
(යොහාන් භාසුර සහ තිලකරත්න දිසානායක)
සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුව අද (11) පෙරවරුවේ සිට ක්‍රියාත්මක කර තිබෙන වැඩවර්ජන හේතුවෙන් කොළඹ ජාතික රෝහල ඇතුළු දිවයින පුරා රෝහල් රැසක වැඩකටයුතු අඩාල වීම නිසා බාහිර රෝගී අංශයට සහ සායනවලින් ඖෂධ ලබාගැනීමට පැමිණි ජනතාව වැඩි අපහසුතාවට පත්වූහ.
ගම්පහ,මහනුවර ඇතුළු දිවයිනෝ සෑම රෝහලම පාහේ පෙරවරු කාලයේ පැවැති මෙම වර්ජනය නිසා රෝගීහු දැඩි අපහසුතාවයට පත්ව සිටිති.
බොහෝ ප්‍රදේශවල කොරෝනා එන්නත්කරණ කටයුතුවලට ද මෙම වර්ජනය බාධාවක්ව පැවැති අතර එන්නත් කරගැනීමට ආ පිරිසදැඩි අවුවේ සහ ඇතැම් ප්‍රදේශවල වැස්සට තෙමෙමින් පැය පහක් පමණ කාලය පෝලිම්වල රැදී සිටියහ.
කොළඹ ජාතික රෝහලේ බෙහෙත් නිකුත් කිරීමේ කවුළු වසා තැබීම නිසා සායනවලින් බෙහෙත් නිර්දේශ කිරීමෙන් පසුව රෝගීන් දැඩි පහසුතාවට පත්ව සිටියහ.
වෛද්‍යවරු හැර සෙසු කාර්ය මණ්ඩල රැසක් මෙම වර්ජනයට එකතු වී සිටියි.
(ඡායාරූපය: තිලකරත්න දිසානායක)
(ඡායාරූප: ශාන්ත රත්නායක)




(අතුල බණ්ඩාර)
අනුරාධපුර ශික්ෂණ රෝහලේ කාර්ය මණ්ඩලය වැඩ වර්ජනයට එකතු වී සිටි ආකාරය.



(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
මීරිගම මූලික රෝහලේ කාර්ය මණ්ඩලය වැඩ වර්ජනයට එකතු වී සිටි ආකාරය.


(කාංචන කුමාර ආරියදාස)
දඹුල්ල වීර ඩෙන්සිල් කොබ්බෑකඩුව රෝහලේ කාර්ය මණ්ඩලය වැඩ වර්ජනයට එකතු වී සිටි ආකාරය.








(නවරත්න සමරතුංග)
අම්පාර මහ රෝහලේ කාර්ය මණ්ඩලය වැඩ වර්ජනයට එකතු වී සිටි ආකාරය.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සෞඛ්‍ය සේවාව හැම සේවකයාටම වඩා ඉහළින් අපි කවුරුත් අගයනවා. ඒත් මේවා නම් කොහෙත්ම අනුමත කරන්න බැහැ. අමන වැඩ. මේ තරමටම රටේ ප්‍රශ්නයක් තියෙන වෙලාවේ මීට වඩි බුද්ධිමත්ව තමන්ගේ ප්‍රශ්න සාකච්ඡා කරලා විසඳගන්න ඕනෑ කාලයක් මේක..
අර අත්‍යාවශ්‍ය සේවාවන් කියලා මොරදීගෙන ගැසට් කෙරුවේ මෙව්වා නේද? ඉතින් කොහොමද වර්ජනය කරන්නේ..?
මෙයාලා සේරම ගෙදර යවලා අලුතින් කට්ටිය බඳවා ගන්න ක්‍රමයක් හැදුවා නම් හොඳයි..!!!
මේ වගේ කාලකණ්ණි රටක ඉන්නකම් රට කවදාවත් දියුණු කරන්න බැහැ. ලෝකේ කොහේවත් රටක මේවා වෙන්නේ නැහැ. අහිංසක ලෙඩ්ඩු අමාරුවේ දාන මේ අයට හෙණ ගහන්න ඕනෑ..
දොස්තරලාට දීමනා වැඩි කළ බවට බොරු කියා ජනතාවට එකාවන්ව සේවය කරමින් සිටි සුවවිරුවන්ව වර්ජනයට යොමුකළ බංකොලොත් දේශපාලනේ හඳුනා ගනිමු...
මේ උදාහරණයම ඇති නේද ලංකාවේ මිනිස්සු රටට කොච්චර ආදරෙයිද කියලා. එකෙක් මරලා හරි සල්ලි තමයි ඕනෑ... මෙහෙම මිනිස්සු ඉන්න රටක් කොහෙටද යන්නේ..?
අයිතිවාසිකම් මිස යුතුකම් නොදන්නා... කල දුටු කල වල ඉහගන්න මෙවන් ජාතියක් මේ ලොවේ තවත් ඇද්ද?
සෞඛ්‍ය සේවකයෝ හැමදෙනාටම එක වගේ සැලකිය යුතුයි. ඒ හැමෝම මේ වෙලාවේ ලොකු කැපකිරීමක්... එක කණ්ඩායමකට වැඩි සැලකිළි කරන්න ගියාම වෙන ගැටළු නේද? දොස්තර මහත්වරු රෝහලක පැය කීයද රැඳිලා ඉන්නේ... අනෙක් සේවකයෝ නේද රෝහලේ දිගටම අඛණ්ඩව සේවය කරනුයේ..!!