(රෝමේෂ් ධනුෂ්ක සිල්වා)
කුවේට් හි සේවය කරන ශ්‍රී ලාංකිකයන් විසින් පවත්වාගෙන යනු ලබන ‘කුවේට් ශ්‍රී ලංකා එකමුතුව’ සහ රණවිරු සේවා අධිකාරිය එක්ව සංවිධානය කළ මෙරට රණවිරු දූ දරුවන් වෙත අධ්‍යාපන ශිෂ්‍යත්ව ප්‍රදානයක් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් නාවික හමුදා මුලස්ථානයෙදී අද (03) පැවැත්විණ.
කුරිරු ත්‍රස්තවාදයෙන් ශ්‍රී ලංකාව මුදවා ගැනීමට තම ජීවිතය පුජා කළ රණවිරුවන් 60 දෙනෙකුගේ දරුවන් 60 දෙනෙකුට මෙහිදී ශිෂ්‍යත්ව පිරිනැමිණ.
ජනාධිපති රන් කුසලාන පැරා ඔලිම්පික් වොලිබෝල් තරඟාවලියේ ශූරතාවය ජයගත් රණවිරු සේවා අධිකාරියේ කණ්ඩායමට උපහාර දැක්වීමද අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා අතින් මෙහිදී සිදුවිණ.
රණවිරු සේවා අධිකාරියේ සභාපතිනි අනෝමා ෆොන්සේකා මහත්මියද මේ අවස්ථාවට එක් වුවාය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතා වටිනා කෘත ගුණ සැලසීමේ ක්‍රියාවලියක්, අනිත් රටවල වෙසෙන ශ්‍රී ලාංකිකයන් මෙය ආදර්ශයට ගත්තොත් ඉතා වටිනේය.
ඉතාමත්ම හොද අගය කලයුතු දෙයක්.