මීට වසර දෙක හමාරකට පෙර ප්‍රධාන පක්ෂ දෙක එකතුවී ගොඩනගන ලද සම්මුතිවාදී ආණ්ඩුවේ පොහොසත් රටක් හදන දැක්ම V2025 එළිදැක්වීම අද (04) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එහි ප්‍රධාන ආරාධිතයෝ වූහ.
යොවුන් පාර්ලිමේන්තු සාමාජිකයින් වෙත V2025 පිළිගැන්වීම ජනාධිපතිවරයා අතින් සිදු විය. යොවුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් යොමු කරන ලද ප්‍රශ්නවලට ජනාධිපතිවරයා සහ අගමැතිවරයා පිළිතුරු ලබා දුන්හ.
මෙම අවස්ථාවට විශාල පිරිසක් එක්ව සිටියහ.
(ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාස 60න් අලුත් රටක් කියපු රනිල් -මෛත්‍රී , දැන් කියනවා එක වෙන්නේ 2025ලු . එයාලටත් 10ක්ම ඉන්න ආස හිතිලා වගේ
Dina 100,awrudu 2i, itapasse5i, dand 2025 nikkan rata wikunala winasa nokara puluwan kenekuta deela gedara yanawada. Mecchara kal balaye idala rata kaana megollanta thiyena aythiya mokkakda? Dan awrudu kiyak me photos wala inna aya rata hauwada, okata kiyanne nohakiyaya kiyaya la hallo
මේකතාවත් තවත් දවල් හීනයක් වේවිද ?
මේක 2025 වෙනකම් බලයේ ඉන්න චන්ද ගුන්ඩුවක්.
මේ සුරඟන කතා වලට නිමක් නැද්ද? දවසින් දවස ඒවා වඩාත් රසවත් වේ.
තව අවුරුදු 2 ක් හිටියොත් දකින්න රටක් ඉතිරි වෙයිද කියන එකයි කාටත් තියෙනේ ප්‍රශ්නේ. බැංකු කොල්ල කාල පුලුවන්ද රටක් හදන්න.
මහ මගඩියෙන් බිලියන ගනනක් කාලා............... 2025 වනතෙක් වැජඹෙන්නට හිතිලා....................බලයට ගැතිව බොරු ශෝභනයක් දාලා ................... .............අනේ අපිත් මේවට වෙනවාද මුලා ........
දුසිතයෙන් තොර රටක්. මේ දෙගොල්ලටම ඒක කරන්න බැහ. 2020 දී ජනතා විමුක්ති පෙරමුණට දී බලමු.
2025 වන කොට අපේ රට ශ්‍රීලංකාව කියලනම් හැදින්වෙන්නේ නැත,ඒ කාලේදී ඇමරිකන් හෝ ඉන්දියානු කොලනියක් ලෙස මෙරට ප්‍රචලිතවේවි. මේ පාලනය අපේ රටේ සම්පත් විකුණන තරමටම, අපේ රටේ උපදින අනාගත දරුවන්ට ඉන්න හිටින්නවත් තැනක් ඉතුරුකලොත් පුදුමයි. එනිසාම බුද්ධිමත් ජනතාව 2020 නිසි පිළිතුරක් ලබාදේවි.
මේ ගොල්ල තාම රට හදන්න යනවා. හැබැයි හදපු දෙයක්නම් තාම පෙන්නේනේ නැහැ.
තනිකරම මාධ්‍ය සංදර්ශන තමයි මහවුන් දෙන්නා කරන්නේ. ලංකාව කියන 48 ඉඳන් තාමත් දියුණුවෙමින් පවතින රටේ, දේශපාලුවන්ට ( මන්ත්‍රී, ඇමතිවරුන්ට ) දීලා තියෙන සැප සම්පත් සහ ඔවුන් කරනා වංචා-දුෂණවලට හරි විදියට වැට බැන්දොත්.., ඔය කියනදේ පොඩ්ඩක් හරි ප්‍රායෝගිකයි කියන්න පුළුවන්. අගමැතිවරයා හොරකම් නොකෙරුවාට, වටේ ඉන්න වුන්, හිටු කියලයි ගහන්නේ. මිනී නොමැරුවට, එයට අනුබල දීමත් මිනීමැරුමකට සමානයි. රාජපක්ෂවරුන්ගේ වැරදිවලට අවශ්‍ය දඬුවම් දීම පමාවීමටත් ඔයින් කෙනෙක් සමබන්ධයි කියනෙකයි මාධ්‍ය දිගින් දිගටම වාර්තා කරන්නේ. එනිසා.., බයිලා නවත්තලා රට වෙනුවෙන් සහ රටේ දියුණුව වෙනුවෙන් බදු ගෙවනා ජනතාවගෙන් ගන්න පඩියට සාධාරණයක් කරන්න.
සර්වජන ඡන්ද බලය ලැබුන දා ඉදන් අපේ රටේ මිනිස්සු ගොඩ දෙනෙක් කළේ පත්කරගත්ත රජය විවේචනය කරලා එන්න තියන රජයක් හොදයි කියන එක. අන්තිමට උනේ ජාතියක් විදිහට සිංහල ජාතිය පක්ෂ වලට බෙදුනා. ගහගත්තා මරාගත්තා. මේ අතරේ වෙනත් පිරිසක් තමන්ට ඕනේ දේ කරගත්තා නිහඩවම. අදත් ඒක වෙනව. සමහරක් මේ කට ජාතිවාදේ කියයි. නමුත් ඇත්ත ඕක තමයි.
වර්ෂයකින් දෙකකින් ඉවරකරන වැඩක් ගැන කතාකරන්න .මේවා නිකන් කතා විතරයි.
තීරුබදු රහිත මිල කෝටි 7.5 ක් වන කාර් එකේ පින්තූරයක් නැති එක ලොකු අඩුවක්..
ඕනෑම රටකට ඉදිරි දැක්මක් තියෙන්න ඕනෑ වගේම ඒ ඔස්සේ සැලසුම් සකස් කරලා අරමුණු පිහිටුවල ඒ අරමුණු ඉටුකරගන්න වැඩ කරන්න ඕනෑ. ලෝකයේ සෑම රටක්ම එහෙම කරනවා. ජාතික අරමුණු සඳහා එකමුතුව වැඩකරන රටවල් දියුණු වෙනවා. ගොඩක් රටවල් දැනටමත් 2020, 2025, 2030, 2050 වගේ දැක්මවල් ප්‍රකාශයට පත්කරලා තියනවා. හැම දේටම දේශපාලනය ගා ගන්නේ නැතිව ලෝකේ ගැන හොයලා බලන්න.
2025 අලුත්ම හොරාකන දැක්ම. ඇමතිවරු 250 කටත් වැඩියි. මේ අයට උප ඇමතිලා තවත් 500 ක් විතර. ඒගොල්ලන්ට උපදේශකළා තවත් 5000 ක් විතර. එව්වා අස්සේ සබාපතිලා 50000 ක් විතර. මේ ඔක්කොටම හොඳම වාහන. මේ ඔක්කොටම තව උපදේශකළා 10000ක් විතර. මේ ගොල්ලන්ට කිසිම දැක්මක් නැහැ. ඔක්කොම හොරු.