(ජයමාල් චන්ද්‍රසිරි)
‘’භාෂණයට රැස්විමට සහ විරෝධය පදනමේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතින්ට අත නොතබනු’’ මැයෙන් නිහඩ විරෝධතාවයක් අද [16] පස්වරුවේ කොළඹ ලිප්ටන් වටරවුමේදි පැවැත්විණි.
පෙරටුගාමි සමාජවාදි පක්ෂය පැවැත්වු විරෝධතාවය මර්දනය කිරිමට රජය ගත් ක්‍රියාමාර්ගය හෙළා දකිමින් එම විරෝධතාවය පැවැත්විණි .
පෙරටුගාමි සමාජවාදි පක්ෂය .සිවිල් සංවිධාන.වෘත්තිය සමිති කිහිපයක් එකාබද්ධව එම විරෝධතා ව පැවැත්විණි .






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සැබෑ ප්‍රජාතාන්ත්‍රික රටක සාමකාමීව රැස්වීමේ නිදහස, කැමැති අදහසක් ප්‍රකාශ කිරීමේ අයිතිය ආදී මානව හිමිකම් ජනතාවට ලබාදීමට රජය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බැඳී සිටිනවා. නමුත්, මේ රටේ පොලීසිය එය හරිහැටි නොදැනීම විහිළුවක්... තරුණයන්ට, මිනිසුන්ට තම ආවේග පිටකරගන්න සාමකාමී පියවරක් ලෙස දියුණු රටවල පහසුකම් සපයා තිබෙනවා.
මෙයාට පිස්සුද කොහොද? වැඩක් නැතිවට විකාර..
තැනක් වෙන් කරලා තිබුණා ගෝල්ෆේස් එකේ..
කුමාර ගුණරත්නද?
රටක ජනතාවට විරෝධය පල කිරීමට ඉඩක් තිබිය යුතුයි.
මේ අය මේ සිදුකරන්නේ " විහිළුවක් " වත්, නිකම් ජොලියට කාලා බිලා ඉන්න බැරිනිසා එලියට ඇවිල්ලා අව්ව තපිනවාවත් කියලා හිතන්නවත් තරමට ඔබ බොළඳයි කියාමම හිතන්නේ නැහැ. මේ අය මේ ඉල්ලන්නේ මානුෂික අයිතීන් කිහිපයක්. " මානුෂික හිමිකම් ප්‍රඥප්තියෙන් " ලෝකයේ සියලුම " මිනිසුන්, ගැහැනුන් සහ දරුවන් " වෙනුවෙන් හඳුන්වාදුන්, ලෝකයම පිළිගත්... අයිතිවාසිකම් රාශියක් තියෙනවා. සමාවෙන්න , අපේ රටේ බහුතරයක් දෙනා නොදන්නා එහෙත් ඒ අයට හිමි " අයිතිවාසිකම් " රැසක් මේ රටේ නීතියේ පමණක් නොව " ලෝක නීතියේ " පිළිගෙන තියෙනවා. භාෂණයේ නිදහස, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස , රැකියාවක් කිරීමේ අයිතිය....පමණක් නොව ඔබට හිතන්නවත් බැරි තරම් අයිතීන් රැසක් මේ මානව හිමිකම් ප්‍රඥප්තියෙන් මිනිස් වර්ගයාවෙත හඳුන්වාදීලා තියෙනවා. ඉතින් අපේ රටවැනි අර්ධ ප්‍රජාතන්ත්‍රවාදයක් පවතින රටක මිනිසුන් තමන්ගේ අයිතීන් ඉල්ලා මෙවැනි උද්ගෝෂණ කිරීම අරුමයක් නොවෙයි..... නැතිනම් හෙට අපිට " සිතීමේ නිදහසත් " නැතිවෙන්න ඉඩක් නැතැයි කියා බොරුවට හිත සනසා ගමුද...?
මොනවා කියනවද මන්දා මානව හිමිකම් වල අයිතිය මානවයන්ට පමණයි.
ලක්ෂ 64 ක් විතර හමුදා ආණ්ඩුවකට. ගමේ ගොඩේ මිනිසුන්ගේ කතා අහනවිට ඒක දැනෙනවා. නිවැරදි දකින කරන අය ඉතා සීමිත තමයි. හැබයි බහුතරයක් රැකෙන්නේ ඒ සුලුතරය වද වේදනා ගැරහුම් ලබලා ලබා දෙන දෙයින්. සත්‍ය කවදා හෝ ජය ගන්නවා... ඒත් පහුවදාට ආයෙත් අසත්‍ය රජ කරනවා.