(ඉෂාන් සංජීව)
බඩු මිල අඩු කරමින් වැටුප් වැඩි කරමින් රටේ ජනතාවගේ ආදායම ඉහළ දැමු එකම ආණ්ඩුව වන්නේ එක්සත් ජාතික පෙරමුණු ජාතික රජය බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
යහපාලන රජයේ වත්මන් වැඩසටහන්වල ප්‍රගතිය 2020 වන විට දැකගැනිමට හැකියාව ලැබෙන බව කී අග්‍රමාත්‍යවරයා 2025 වන විට ණය බර නැති සීඝ්‍රයෙන් දියුණුවන රටක් අනාගත පරපුරට උරුම කර දෙන බව ද පැවසීය.
අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශය විසින් සංවිධානය කරන ලද ‘ගමින් ගමට - දොරින් දොරට සැමට සෙවන විසිරි‘ නිවාස වැඩසටහන යටතේ කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාවට නිවාස ඉදිකර ගැනීම සඳහා මූල්‍ය අධාර සහ චෙක්පත් ප්‍රදානය කිරීමේ උත්සවසයට අද (29) සහභාගි වෙමිනි.
එම උත්සවය අරලිය ගහ මන්දිරයේදි පැවැත්විණි.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මනුස්සය කටින්ද මේ කතාකරන්නේ ? එහෙම නැත්නම් ජනතාව තණකොළ කනවා කියල හිතාගෙනද
කොහොමත් මෙය හිතාගෙන ඉන්නේ රටේ ජනතාව හරක් කියලයි.මෙය දන්නේ නැතිවට හරක් ඉන්නේ මෙයාගේ ඔඩොක්කුවෙයි.
කවුරුවත් ගණන් ගන්න එපා.
මැති ඇමතිවරුන්ගේ මන්තිවරුන්ගේ අදායම ඉහළ දැමූ එකම ආණ්ඩුව මෙයයි
මෙතුමා කියන පරිදි ඇඟට දැනන වෙනසක් පේනවද? අධුමතරමින් ෆ්‍රී වයිෆයි දෙනවයි කියල ඡන්ද පොරොන්දුවකුත් දුන්නා. නමුත් ඉන්ටර්නෙට් වලට සීයට 50 ට ආසන්න බද්දක් පැනෙව්වා.
තමන්ගේ පඩිය ගැන විතරක් හිතන.... මිනිස්සු ඉන්න රටක කවදාවත් ගොඩගන්නේ කොහොමද ? එ් වුණාට සුළු ජාතින් එහෙම නැහැ. මහා ජාතියක් වූ සිංහලයෝ හැමදාම හිතුවේ තමාගේ පඩිය ගැන පමණි.
රනිල් මහත්තයෝ, අද අප්‍රේල් පළවෙනිදා නොවේ.