IMG-LOGO

2025 නොවැම්බර් මස 04 වන අඟහරුවාදා


ලිප්ටන් වටරවුමේදි නිහඩ විරෝධතාවයක්

(ජයමාල් චන්ද්‍රසිරි)

‘’භාෂණයට රැස්විමට සහ විරෝධය පදනමේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතින්ට අත නොතබනු’’ මැයෙන්  නිහඩ විරෝධතාවයක් අද [16]  පස්වරුවේ  කොළඹ ලිප්ටන් වටරවුමේදි පැවැත්විණි.

පෙරටුගාමි සමාජවාදි පක්ෂය පැවැත්වු  විරෝධතාවය මර්දනය කිරිමට රජය ගත් ක්‍රියාමාර්ගය හෙළා දකිමින් එම විරෝධතාවය පැවැත්විණි .

පෙරටුගාමි සමාජවාදි පක්ෂය .සිවිල් සංවිධාන.වෘත්තිය  සමිති කිහිපයක් එකාබද්ධව එම විරෝධතා ව පැවැත්විණි .

 

 


 

 



අදහස් (9)

ලිප්ටන් වටරවුමේදි නිහඩ විරෝධතාවයක්

සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 16 June 2020 02:32 PM

සැබෑ ප්‍රජාතාන්ත්‍රික රටක සාමකාමීව රැස්වීමේ නිදහස, කැමැති අදහසක් ප්‍රකාශ කිරීමේ අයිතිය ආදී මානව හිමිකම් ජනතාවට ලබාදීමට රජය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බැඳී සිටිනවා. නමුත්, මේ රටේ පොලීසිය එය හරිහැටි නොදැනීම විහිළුවක්... තරුණයන්ට, මිනිසුන්ට තම ආවේග පිටකරගන්න සාමකාමී පියවරක් ලෙස දියුණු රටවල පහසුකම් සපයා තිබෙනවා.

:       348       401

HelenWednesday, 17 June 2020 05:01 AM

ඒ දියුණු රටවලනේ සමිත. ඒ රටවල් දියුණු හින්දා තමයි උන් උන්ගේ ප්‍රශ්නවලට අරගල කරන්නේ. ඇමරිකාවේ මිනිස්සුන්ගේ ප්‍රශ්න වලට මෙහේ අරගල කරලා මුං ඔයාටයි මටයි අපේ දුප්පත් රටටයි මොනවද ගෙනල්ලා දෙන්නේ? තුට්ටුවක් වටින් නැති වුණාට මුන්ට ගහපු එක නම් හරිම වැරදියි. ඔය ගහන අතින්ම තමයි හෙට අපිටත් ගහන්නේ.. ඒ නිසාම (සහ ඒ නිසාම පමණක්) තමයි අපි මේකට විරුද්ධ වෙන්න ඕනේ...

:       23       41

priyadarshana qatar Tuesday, 16 June 2020 02:40 PM

මෙයාට පිස්සුද කොහොද? වැඩක් නැතිවට විකාර..

:       428       290

sunanda Tuesday, 16 June 2020 02:53 PM

තැනක් වෙන් කරලා තිබුණා ගෝල්ෆේස් එකේ..

:       156       229

ප්‍රීතිවිරාජ් බින්දු Wednesday, 17 June 2020 12:56 AM

කුමාර ගුණරත්නද?

:       0       3

ලුම්බිණි Wednesday, 17 June 2020 03:10 AM

රටක ජනතාවට විරෝධය පල කිරීමට ඉඩක් තිබිය යුතුයි.

:       0       25

විජිත් Wednesday, 17 June 2020 05:33 AM

මේ අය මේ සිදුකරන්නේ " විහිළුවක් " වත්, නිකම් ජොලියට කාලා බිලා ඉන්න බැරිනිසා එලියට ඇවිල්ලා අව්ව තපිනවාවත් කියලා හිතන්නවත් තරමට ඔබ බොළඳයි කියාමම හිතන්නේ නැහැ. මේ අය මේ ඉල්ලන්නේ මානුෂික අයිතීන් කිහිපයක්. " මානුෂික හිමිකම් ප්‍රඥප්තියෙන් " ලෝකයේ සියලුම " මිනිසුන්, ගැහැනුන් සහ දරුවන් " වෙනුවෙන් හඳුන්වාදුන්, ලෝකයම පිළිගත්... අයිතිවාසිකම් රාශියක් තියෙනවා. සමාවෙන්න , අපේ රටේ බහුතරයක් දෙනා නොදන්නා එහෙත් ඒ අයට හිමි " අයිතිවාසිකම් " රැසක් මේ රටේ නීතියේ පමණක් නොව " ලෝක නීතියේ " පිළිගෙන තියෙනවා. භාෂණයේ නිදහස, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස , රැකියාවක් කිරීමේ අයිතිය....පමණක් නොව ඔබට හිතන්නවත් බැරි තරම් අයිතීන් රැසක් මේ මානව හිමිකම් ප්‍රඥප්තියෙන් මිනිස් වර්ගයාවෙත හඳුන්වාදීලා තියෙනවා. ඉතින් අපේ රටවැනි අර්ධ ප්‍රජාතන්ත්‍රවාදයක් පවතින රටක මිනිසුන් තමන්ගේ අයිතීන් ඉල්ලා මෙවැනි උද්ගෝෂණ කිරීම අරුමයක් නොවෙයි..... නැතිනම් හෙට අපිට " සිතීමේ නිදහසත් " නැතිවෙන්න ඉඩක් නැතැයි කියා බොරුවට හිත සනසා ගමුද...?

:       18       68

Asanka Wednesday, 17 June 2020 06:56 AM

මොනවා කියනවද මන්දා මානව හිමිකම් වල අයිතිය මානවයන්ට පමණයි.

:       13       25

අනා Wednesday, 17 June 2020 10:37 AM

ලක්ෂ 64 ක් විතර හමුදා ආණ්ඩුවකට. ගමේ ගොඩේ මිනිසුන්ගේ කතා අහනවිට ඒක දැනෙනවා. නිවැරදි දකින කරන අය ඉතා සීමිත තමයි. හැබයි බහුතරයක් රැකෙන්නේ ඒ සුලුතරය වද වේදනා ගැරහුම් ලබලා ලබා දෙන දෙයින්. සත්‍ය කවදා හෝ ජය ගන්නවා... ඒත් පහුවදාට ආයෙත් අසත්‍ය රජ කරනවා.

:       30       45

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1960 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1544 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 541 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site