කේ ඩී දේවපි‍්‍රය
ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ මංගල්‍යයේ 7 වැනි පෙරහර මංගල්‍යය ඊයේ (19) අති උත්කර්ෂවත් අයුරින් විදී සංචාරය කරනු ලැබීය.
කතරගම කඳ දෙවියන් වෙත පුටුව වැඩම වීමෙන් පසුව පෙරහර විදී සංචාරය කිරීම ආරම්භ වු අතර වල්ලි අම්මා දේවාලය වෙත ගොස් චාරිත‍්‍ර ඉටු කිරිමෙන් අනතුරුව පෙරහර නැවත මහා විදීය ඔස්සේ දේවාලයට ගමන් කර දෙවියන් ඇතුල් මාළිගයට වැඩමවා ගෙවීමේ චාරිත‍්‍රයෙන් පසුව නිමාවට පත්විය.
කතරගම ඇසළ මංගල්‍යයේ 9 වැනි පෙරහර මංගල්‍යය අද රාත්‍රී 7.14 ට යෙදෙන සුභ නැකතින් ආරම්භ වී ප‍්‍රධාන වහල්කඩ තුළින් පිට වී පිට විදිය ඔස්සේ වල්ලි අම්මා දේවාලය වෙත ගමන් කිරීමට නියමිත බව රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිළමේ දිල්රුවන් රාජපක්‍ෂ මහතා පවසයි.
කතරගම දෙවියන්ට ආවේනික වු මොණර, කාවාඩි නැටුම් අංග රැසක් මෙවර ඇසළ මංගල්‍යට එක්කර ගෙන ඇති අතර මේ වන විට පෙරහර ආරම්භ වු පසුගිය 13 වැනි දා සිට බැතිමතුන් ලක්‍ෂ 05 කට ආසන්න පිරිසක් දේවාලය වැඳ පුදා ගෙන ඇති බව බස්නායක නිළමේ දිල්රුවන් රාජපක්‍ෂ මහතා පවසයි.
කතරගම දේවාලයේ අවසන් මහා පෙරහර ලබන 27 වැනි දා පවත්වා 28 වැනි දා මැණික් ගඟේ දිය කැපීමේ මංගල්‍යයෙන් නිමාවට පත්වේ.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
රුහුණු කතරගම මංගල්‍යයේ 7 වැනි පෙරහර වීදි සරයි