(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
නොරෝච්චෝල ලක් විජය බලාගාරයේ ගල් අඟුරු අළු මීදුමක් ලෙස එකවර ඉලන්තඩිය වගා බිම්වලට පතිත වීම නිසා වගාකරුවන් දැඩි අපහසුතාවයට පත්ව ඇත.
ගල් අඟුරු අළු අද (23) විනාඩි කිහිපයක් ඉලන්තඩිය ප්‍රදේශයේ පැතිරී ගිය බව වගාකරුවෝ පවසති.
ඉලන්තඩියේ වගාකරුවකු වන ශෂීක පුෂ්පකුමාර මහතා මේ පිළිබඳව මෙසේ පැවසීය.
“මම වගාබිමේ මඩුවේ හිටියේ එකපාරම සුදුපාට මීදුමක් වගේ ආවා මම ගණන් ගත්තේ නැහැ .ඒ එක්කම මම ඇඳගෙන හිටිය ඇඳුම සුදුපාට කුඩකින් වැසී තිබුණා.
මම එළියට ඇවිත් කමිසය ගසා දමා බලද්දි ගසුත් මෙම සුදුපාට කුඩින් වැසී තිබුණා. පස්සේ සොයා බලද්දී ලක් විජය බලාගාරයේ ගල් අඟුරු පිලිස්සීමේන් ඉවත් වන අළු මේ ආකාරයෙන් වගා බිම් වලට වැටි ඇති බව තමයි දැන ගත්තේ.
මේ තත්වය විනාඩි 5 ක් විතර තිබුණේ බැරි වෙලාවත් පැය භාගයක් විතර තිබුණා නම් මිනිස්සුට උස්ම ගන්න බැරිම මැරිලා යනවා‘‘ යැයි ඔහු පැවසීය.
මේ පිළිබඳව අදහස් දැක්වූ මංජුල ජයශාන්ත මහතා මෙසේ සඳහන් කළේය.
“මම වගාවේ වැඩක් කරමින් සිටියේ එකපාරම මීදුමක් වාගේ ආවා පස්සේ බලද්දි වගා බිමේ සියලුම තැන් වල ගල් අඟුරු අළු සුදු පාටින් පැතිරි තිබුණා.
මේ තත්වය නොසලකා හරින්න බැහැ. මොකද මේ ගල් අඟුරු අළු වගාවන්වලට ඇසිඩ් වගේ. ඒ නිසා බලාගාරයේ නිලධාරීන් කිසිම වේලාවක අපි කියන කිසි දෙයක් අහන්නේ නැහැ. මෙය බරපතල තත්වයක්‘‘
ඉලන්තඩිය එළවළු හා පළතුරු වගාකරුවන් මෙම ගල් අඟුරු අළු පතිත වූ වගා බිම් ජලය ඉසිමින් අළු ඉවත් කිරීමට කටයුතු කරන ආකාරය දැක ගත හැකිවිණි.
මේ පිළිබඳව කළ විමසීමේදී ලක්විජය බලාගාරයේ කළමණාකරු ඉන්ද්‍රජීත් ගාල්ලගේ මහතා පවසා මෙසේ සඳහන් කළේය.
“ගල් අඟුරු දැවීමෙන් පසු යාන්ත්‍රික දෝෂයක් සිදුව තිබෙනවා. එය විනාඩි කිහිපයකින් නැවත සකස් කිරීමට අපි කටයුතු කළා.
මට වගාකරුවන් කිපදෙනෙකුත් කතා කරලා මේ තත්වය දැනුම් දුන්නා. පසුව අපේ නිලධාරීන් ඒ ගැන සොයා බලන්න පිටත් කළා‘‘ යැයි ඔහු පැවසීය.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සෑම සිදුවීමක් සඳහාම විදුලි බලාගාරයට දඩ සහ ගොවීන්ට වන්දි ගෙවීමේ කොන්ත්‍රාත්තුවේ වගන්තියක් තිබිය යුතුය. එසේ නොමැති නම්, විදුලි බලාගාරයට බැරෑරුම් පියවර ගැනීමට දිරිගැන්වීමක් නොමැත.
කොමිස් එක සාක්කුවේ... අඟුරු අළු පාත්තියේ.. වැඩි දිනක් කැඩිලා තිබේ.. විදුලියත් ඉඳ හිට ලැබේ... මිනිස්සුන්ටයි කරදරේ..... කෙරුව අය රජ වී ඇතේ.....
CEB මාෆියාව සෝලා පවර්, වයින්ඩ් පවර් වගේ ඔප්ෂන්ස් ප්‍රමෝට් කරන්න. නමුත් ඔවුන් මේ ආයෝජන පහත දමන්නයි බලන්නේ...
(1 කොටස) මේ අළු වලට අපි කියනවා fly ash කියලා. අපේ භාෂාවෙන් එක එක විදිහට විග්‍රහ කරනවා. සමහරු හමන අළු කියලා කියනවා. ගල් අඟුරු-විදුලි උත්පාදකයක විදුලිය නිපදවීමේ කාර්යයෙහි අවසාන අප ද්‍රව්‍යය තමා මේ අළු. කෙසේවෙතත් මේ අළු උණුසුම් වායුව සහ දුම් සමග චිමිනියෙන් බාහිර පරිසරයට පිටවීමට පෙර "නවත්වා ගැනීමේ" යාන්ත්‍රණයක් තිබෙනවා. පැරණි බලාගාරවල ෆිල්ටර්ස් කිහිපයක් මගින් කළ මේ ක්‍රියාව නවීන බලාගාරවලදි සිදුකරන්නේ electrostatic percipitator ලෙස හඳුන්වන ස්ථිතික විද්‍යුත් ප්‍රේරකයන් භාවිතයෙන්.. ඉතින් යම් ලෙසකින් මේ ස්ථිතික ප්‍රේරකයක් ක්‍රියා විරහිත වුනොත් මේ අළු වලාවක් වගේ ප්‍රදේශය පුරා පැතිරෙනවා. සිදුවී ඇත්තේ එයයි. අපි බලමු මේ fly ash වල අඩංගු ද්‍රව්‍යය.. ප්‍රධාන වශයෙන්, සිලිකන් ඩයොක්සයිඩ් ,ඇලුමිනියම් ඔක්සයිඩ් සහ කැල්සියම් ඔක්සයිඩ්.මේවා අතරින් පළමු ,සහ දෙවැනි සංඝටක ඉතාමත්ම සිහින් ස්ඵටික ලෙස පවතින්නේ. යමෙක් මේවා ආශ්වාස කළොත් ඒ පුද්ගලයා පෙනහළු රෝගයක්වන සිලිකොසිස් වලට ගොදුරුවීමේ අවධානමක් පවතිනවා.. මේ ප්‍රධාන කොටස් වලට අමතරව මේ ලෝකයේ ඇති විෂ අධිකම රසායනික සංයෝග රාශියක් මේ අලුවල පවතිනවා.
ආසනික්, ඊයම්, රසදිය, කැඩ්මියම්, ක්‍රෝමියම් සහ සෙලිනියම් තමා ඒ මුල ද්‍රව්‍යයන්. සාමාන්‍යයෙන් මේ බලාගාරවල ගබඩාකර තබාගන්න මේ අළු සිමෙන්ති නිෂ්පාදනය සඳහා වන අමුද්‍රව්‍යයක් ලෙස භාවිතකරනවා. තාක්ෂණික දෝෂයන් නිසා මෙලෙස පරිසරයට නිදහස් වල මේ අළු ප්‍රශ්න රාශියක් ඇතිකරන්න පුළුවනි. ජලයේ දියවී මත්සයින්ට විෂ වියහැක. ශාක පත්‍ර මත තැන්පත්වීමෙන් ඒ ශාක වල ප්‍රභාසංස්ලේෂණය නවතාලයි. මන්ද මේ අළුවලින් ක්ලොරෝෆිල් ආවරණය කරන නිසායි. මිනිසාටත් සතුන්ටත් නොයෙකුත් රෝගාබාධයන් ඇතිකරන මේ fly ash කිලෝ මීටර් 5-10 පුරා පැතිරිය හැක. මම මේ කිව්වේ අළුවලින් වන හානිය පමණයි. නමුත් ගල්අඟුරු බලාගාර මේ ලෝකයෙන්ම වසා දමන්නට තීරණය කලේ අම්ල වැසි ඇතිකිරීමට මූලික වන්නේ මෙවැනි ගල් අඟුරු බලාගාර නිසයි. මේ බලාගාර පිළිබඳව අදාළ ආයතන සමග ගිවිසුම් ගතවීමේදී රක්ෂණ ආයතනයක් සම්බන්ධ කරගැනීම දියුණු රටවල මුලික අංගයක්... මේ අද බලාගාරය අවට වැසියන් අත්විඳි භයානක ඉරණම දියුණු රටක සිදුවුණා නම් වහාම රක්ෂණ ආයතනයෙන් ඔවුන්ට වූ අලාභය ගෙවනවා. අපේ මෝඩ, නූගත්, පාලකයින්ට එවැනි ගිවිසුමක් ගැන චීනාට යෝජනා කරන්න කොන්ද පණ තිබුනේ නැතිව ඇති.. ඒකයි අවාසනාව...
Wijaya මහත්තයෝ ඕක කුහකකම නේද? ඉඳහිට නෙමෙයි විදුලිය ලැබෙන්නේ... නොරොච්චෝලේ කැඩුනොත් හරි, වැහුවොත් හරි රටෙන් බාගයක් අඳුරේ. මේවා අත්දැකීම්...
ඔය අලුටිකක් ඇඟට වැටුණට මොකද? දිය වෙනවද? දියුණුවට යනකොට ඇඟට අලු නොවැටී යන්න බැහැ. ඔවාට පුරුදු වෙන්න.
මේ 2020 වසරේදීත් කොමිස් බලාගෙන ගල් අඟුරු බලාගාර ඉඳිකරන්න, ඒවා ඉඳි කරන්න ප්‍රතිපත්ති හදන්න.
kuweni , wijaya මහත්වරුනේ, මම හිතන්නේ ඔය මහත්වරු දෙන්නම හරි කියලයි. අපිට විදුලිය නැතිව ඉන්නත් බැහැ වගේම ලෝකයෙන් අයින් කරපු යල්පැනගිය ක්‍රමයකින් විදුලිය නිපදවා පරිසරය විනාශ කර ගන්නත් බැහැ. නමුත් මේ දෙකම අපේ රටේ ඉන්න.. මෝඩ, දූෂිත, ආත්මාර්ථකාමී වගේම අනාගතය ගැන දැක්මක් නැති පාලකයින් විසින්" තමන්ගේ පැවැත්ම සඳහාම" , දුප්පත් රටවැසියන්ගේ හිස මත පටවා තියෙනවා. ඒ අය හිතුවේ තමන්ගේ " පොකට් එක පුරෝගන්න ක්‍රමයක් " ගැන පමණයි. ගල් අඟුරු විදුලි උත්පාදන ක්‍රමය දැන් ලෝකයෙන් අයින් කරලා තියෙන්නේ. එංගලන්තයත් දැනට අවුරුදු 2කට විතර කලින් ඒ ගොල්ලන්ගේ අවසාන ගල් අඟුරු බලාගාරය වසා දැමුවා. දැන් මේ ක්‍රමය භාවිතාකරන්නේ රටවල් කිහිපයක පමණයි. වසා දැමීමට ප්‍රධානම හේතුව පරිසර දුෂණය සහ අම්ල වැසි ඇතිවීමට මේවා කෙලින්ම දායකවනබව හෙලිවිමයි. අපේ රටේ ඇති අසීමිත විදුලිය ඉල්ලුමට මෙය තාවකාලික පිලියමක් මිසක් තවත් වසර 50 ක්වත් ඉදිරියට යොදාගත හැකි පිළියමක් නොවේ. ගල්අඟුරු මිල ඉහළ ගියහොත් අපි අනාත වෙනවා. අනිවාර්යයෙන්ම ඒ කාලය වැඩි ඈතක නොවෙයි.. මම ඉතාම වගකීමකින් කියන්නේ අපේ රටේ න්‍යෂ්ටික බලාගාරයක් තවත් අවුරුදු 50 කට හදන්නත් බැහැ.
හදන්න සල්ලිත් නැහැ... එපමණක් නොවෙයි විකිරණ කාන්දුවක් ඇතිවුනොත් ප්‍රදේශයේ ජනතාව (අරය කිලෝමීටර් 60ක් පමණ) ඉවත් කිරීමට තරම් රටේ ඉඩ ප්‍රමාණයක් නොමැත. අපිට පරිසර හිතකාමී විකල්ප 3ක් තියෙනවා. ජල විදුලිය, හිරු එළිය සහ මුහුදු රළ මගින් විදුලිය නිපදවා ගැනීම. ජල විදුලිය අපි උපරිම මට්ටමින් භාවිතා කරනවා. රටට අවශ්‍ය ඉතිරි විදුලි ප්‍රමාණය සඳහා හිරු එළිය සහ මුහුදු රළ යොදාගන්න පුළුවනි. හැබැයි අප දැනට භාවිතාකරන ක්‍රමයෙන් හිරුගෙන් ලැබෙන ශක්තියෙන් 28%ක පමණ ප්‍රමාණයක් පමණයි අපට ලැබෙන්නේ. නමුත් හිරු - තාපයෙන් අපට 60% කටත් වඩා හිරුගේ ශක්තිය අපිට ලබාගන්න පුළුවනි. මේ මොහොතේ විද්‍යාඥයින් රැසක් නොයෙකුත් පරීක්ෂණ රැසක් කරමින් සිටින්නේ මේ හිරු-තාපය ප්‍රයෝජනයට ගන්න. රටවටා තිබෙන මුහුදු රලවල " චාලක ශක්තිය සහ විභව ශක්තිය යොදාගෙන අපිට නොමිලේම වගේ විදුලිය නිපදවාගන්න පුළුවනි. දැන් සමහර රටවල් මේ ක්‍රමයට යොමුවෙමින් සිටින්නේ. මම දන්නා කිහිප දෙනෙක්ම මේ අදහස හැම රජයකටම වාගේ ඉදිරිපත් කළත් කාගේත් අවධානයට යොමුවුණේ නැහැ.. කොමිස් ගහන්න බැරි මේ වටිනා අදහස කුණු කුඩයට දැම්මේ ඇයි..? ඔබත් හිතන්න..
නිදහස ලැබෙන විට රටේ 20% කට පමණ තිබූ විදුලි ඉල්ලුම, අද වන විට 99% දක්වා ඉහළ ගොස් ඇත. ලංකාවේ ප්‍රථමික වශයෙන් විදුලිය නිපදවන්නේ ජලයෙන්, තාප (තෙල් සහ ගල් අගුරු), සූර්ය සහ සුළං බලයෙනි. වර්තමානයේ අලුතින් ජල විදුලි බලාගාර ඉදිකිරීමට ස්ථාන නොමැත. සූර්ය සහ සුළං බලයෙන් නිපදවන්නේ ජාතික අවශ්‍යතාවෙන් ඉතා අල්ප ප්‍රමාණයක් පමණි. ඉතිරි වී ඇත්තේ තෙල් සහ ගල් අගුරු විකල්ප වන අතර, රටේ ආර්ථික ශක්තියට දැරිය හැක්කේ වඩා ලාභ ප්‍රභවය වන ගල් අගුරු. මෙවැනි බලාගාර වලින් යාන්ත්‍රික දෝෂ හේතු කොටගෙන, අළු වාතයට මුදා හැරීමක් කලාතුරකින් සිදුවිය හැක. ඕනෙම විදුලි බලාගාරයකින් යම් ආකාරයක අවදානම් තත්වයක් ඇති විය හැක. ඒ හැර, මුහුදු රළ මගින් දීර්ඝ කාලීනව නියත වේගයකින් විදුලි ජනක ටර්බයින් ක්‍රියා කරවීමට අවශ්‍ය චාලක ශක්තිය ලබා ගැනීමේ තාක්ෂණය තවමත් වියදම් අධික සහ ප්‍රායෝගික නොවන විකල්පයක් පමණි.