IMG-LOGO

2025 සැප්තැම්බර් මස 09 වන අඟහරුවාදා


වික්ටෝරියා පතුලටම සිඳෙයි

(මොහොමඩ්  ආසික්)

මධ්‍යම කඳුකරයේ බොහෝ ප්‍රදේශවල මේ දිනවල පවතින වැසි රහිත වියලි  කාලගුණය  හේතුවෙන්  වික්ටෝරියා ජලාශයේ ජල මට්ටම පතුලටම  සිඳී යමින් තිබේ.

ජල විදුලිය නිෂ්පාදනය සඳහා ජලය මුදා හැරීම සඳහා සහ කෘෂිකාර්මික කටයුතු සඳහා ජලය  ගබඩා කර ගන්නා ප්‍රධාන ජලාශයක් වන වික්ටෝරියා ජලාශයේ ජලය දිනකට ඝණ මීටර් ලක්ෂ ගණනින් සිඳි යමින් පවතින බව මහවැලි අධිකාරියේ උසස් නිලධාරියෙකු පසුගියදා ප්‍රකාශ කර තිබිණි.

මේ වන විට වික්ටෝරියා ජලාශයේ ජල මට්ටම පහත වැටී පැරැණි තෙල්දෙණිය නගරය මතු වීමට ආසන්නව පවතින අතර සිඳි යමින් පවතින ජලාශය දැක ගන්නට විශාල පිරිසක් එන බවද ප්‍ර දේශවාසීහූ කීහ.

විදුලි අර්බුදයක් පවතින මෙම අවස්ථාවේදී  ජලයද නොමැති වීම අරබුදය තවදුරටත් තීව්‍ර කරවන්නක් බව  බොහෝ දෙනෙකුගේ මතය වී තිබේ.



අදහස් (6)

වික්ටෝරියා පතුලටම සිඳෙයි

kamal Monday, 21 February 2022 11:40 AM

මේකත් හරියටම මහ බැංකුවේ සේප්පුව වගෙයි. අර නාග පෝතකයාවත් ගෙන්නලා මොකක් හරි කරන්න බැරිද?

:       1       19

Jayasumana Monday, 21 February 2022 12:02 PM

සර්ව රාත්‍රික පිරිතක් කිව්වොත් වහින්න ඉඩ තියෙනවා.

:       13       11

JosuwaTuesday, 22 February 2022 11:57 AM

අපේ දෙවියන්ගේ කැමැත්තට තමයි වැස්ස දෙන්නේ... දෙනකම් කටවහගෙන ඉන්න...

:       0       0

sam Monday, 21 February 2022 12:57 PM

වතුර වැඩියි කියලා ඇරියා නේද?

:       0       14

Suranga Monday, 21 February 2022 04:45 PM

වතුර හිඳිලා නෙවෙයි අයින් කරලා... වතුර නැත්නම් ගොවිතැන් නෑ. පොහොර වියදම අඩු වෙනවා. විදුලිය නෑ. ඉන්ධන වියදම් අඩු වෙනවා. මේ තමයි ජීවන සහනාධාර...

:       4       11

sunil perera Wednesday, 23 February 2022 07:20 AM

සංචාරකයින් නැති හෝටල් හදන්න කඳුකරේ වන සම්පත විනාශ කරලා, උඩරට එළවළු වවන්න රක්ෂිත වනාන්තර ටිකෙන්ටික වාර්ෂිකව විනාශ කරලා ඒවාට ක්‍රමීනාශක යොදලා ජලමූල අපවිත්‍ර වනවිට මේවා කාන්තාර වේවි...!!! 

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 616 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17572 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 723 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site