IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


රටේ ආදායම ඉහළ දැමූ එකම ආණ්ඩුව මෙයයි

(ඉෂාන් සංජීව)

බඩු මිල අඩු කරමින් වැටුප් වැඩි කරමින් රටේ ජනතාවගේ ආදායම ඉහළ දැමු එකම ආණ්ඩුව වන්නේ එක්සත් ජාතික පෙරමුණු ජාතික රජය බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

යහපාලන රජයේ වත්මන් වැඩසටහන්වල ප්‍රගතිය 2020 වන විට දැකගැනිමට හැකියාව ලැබෙන බව කී අග්‍රමාත්‍යවරයා 2025 වන විට ණය බර නැති සීඝ්‍රයෙන් දියුණුවන රටක් අනාගත පරපුරට උරුම කර දෙන බව ද පැවසීය.

අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශය විසින් සංවිධානය කරන ලද ‘ගමින් ගමට - දොරින් දොරට සැමට සෙවන විසිරි‘ නිවාස වැඩසටහන යටතේ කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාවට නිවාස ඉදිකර ගැනීම සඳහා මූල්‍ය අධාර සහ චෙක්පත් ප්‍රදානය කිරීමේ උත්සවසයට අද (29) සහභාගි වෙමිනි.

එම උත්සවය අරලිය ගහ මන්දිරයේදි පැවැත්විණි.

 



අදහස් (10)

රටේ ආදායම ඉහළ දැමූ එකම ආණ්ඩුව මෙයයි

Senarath Tuesday, 29 August 2017 03:11 PM

මේ මනුස්සය කටින්ද මේ කතාකරන්නේ ? එහෙම නැත්නම් ජනතාව තණකොළ කනවා කියල හිතාගෙනද

:       276       503

athuraWednesday, 30 August 2017 03:32 AM

තණකොළ කන සමහර ජනතාවට මේ මනුස්සය කියන එක තේරුම් ගන්න අමාරුයි තමයි මහත්මය.

:       445       222

SIRI Tuesday, 29 August 2017 08:47 PM

කොහොමත් මෙය හිතාගෙන ඉන්නේ රටේ ජනතාව හරක් කියලයි.මෙය දන්නේ නැතිවට හරක් ඉන්නේ මෙයාගේ ඔඩොක්කුවෙයි.

:       3       85

athuraWednesday, 30 August 2017 06:27 AM

රටේ ජනතාව හරක් කියල හිතනවා නම් මෙයාට කරන්න තියන එකම දේ පන්සලකට ගිහින් දේශපාලන කතාවක් කරන එකනේ මහත්මය.

:       211       25

ලුම්බිණි Wednesday, 30 August 2017 02:27 AM

කවුරුවත් ගණන් ගන්න එපා.

:       1       27

Rohana Wednesday, 30 August 2017 04:18 AM

මැති ඇමතිවරුන්ගේ මන්තිවරුන්ගේ අදායම ඉහළ දැමූ එකම ආණ්ඩුව මෙයයි

:       2       199

athuraWednesday, 30 August 2017 05:33 AM

මම පුද්ගලික අංශයේ වැඩ කරන කෙනෙක්.අපිට කීයකින් හරි පඩි වැඩිකරන්න කිව්වේ මේ ආණ්ඩුවෙන් විතරයි.

:       211       2

Hafeel Wednesday, 30 August 2017 08:33 AM

මෙතුමා කියන පරිදි ඇඟට දැනන වෙනසක් පේනවද? අධුමතරමින් ෆ්‍රී වයිෆයි දෙනවයි කියල ඡන්ද පොරොන්දුවකුත් දුන්නා. නමුත් ඉන්ටර්නෙට් වලට සීයට 50 ට ආසන්න බද්දක් පැනෙව්වා.

:       2       171

Anura Wednesday, 30 August 2017 03:44 PM

තමන්ගේ පඩිය ගැන විතරක් හිතන.... මිනිස්සු ඉන්න රටක කවදාවත් ගොඩගන්නේ කොහොමද ? එ් වුණාට සුළු ජාතින් එහෙම නැහැ. මහා ජාතියක් වූ සිංහලයෝ හැමදාම හිතුවේ තමාගේ පඩිය ගැන පමණි.

:       0       1

siri Saturday, 09 September 2017 06:24 AM

රනිල් මහත්තයෝ, අද අප්‍රේල් පළවෙනිදා නොවේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 127 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 949 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site