IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ලෑල්ල කැඩෙද්දී කම්බියේ එල්ලී බේරුණු මවයි - පුතයි

(ප්‍රසන්න පත්මසිරි)

හම්බේගමුව කොටවෙහෙරමංකඩ වෙිලි ඔයේ අත්වැල් පාලමෙන් එගොඩ වී පාසලට වෙත ගමන් කළ පුතකු සහ ඔහුගේ මව එහි ලෑල්ලක් කඩාවැටී වේලිඔයට වැටෙන්න ගිය අවස්ථවේ පාලමේ එල්ලී ප්‍රදේශවාසීන්ගේ පිහිටෙන් දිවි බේරාගෙන ඇත.

අඩි 100 පමණ උස  අඩි 250ක් පමණ දිගින් යුත්ත වන එම පාලම මතින් වෙිලි ඔය තරණය කර මැදබැද්ද පාසලට යමින් සිටියදි අනතුර සිදුව තිබේ.

පාලම මතින් ගමන්ගත් මෙම මව සහ දියණිය වැල් පාලමේ ලෑල්ලක්  කැඩී  මව හා දියණිය පාලමේ කමිබියක එල්ලී ඇති අතර ප්‍රදේශවාසීන්ට ඔවුන් දෙදෙනා බෙරා ගැනීමට නොහැකි වුවානම් දෙදෙනා වේලි ඔයට වැටී ජලයේ අතුරුදන් වීමට තිබු බව ප්‍රදේශවාසීහු කියති.

මේ වන විට ප්‍රදේශවාසීන්  අත්වැල් පාලමේන් ගමන් කිරීම නවතා දැමීමට කටයුතු කර තිබේන අතර පාලම අළුත් වැඩියා කර දෙන්නැයි බළධාරීන්ගෙන් ඉල්ලා සිටිති.



අදහස් (14)

ලෑල්ල කැඩෙද්දී කම්බියේ එල්ලී බේරුණු මවයි - පුතයි

sharm warn Friday, 12 August 2022 01:00 PM

හා... මේ තියෙන්නේ ආසියාවේ ආශ්චර්යය. මේ තමයි චීන ණය අරන් රටට කරපු සංවර්ධනේ. අපි ආඩම්බර වෙමු. සුද්දා අටවලා දීපු වැල් පාලම නිසා මිනිස්සු මෙහෙමවත් ගඟෙන් එගොඩ වුණා. මේ පළාතේ ගරු කටයුතු මන්ත්‍රී කෙනෙක් හිටියෙම නැද්ද?

:       0       20

සෙනෙවිරත්න Friday, 12 August 2022 01:47 PM

මේවා දැකදැක අරගලයට ශාප කරපල්ලා, සරුව පිත්තල අධිවේග, කුළුනු, යානා නැති ගුවන් තොටුපලවල්වලට හුරේ දාමු. අලුත්ම නාඩගම සර්වපාක්ෂික රජයට හුරේ කියමු...

:       3       33

ravin Friday, 12 August 2022 02:44 PM

මාර්ග සංවර්ධනේ පුටුවල මුල් ඇදලාද? ප්‍රාෙද්ශීය සභාවේ...? කොමිස් අඩුද?

:       1       27

Sunil Friday, 12 August 2022 04:56 PM

ලොවට පෙනෙන්නට අධිවේගී මාර්ග සහ ගුවන් යානා නොඑන ලොව පළමු ජාත්‍යන්තර ගුවන් තොටුපළ සෑදූ මෙවැනි රජයකට රටේ දිළිඳු ජනතාවගේ ජීවිත ැඩි අනතුරේ දමන මෙවන් සුළු අලුත් වැඩියාවක්වත් කරන්නට නොහැකි වීම එහි මූසල ගතිය ලොවට පෙන්වයි.

:       2       33

චාන්දනී Saturday, 13 August 2022 05:44 PM

මෙවැනි වැඩ කොට්ඨාසයේ ප්‍රාදේශීය ලේකම්ටත් කරන්න පුළුවන් .මසකට වරක් රැස්වෙන කොට්ඨාස දිනයේ මේවා සාකච්ඡා නොවේ නම් එම රැස්වීම කුමටද .එහෙම නැත්නම් ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ මේවා සාකච්ඡා නොවෙයි නම් එහි අරමුණ කුමක්ද?

:       1       20

SenjeeMonday, 15 August 2022 11:26 AM

මටත් හිතුනේ ඒකමයි. නගර සභාවට විතරක් නොවේ. පන්සලට, පල්ලියට වුණත් ලැබෙන මුදල්වලින් මේ දේ කළහැකියි. සමහර පාසල්වල ව්‍යපෘති වශයෙනුත් මීට වඩා වියදම් යන ඒවා කරනවා...

:       3       4

wca Saturday, 13 August 2022 02:20 AM

225 ම ගෙනහල්ල අවිද්දවන්න ඕනේ ඕකේ.

:       0       31

randil Saturday, 13 August 2022 08:45 AM

මෙහෙව් රටක ජීවත් වීම මහ කරුමයකි. නරුම පාලකයන්ට මේ දුක නොතේරේද? කන්න බොන්න තියා ඔවුන්ට යන්න පාරක්ද නොමැත.

:       0       28

RupikaSaturday, 13 August 2022 11:43 AM

කියත්මගේ (වියත්මගේ) වලේබොඩ උන්දෑ කොයිද? තාම ගල්වලේද?

:       1       14

sara Saturday, 13 August 2022 10:23 AM

ඇවිදින මංතීරුවක් හදලා දෙන්න පුලුවන් මොකද ඒකෙන් කොමිස් වැඩි නිසා.

:       0       23

Deepal Nirosh Saturday, 13 August 2022 10:27 AM

අරෙහෙ අධිවේගී මාර්ග වාහන නැතුව වේලි වේලි තියෙනවා. මෙහේ මිනිස්සු ගමන් කරන ලෑලි පාලම් කඩා වැටෙනවා. මෙහෙව් රටේ???

:       2       25

sam Sunday, 14 August 2022 02:05 PM

දේශපාලකයෝ ඡන්දෙ ගන්නකන් විතරයි මිනිස්සු පස්සේ එන්නේ. ඊට පස්සේ පළාත්, ගම් දියුණු කිරීම් පැත්තක තියලා ඔවුන් මහා පරිමාණයෙන් රජය, ධනය හොරාකන එකයි කරන්නේ...

:       0       12

fairoos Sunday, 14 August 2022 03:09 PM

අපරාදෙ නන්දසේනවත් රටේ හිටියා නම්...

:       2       8

Perera Monday, 15 August 2022 06:37 AM

ලබන පාරත් ඕකුන්ටම චන්දය දෙන්න.

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 491 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 259 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site