
(යොහාන් භාසුර සහ බිමල් ශ්‍යමන් ජයසිංහ)
ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ වෘත්තිය සමිති ආරම්භ කළ වර්ජනය හේතුවෙන් අද (28) පස්වරුව වන විට රට පුරා ඉන්ධන පිරවුම්හල්වල දිගු පෝලිම් දැකිය හැකිවිය.
කොළඹ සහ අවට ප්‍රදේශවල ඉන්ධන පිරවුම්හල් අසළ ඊයේ රාත්‍රී දිගු පෝලිම් නිර්මාණය වී තිබීම කැපී පෙනුණි.
වර්ජනය අවසන් නොවුණ හොත් ඉන්ධන පිරවුම්හල් ගැටලුකාරී තත්වයකට පත්වන බවත් රාත්‍රී වන විටත් බොහෝ පිරවුම්හල්වල තොග අවසන්ව තිබූ බවත් ඉන්ධන පිරවුම්හල්හිමියන්ගේ සංගමයේ නිලධාරියෙක් පැවසීය.
(ඡායා බිමල් ශ්‍යාමන් ජයසිංහ)

COMMENTS
මේ වර්ජකයන් පලවා හරින්ට වෙනවා. මුන්ට කිසිම ජන සහායක් දියයුතු නැහැ. වැඩකට නැති, උගත්කමක් නැති දේසපාලන ගැත්තන්ගෙන් පුරවලා තියෙන ආයතනයක්.
ණයට ගැනීමය වීකිනීමයි හැර වෙන කිසිවක් නොදන්න, ඒකෙනුත් හොරා කන මේ දූෂිත අමන හොර රැල පලවා හරින්න ඛණිජ සේවක සටනට වරාය විදුලි හා අනෙකුත් වෘත්තිය සමිති වහා පෙරට පැමිණ සහයෝගය දැක්විය යුතුයි.
අනිවාර්යයෙන් මේ පෙට්‍රෝලියම් එක ප්‍රයිවෙට් කරන්න ඔනෙ.
බොරුවට තෙල් එකතු කරන්නෙ නැතුව,අත්‍යවශ්‍යය රාජකාරි සහ ගමන් යන මනුස්සෙකුට තෙල් ටිකක් ගහගන්න දුන්නනම් හරි නේද.