිකරණ ඇමති වෙලා අැවන්ට් ගාර්ඩ් සමාගමෙන් මුදල් ලබාගෙන හොරුන් රැකපු කෙනෙක් තමයි මෙයා. දැන්වත් රටට සෙතක් වේවි.
එයා එකල කියූ වදන්, මෙකල වුන දේවල් ගැන බැලුවම මේ වෙන්නේ අර වදන් කියූ පැත්තට පනිද? දේශපාලනයට සමුදෙයිද ?
සමුදෙයි නෙමෙයි එළවන්නයි තිබුනේ... කොහොමද මෙයාලගේ කාර්? වීඩියෝ බලන්නත් පුළුවන් යන ගමන්... ලංකාව නිසාම හොඳයි. අපි ගෙවනවා මේ අය සැප විඳිනවා.
චිරං ජයතු මැතිඳුනි .. අපි සැමදා ඔබ සමඟයි..
මේකට තමයි කියන්නේ අත්තෙන් අත්තට පනින කුරුල්ලා තෙමී නසී කියලා... දැන් මහරජාගේ කොන්තරාත්තුව කරගන්න බැරිවෙනවා.
මගේ මරුටි කාරෙකත් වීඩියෝ යන ගමන් බලන්න පුළුවන් වෙයි...