(පාලිත ආරියවංශ)
බදුල්ල ඇතුළු අවට ප්‍රදේශවලට ඇද හැලෙන මහ වැසි සමග දුන්හිඳ, දියළුම, රාවණා,බඹකන්ද, බෝඹුරු ඇතුලු දියඇලි වල දිය දහරාවන් විශාල වශයෙන් චන්ඩ වී ඇතැයි ආපදා නිලධාරීහු පවසති.
වෙනදා සුන්දර ගලා හැලෙන රාවණාඇල්ල කොමළියද චන්ඩ වී මහා දිය කඳක් කඩා හළෙන අයුරු අප කැමරාවේ සටහන් වුයේ මේ අයුරිණි.
බදුළු ඔය,උමා ඔය ඇතුලු ගංගා හා ඇළ දොල හිටිහැටියේ ජල මට්ටම ඉහළ නැගීමකට ලක්විය හැකි බැවින් ඒවායින් දියනෑම නොකරන ලෙසත් ජල පරිහරණයේදී පරිස්සම් වන ලෙසත් බදුල්ල දිස්ත්‍රික් ලේකම් දමයන්ති පරණගම මහත්මිය ජනතාවගෙන් ඉල්ලා සිටී .
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
රාවණා කොමළිය චන්ඩ වී
පූජා Thursday, 06 May 2021 09:15 AM
දිය ඇලි කොමළියන්ගේ, සැබෑ සුන්දරත්වය ගිලිහී ගොස් චන්ඩ වී පහළට ගලා හැලෙන්නේ කුමක්දෝ කියාගන්න බැරි දෙයක් අපට ව්යාංඟයෙන් පවසනවා වගේ යයි මට සිතෙනවා. දින, දින උග්‍ර වෙන කොරෝනා ලෙඩුන්, උසුලාගන්නට නොහැකි ජීවන වියදම්, කියන දෙයක් තේරුම් ගත නොහැකි මිනිසුන් තව බොහෝ දේවල් ඇති. සුසිනිඳු සුදෝ සුදු සේළයක් මෙන් පහළට ඇද හැලෙමින්, කවියෙන්, ගීතයෙන් වෙනදා දණන් නැළවු සුන්දර දිය ඇළි කොමළියන් අද චන්ඩව සුපුරුදු පාටත් වෙනස් කරමින් ගලා හැළෙන්නේ ජීවිතයේ අනිත්‍ය බව අපට පසන් කරන්නට වෙන්න ඇති. උපේක්ශාවෙන් සියල්ල නිහඞව දරා සිටින සොබා දහම් අම්මාත් කළකිරීමට පත්ව ඇති සෙයකි. මොනවා කරන්නද.? සියල්ල වෙනස් වෙන ලෝකයක වෙනස් නොවන එකම එක දෙය "වෙනස් වීම" පමනකැයි සිතෙන්නේ අප අතරින් කීයෙන් කී දෙනෙකුටද.?
sharm warn Thursday, 06 May 2021 10:04 AM
ලස්සන පින්තුර ටිකක් බලන්න හිතාගෙන ආවා. වෙනදාට මීට වඩා පින්තුර දානවා නේ