
(ශාන්ත රත්නායක )
කොරෝනා වසංගත දැඩි භයානක ලෙස පැතිරී යන තත්වයත් සමඟ රට වසා දැමිය යුතු බවට වෛද්‍යවරු ඇතුළු බොහෝ දෙනකු රජයට බල කරමින් සිටින මේ මොහොතේදී සියල්ලටම පෙර තමා ආරක්ෂා විය යුතු බවට ජනතාව තීරණය කිරීමෙන් සාමාන්‍යයෙන් කර්ය බහුල කොළඹ පොදු ස්ථාන බොහොමයක් අද (13) රථවහන හා මහජනතාවගෙන් තොර ප්‍රදේශ බවට පත්ව තිබුණි.
කොළඹ කොටුව, බොරැල්ල සහ රාජගිරිය ඇතුළු ප්‍රදේශවලට පැමිණිමෙන් වැළකීමට ජනතාව ස්වයං වාරණයක් පනවා ගෙන ඇති ආකාරයක් දක්නට ලැබිණි.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යනවිදියට ලොක්කාට මෙම තීරණ නිසා මිය යන මිනිසුන් සම්බන්ධව කවදා හරි වගකියන්න වේවි...!!!
දැන් නම් මරබිය හොඳටම දැනිලා වගෙයි. නැත්නම් ඉතින් කොහෙන්ද අපේ රටේ මිනිස්සුන්ට ස්වයං විනයක්. එහෙම නැත්නම්, තමන් නොමැරී ජීවත් වෙලා හිටියොත්, මැරෙන මිනිස්සුන්ගේ ධනය හා දේපොළ කොල්ල කෑමේ සැඟවුණු සැලැස්මක් වෙන්නත් බැරි නැහැ. අනුන්ගේ විපත තමන්ගේ සැපත කර ගන්න පෙරුම් පුරන අය ගැන අපි නොදන්නවයි??
රට වහන්න කියන්නේ මාධ්‍ය මාසේ පඩි ලබන අය.
ඇත්තටම විය යුත්තේ එයයි. එහෙමනම් ජනතාව බුද්ධිමත් .
රට වහන්න අවශ්‍ය නැහැ මිනිස්සු දැනගන්න ඕනේ පරිස්සමින් වැඩකටයුතු කරන්න. ඔලුවේ ඇතුලේ තිබෙන මොලේ පුස්කන්න නොදී පාවිච්චි කරන්න.
පහුගිය අලුත් අවුරුදු කාලේ ඔන්න ඔය වගේ රටේ මිනිසුන් හැසිරුණා නම්, අද රට මේ තත්වයට වැටෙන්නේ නැහැ. අවාසනාවකට අපේ රටේ මිනිසුන් යමක් ඉගෙන ගන්නේ ඒ දේ විපාක විඳීමෙන් පසුවයි. කෙසේවෙතත්, පාලකයින්ට නොවැටහෙන සත්‍ය, රටේ මිනිසුන්ට වැටහීම සතුටට කරුණක්... අවසානයේදී පාලකයින් අපට කියා තිබෙන්නේත් තමන්ගේ ආරක්ෂාව තමන් විසින් සලසා ගත යුතු බව නිසා, රට වැසියන් මෙසේ තමන්ගේ ආරක්ෂාවට වගවීම හොඳ දෙයක් කියලයි...
මේ යන විදියට ආණ්ඩුව බලෙන් රට වසනවාට වඩා තමතමන් ස්වයං වාරණය කරගන්නවා නම් රෝග ව්‍යාප්තිය සහ මරණ අඩුකරගන්න පුළුවන්...
අනේ මන්දා අපිට මොනවා වෙන්නද යන්නේ !
ජනපති අනිවාර්යයෙන්ම මේ මරණවලට වගකිව යුතුයි.පලමු රැල්ල,සෞක්‍ය ය,බලධාරීන් ඉතා හොදින් පාලනය කලා.ඊටපසු ඒ නිලධාරීන් දොස්තරවරුන් පන්නා දමා ඉන්දොයන්,යුක්‍රේන් සහ රුසියන් සංචාරකයො ගේන්න ඉඩ දුන්නා .තමන්ගෙ නෑයින්ට සහ හෙංචයියලාට.අර,ගාමන්ට් ෆැක්ටරියෙ ආසාදිතයින්ට වගකිවය යුත්තන් වසං කලා.කවදාහෝ මේ මහා මිනිස් ඝාතනයට ජනපතිට වග කියන්න වෙනවා.දැන් ඉතිං ජනතාවවත් ගෙවල් වලට වී පරිස්සං විය යුතුයි.
ලෝකයේ ප්‍රීතිමත්ම ජනතාව සිටින රට ශ්‍රී ලංකාව බව මොනවට ඔප්පු කර ඇත.
රටවැසියා බොහෝ දේ තේරුම්ගෙන ඇති බව පෙනේ... ඊළඟ මැතිවරණයේදී දේශපාලකයාට ඒ හැන්දෙන්ම බෙදනබව වැඩි ඈතක නොවේ...
අන්න හොඳයි. අපේ මිනිස්සුන්ට ස්වයං වාරණය තමයි හොඳම කියල තේරුම් ගන්න කොච්චර කල් ගියාද ?
මිනිස්සු මේ විදිහට හරි පරෙස්සම් වෙනවා නම් ඉතා හොඳයි. ඊළඟ මැතිවරණයේදී මෙයාලාගේ ඉරණම ජනතාවටම බාරකරමු. හැබැයි එහෙමයි කියලා ... පුතාණෝලා ගෙනාවොත් එදාටත් රටට අබ සරණ තමයි..
වුවදුරට ගොට්ට ඇදලා නැහැ... ඔබතුමාලා ඕන පැත්තකට ගොටුව අල්ලගන්න ඇතිතරම් නාගන්න මෙතැනදී පරිස්සම් වන්න... එන්නත් ලබාගන්න. ආගම දහම අදහන්න. නිවෙසට වී සිටින්න. ගොටු අල්ලන්න වාද විවාද වලට නොයන්න. එමගින් රෝගය පැතිරෙනවා.