(රොමේෂ් ධනුෂ්ක සිල්වා)
එල්ටීටීඊ ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයේ දී දිවිපිදු සහ ආබාධිත වූ රණවිරුවන්ට උපහාර දැක්වීමේි ' රණවිරු උත්තම ප්‍රණාම’ දස වර්ෂ පුර්ණ සැමරුම් උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (19 වැනිදා) ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු සංකීර්ණය අසළ පිහිටි ජාතික රණවිරු ස්මාරකය අභියස දී පැවැත්විණ.
මහා සංඝරත්නය ප්‍රමුඛ අන්‍යාගමික පූජකවරුල අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහලකතානායක කරු ජයසූරියල විපක්ෂනායක මහින්ද රාජපක්ෂ, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරු, ආරක්ෂක ලේකම් ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ මහතා සහ ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානි ඇතුළු ත්‍රිවිධ හමුදාපතිවරු, ආරක්ෂක අංශ ප්‍රධානින් සහ ජාතික රණවිරු සේවා අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ජම්මික ලියනගේ මහතා ඇතුළු නිලධාරීහුල මියගිය සහ ආබාධිත වූ රණවිරුවන්ගේ පවුල්වල ඥාතීහු ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.
|
|
![]() ![]() |
![]() |
![]() |
| (ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා) |





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ එතකොට අර " ලෝකයේ හොඳම හමුදාපති " කියලා යුද්ධය දිනලා කේක් කපන්න දුන්නු එක්කෙනා? ඔතන ඉන්න සමහරුන්ට දැන් එයාගේ මුහුණ බලන්න අමාරුයිද?
ජීවිත, ඇස්,ඉස්, මස්, ලේ පූජා කෙරුවේ ඔබලානේ.. එමගින් ලක්මව බේරුවේ රණවිරු ඔබලානේ... ඔබලා හමුදාවට බාරකළ රත්තරන් අම්මාවරුනේ... සදා ණය ගැතියි ලක්වැසි අප අම්මාවරුනේ....
අර ඕන ගොනෙකුට යුද්ධ කළ හැකියි කිව්ව" කෙනා "පේන්න හිටියේ නැහැ.. කොහේ මක බෑ වුණාද අම්මපා...?
රණවිරු බුද්ධි අංශ අතට දුන්නු බුද්ධි තොරතුරු අස්සේ ගහගෙන ඉඳලා කිරිසප්පයින් ඇතුළු අහිංසකයන් 300ක් පරලොව අරින්න සම්මාදම් වුණු හැම කෙනාම ලැජ්ජා නැතුව අද සමරන අපූරුව තමයි.
මියගියේ සටනේදී අපෙ රණවිරුවන්නේ....// ලක්මව හොඳහැටි ඒ ඔක්කොම දන්නවනේ...// අඩබෙර ගහන්නේ කොහෙවත් යන හරකුන්නේ...// කරපිය "නුඹේ" යුතුකම රණවිරුවන් වෙනුවෙන්නේ...//
30/1 සමගාමීව අත්සන් කරලා හමුදා පාවා දීලා කරන අවමානයක්ද?
අදටත් රට රකින රණ විරුවන් හටත්, ආබාදිත රණවිරුවන්ටත් , දිවි පිදූ රණවිරුවන්ටත් , තෙරුවන්ගේ ආශීර්වාදය පතමි . සරත් ෆොන්සේකා වැනි රණවිරුවෙක් ඔතන ඉන්න . මුළු දේශයම අගාදයට ගෙන යන දේශ පාලුවන් සමග සිට ගන්නේ නැත.
ෆොන්සේකා හිටියේ නැති උනාට කමක් නැහැ. මතක නැද්ද ජනාධිපතිතුමා නේ යුද්දේ ඉවර කලේ අන්තිම සති දෙකේ. වෙන කවුරුවත් ලංකාවේ හිටියේ නැහැ කිව්වේ අන්තිමට.
දැන්වත් තේරෙනවා ඇති තොප්පිගල කැලයක් නොවන බව, අපේ හමුදාව රටේ ඇල්වේෂන් හමුදාව බවත්, ගොන්නුන්ට යුද්ද කරන්න බැරිබවත්. මට ලැජ්ජාව කියලා දෙයක් තිබෙනවානම් මම මේ උත්සවයට එන්නේ නැත.
මනමාලයා නැති මගුල් ගෙයක්? සරත් ෆොන්සේකා මහතා නෑ! ගෝඨාභය මහතා නෑ !