
(ප්‍රසන්න පත්මසිරි)
හම්බේගමුව කොටවෙහෙරමංකඩ වෙිලි ඔයේ අත්වැල් පාලමෙන් එගොඩ වී පාසලට වෙත ගමන් කළ පුතකු සහ ඔහුගේ මව එහි ලෑල්ලක් කඩාවැටී වේලිඔයට වැටෙන්න ගිය අවස්ථවේ පාලමේ එල්ලී ප්‍රදේශවාසීන්ගේ පිහිටෙන් දිවි බේරාගෙන ඇත.
අඩි 100 පමණ උස අඩි 250ක් පමණ දිගින් යුත්ත වන එම පාලම මතින් වෙිලි ඔය තරණය කර මැදබැද්ද පාසලට යමින් සිටියදි අනතුර සිදුව තිබේ.
පාලම මතින් ගමන්ගත් මෙම මව සහ දියණිය වැල් පාලමේ ලෑල්ලක් කැඩී මව හා දියණිය පාලමේ කමිබියක එල්ලී ඇති අතර ප්‍රදේශවාසීන්ට ඔවුන් දෙදෙනා බෙරා ගැනීමට නොහැකි වුවානම් දෙදෙනා වේලි ඔයට වැටී ජලයේ අතුරුදන් වීමට තිබු බව ප්‍රදේශවාසීහු කියති.
මේ වන විට ප්‍රදේශවාසීන් අත්වැල් පාලමේන් ගමන් කිරීම නවතා දැමීමට කටයුතු කර තිබේන අතර පාලම අළුත් වැඩියා කර දෙන්නැයි බළධාරීන්ගෙන් ඉල්ලා සිටිති.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හා... මේ තියෙන්නේ ආසියාවේ ආශ්චර්යය. මේ තමයි චීන ණය අරන් රටට කරපු සංවර්ධනේ. අපි ආඩම්බර වෙමු. සුද්දා අටවලා දීපු වැල් පාලම නිසා මිනිස්සු මෙහෙමවත් ගඟෙන් එගොඩ වුණා. මේ පළාතේ ගරු කටයුතු මන්ත්‍රී කෙනෙක් හිටියෙම නැද්ද?
මේවා දැකදැක අරගලයට ශාප කරපල්ලා, සරුව පිත්තල අධිවේග, කුළුනු, යානා නැති ගුවන් තොටුපලවල්වලට හුරේ දාමු. අලුත්ම නාඩගම සර්වපාක්ෂික රජයට හුරේ කියමු...
මාර්ග සංවර්ධනේ පුටුවල මුල් ඇදලාද? ප්‍රාෙද්ශීය සභාවේ...? කොමිස් අඩුද?
ලොවට පෙනෙන්නට අධිවේගී මාර්ග සහ ගුවන් යානා නොඑන ලොව පළමු ජාත්‍යන්තර ගුවන් තොටුපළ සෑදූ මෙවැනි රජයකට රටේ දිළිඳු ජනතාවගේ ජීවිත ැඩි අනතුරේ දමන මෙවන් සුළු අලුත් වැඩියාවක්වත් කරන්නට නොහැකි වීම එහි මූසල ගතිය ලොවට පෙන්වයි.
225 ම ගෙනහල්ල අවිද්දවන්න ඕනේ ඕකේ.
මෙහෙව් රටක ජීවත් වීම මහ කරුමයකි. නරුම පාලකයන්ට මේ දුක නොතේරේද? කන්න බොන්න තියා ඔවුන්ට යන්න පාරක්ද නොමැත.
ඇවිදින මංතීරුවක් හදලා දෙන්න පුලුවන් මොකද ඒකෙන් කොමිස් වැඩි නිසා.
අරෙහෙ අධිවේගී මාර්ග වාහන නැතුව වේලි වේලි තියෙනවා. මෙහේ මිනිස්සු ගමන් කරන ලෑලි පාලම් කඩා වැටෙනවා. මෙහෙව් රටේ???
දේශපාලකයෝ ඡන්දෙ ගන්නකන් විතරයි මිනිස්සු පස්සේ එන්නේ. ඊට පස්සේ පළාත්, ගම් දියුණු කිරීම් පැත්තක තියලා ඔවුන් මහා පරිමාණයෙන් රජය, ධනය හොරාකන එකයි කරන්නේ...
අපරාදෙ නන්දසේනවත් රටේ හිටියා නම්...
ලබන පාරත් ඕකුන්ටම චන්දය දෙන්න.