පසුගිය ජනාධිපතිවරණ සමයේ රුපියල් මිලියන 600ක් වටිනා සිල් රෙදි බෙදාදීම සම්බන්ධයෙන් වැරදිකරුවන් වූ හිටපු ජනපති ලේකම් ලලිත් වීරතුංග හා විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට යන දෙදෙනා බන්ධනාගාරයට ගෙන යන අයුරු.
(ඡායාරූප-රොමේෂ් ධනුෂ්ක සිල්වා)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාංචු වැටෙන්න ඕන පුද්ගලයා අන්තිම පොටෝ එකේ ඉන්නේ. මේ ගොල්ලන්ගේ කැත මහජන මුදල් හොරා කෑම නොවෙන්න මේ නිලධාරීන් දෙන්න අදත් යහතින්.
සියලුම රජයේ සේවකයන්ට කදිම පාඩමක්. මිනිසුන්ගේ සල්ලි දේශපාලකයන්ට හොරකම් කරන්න ඉඩදුන්නොත් හිරේ තමා යන්නවෙන්නේ. ලලිත් හොද මිනිහෙක් . එත් කරන්න දෙයක්නෑ.
සංවේග ජනක අවස්තාවක්. භව ගානේදී සිදුවූ අකුසල කර්මයක්. සීලය යනු, කය ,වචනය සංවර කරගැනීමයි. කයින්. සිදුවූ වැරැද්දට ලැබුන විපාකය තමයි මේ! අනුන් කල වචී කර්මයට් හිස නවා පිළිගත් පාපය ගැන ශෝක නොවන්න ඉදිරියේ ගෙවීමට ඇති කාලය අකුසලයට යොමුනොවී, පින්සිත් පහළවී, මෙය අහෝසි කර්මයක්ම වේවා! තෙරුවන් සරණය් !!!!!!......!.
මහ මොළ කාරයා ගැලවෙන්න බිල්ලක් දුන්නා වත්ද?
සිල් රෙදි බෙදා දීමේ දිට්ට දම්මවේදනිය කර්මය මේ දෙපලට මේ ආත්මයේදීම පලදී තිබේ .තවත් අයටත් මේ පින් අනුමෝදන් වනු ඇත. බලා සිටිමු. සාධු ! සාධු!!
දේශපාලකයන්ගේ තීරණ වලට අනුවන විදිහට වැඩ කරන රාජ්‍ය සේවකයන්ට හොඳ පාඩම.
හොරකම් කරලා ලජ්ජා නැතිව කැමරාවට හිනා වෙන හැටි ! ආත්මයක් නැති මිනිස්සු මේගොල්ල.
අප්පච්චි එයි බේරාගන්න කියලා හිතලද හිනා වෙන්නේ?
මහජන මුදල් අවභාවිතය නරක දෙයක් කවුරුත් ඒ ගැන සැලකිලිමත විය යුතුය බිය විය යුතුය මහාධිකරන තීන්දුව ඓඉතිහාසික තීන්දුවක් රට යහමගට ගන්න නීතිය අකුරට ක්‍රියාත්මක විය යුතුය හොරකම් කළත් දුෂණ කරත් දඩුවම් ලේබුනම අභියාචන කරනවා එත් වැරදී වැඩ කළොත් ගැලවීමක් නැතිබව කුවුරුත් තේරුම් ගත යුතුය
ඔය වැඩ කරන්නේ 2015 අහිංසක මිනිස්සු ගහපු කතිරවල බලයයි. ඒකට ප්‍රජාතන්ත්‍රවාදී බලය කියලත් කියනවා.
ඔය ගෙන යන්නේ බන්දනාගාර රෝහලට නොවෙයි නේද?
රුප රාමුව දුටුවම මම හිතුවේ මේ චිත්‍රපටයක් වත්ද කියලා. හොඳට ඇස් ඇරලා බලලා කියවපුවාමයි තේරුනේ නැහැ ඇත්තටම ඇතුලට දාලනේ කියලා.
මොවුන් කල වැරැද්දට නීතියෙන් දඩුවම් ලැබී අවසනය. කරුණාකර මඩ ගැසීමෙන් වලකින්න. මොවුන් කලේ දේශපාලකයින්ගේ නියෝග ක්‍රියාත්මක කිරීමක් පමනයි. මහජන මුදල් හොරකම් කිරීමේ චෝදනාවක් මොවුන්ට නැහැ. හැබයි මහා බැංකුව කොල්ලකපු උදවියනම් ඒ සල්ලි බෙදාගෙන අදටත් යහතින් වැජබෙනවා.
සිල් රෙදි බෙදන එක හොඳයි... පිං එ්ත් .... සිල් රෙද්දට මුවාවී දේශපාලන ප්‍රචාරණ වැඩ හොඳද ...?