



(ඩී.ජී.සුගතපාල)
වසරකට ආසන්න කාලයක් තිස්සේ උණවටුන රූමස්සල කඳු පාමුල කොරල්පරවල හිරවි තිබෙන නැව පරණ යකඩවලට කපා ඉවත් කිරීමට පියවර ගෙන ඇතැයි වරාය අධිකාරිය පවසයි.
ගාල්ල සිමෙන්ති සමාගමට ක්ලින්කර් ගෙනැවිත් ගොඩබා පිටත වරායේ නැගුරම්ලා තිබු ඉන්දියානු සමාගමකට අයත් “ශ්‍රී ලංකා ග්ලෝරි“ නමැති මෙම නැව පසුගිය වසරේ ජූනි මාසයේ 18 වනදින හමාගිය තද සුළඟින් නැගංරම්ද කඩාගෙන ගොස් රූමස්සල කඳු පාමුල කොරල්පරවල හිරවී තිබූ අතර එහි සිටි නාවිකයින් නම දෙනා බේරගනු ලැබිණි.
නැවේ තිබු තෙල් විසිරීමකින් පරිසර හානි ඇතිවීමට ඉඩ තිබු නිසා සමුද්‍ර පරිසර දූෂණ වැළැක්විමේ අධිකාරියේ අධීක්ෂණය යටතේ නැවේ තිබු තෙල් ටොන් 22ක් ශානිකා මෙරයින් නමැති සමාගම විසින් ඉවත් කරගෙන එම සමාගමට අයත් පුත්තලම පිරිපහදුව වෙත ගෙනයන ලදි.
පසුව නැව වෙළඳ නැව් අධ්‍යක්ෂවරයා බාරයට ගෙන බාහිර කිසිම පුද්ගලයෙකුට නැවට ඇතුළුවීමද තහනම් කර තිබිණි.
මේ අතර නැව කපා ඉවත් කිරීමට සමුද්‍ර දූෂණ වැළැක්වීමේ අධිකාරියේද වනජීවි දෙපාර්තමේන්තුවේද නිර්දේශ ලබා දී ඇත.
ඒ අනුව පුද්ගලික සමාගමක් විසින් නැව කපා ඉවත් කරනු ලැබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය නැව කපලා ඉවත් කරනවට වැඩිය ඔහොම්ම තියෙන්න ඇරියා නම් (සියළුම ඉන්ධන හා අහිතකර ද්‍රව්‍ය ඉවත් කළ පසු) එය සාගර ජීවීන්ගේ පැවැත්මට සහ වෙරළ ඛාදනය වැළැක්වීමට හොඳයි නේද? එහෙම බැරිනම් සංචාරකයින්ට නැරඹීම සඳහා වැඩපිළිවෙලක් හැදුවා නම්...
මේ ආණ්ඩුවේ ඉන්නවා යකඩ මුදලාලි කෙනෙක් පරණ නැව් පෙන්නන්න බැහැ. මතකයිනේ යුද්ධය ඉවර වුණු ගමන්ම නන්දිකඩාල් වල තිබ්බ ඔයවගේ තව නැවකුත් ඉක්මනට යකඩවලට කපාගත්තා..
ඕක පංචිකාවත්තේ මුදලාලි කෙනෙකුට බාරදුන්නා නම්... විනාඩි 5කින් නැව තිබුණු තැනවත් නැහැ.
මේ නැව කපලා ඉවත් කරන සමාගම මොකක්ද?
අපි නම් දන්නවා යකඩ ගිලින බහිරවයො කවුද කියලා. වැඩක් නෑ.අහිතකර දේවල් අයින් කලාට පස්සෙ ස්වාභාවික සමුද්‍ර පරිසර පද්ධතියක් බවට කාලය විසින් ඔය යකඩ ගොඩ පත් කරනවා.වෙන රටවල් වල එහෙම දේවල් තියෙනවා.කෝටි ගණන් වියදම් කරල ගොඩබිම සිමෙන්ති වලින් හදපු පිළිම ගිහින් මූදෙ ගිල්වලා සමුද්‍ර කෞතුකාගාර හදනවට වැඩිය ලේසියෙන් ඒක කරන්න තිබුනා.